බයිබලය ගැන ඔයාට හිතෙන්නේ මොනවාද?
ඔයා හිතන විදිහට ඒක . . .
-
මිනිසුන්ගේ අදහස් තියෙන පොතක්ද?
-
ගොතපු කතා තියෙන පොතක්ද?
-
දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් ලියවුණු පොතක්ද?
බයිබලයේ කියන්නේ මෙහෙමයි
“මුළු ශුද්ධ ලියවිල්ලම ලියා තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම තුළිනි.”
ඒක විශ්වාස කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන
ජීවිතයේ වැදගත් ප්‍රශ්නවලට උත්තර ලැබෙනවා.
එදිනෙදා ජීවිතයට මඟ පෙන්වීම් ලැබෙනවා.
සැබෑ බලාපොරොත්තුවක් ලැබෙනවා.
බයිබලයේ තියෙන දේ විශ්වාස කරන්න පුළුවන්ද?
ඔව්. හේතු තුනක් බලන්න.
-
අදහස් ගැටෙන්නේ නැහැ. සම්පූර්ණ බයිබලයම ලියන්න අවුරුදු 1,600ක් ගත වුණා. ඒක ලිව්වේ විවිධ පසුබිම්වල හිටිය මිනිස්සු 40දෙනෙක්. ඒ අය අතරින් හුඟදෙනෙක් එකිනෙකාව හඳුනන්නෙත් නැහැ. ඒ වුණත් ඒක ලියලා තියෙන්නේ එකම තේමාවක් ඔස්සෙයි.
-
ලේඛකයන් අවංකයි. සාමාන්‍යයෙන් හුඟක් ඉතිහාසඥයන් තොරතුරු වාර්තා කරද්දී ඒ අය ජාතියක් හැටියට ලැබුව පරාජයන් ගැන සඳහන් කරන්නේ නැහැ. හැබැයි බයිබලය ලියපු අය ජාතියක් විදිහට ඒ අය ලැබුව පරාජයන් ගැන විතරක් නෙවෙයි තමන් අතින් වුණු වැරදි ගැනත් සඳහන් කරලා තියෙනවා.
—2 ලේකම් 36:15, 16; ගීතාවලිය 51:1-4. -
අනාවැකි අකුරටම ඉටු වුණා. බැබිලෝනිය නම් නගරය විනාශ වෙන්න අවුරුදු 200කට කලින් ඒ ගැන බයිබලයේ සඳහන් වෙලා තිබුණා. (යෙසායා 13:17-22) ඒ නගරය විනාශ වෙන විදිහ ගැන විතරක් නෙවෙයි ඒක විනාශ කරන කෙනාගේ නම ගැනත් හෙළි කරලා තිබුණා.
—යෙසායා 45:1-3. බයිබලයේ සඳහන් වෙලා තියෙන තවත් අනාවැකි බොහොමයක් අකුරටම ඉටු වෙලා තියෙනවා. බයිබලය දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් ලියවුණු පොතක් බව අපි බලපු මේ හැම තොරතුරකින්ම පැහැදිලි වෙන්නේ නැද්ද?
—2 පේතෘස් 1:21.
මේ ගැන හිතන්න
බයිබලයේ තියෙන දේවල් ගැන ඉගෙනගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?
ඒකට උත්තරේ බයිබලයේ යෙසායා 48:17, 18 සහ 2 තිමෝති 3:16, 17 යන පදවල සඳහන් වෙනවා.