JW.ORG වෙබ් අඩවිය
නිතර අසන ප්‍රශ්න—JW.ORG
හුඟක් අලුත් ඔපරේටිං සිස්ටම්වල සහ බ්‍රවුසර්වල වැඩ කරනවා. ඔයාගේ බ්රවුස එකේ අලුත්ම වර්ෂන් ඉන්ස්ටෝල් කරගත්තොත් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.
පහත තියෙන බ්‍රවුසර්වල වැඩ කරන්නේ නැහැ:
Internet Explorer වර්ෂන් 8 සහ ඊට කලින් වර්ෂන්ස්. ඔයාගේ කොම්පියුටරේ තවම තියන්නේ Internet Explorer වර්ෂන් 8 හෝ ඊට කලින් වර්ෂන් එකක් නම් ඒකට සපෝට් කරන බ්රවුස එකක් ඉන්ස්ටෝල් කරගන්න.
Opera Mini
පහත තියෙන මොබයිල් ඔපරේටිං සිස්ටම්වල වැඩ කරනවා:
ඇන්ඩ්‍රොයිඩ් 4.0 සහ පසුව
වින්ඩෝස් 8.0 සහ පසුව
iOS 7.0 සහ පසුව (ඊට කලින් තිබුණ iOS ඩිවයිස්වල වැඩ කරන්නේ අඩුවෙන්)
ඒක කරන්න පුළුවන් විදි කිහිපයක් තියෙනවා. ඉන් සමහරක් පහත සඳහන් වෙනවා.
ඔයා Amazon Fire TV, Apple TV (4th generation) නැත්නම් Roku පාවිච්චි කරනවා නම් JW බ්‍රෝඩ්කාස්ටිං ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න.
වෙබ් බ්‍රව්සර් එකක් තියෙන ස්මාර්ට් TV එකක් තියෙනවා නම් ඔයාට jw.org වෙබ් අඩවියට ගිහින් වීඩියෝ බලන්න පුළුවන්. හැබැයි හැම ස්මාර්ට් TV වර්ගයකින්ම අපේ වීඩියෝ බලන්න බැහැ.
jw.org වෙබ් අඩවියේ තියෙන වීඩියෝ TV එකෙන් බලන්න ඔයාට කොම්පියුටර් එකක් නැත්නම් ස්මාර්ට් ෆෝන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ විදිහට ඔයාට වීඩියෝ ස්ට්‍රීම් කරන්න පුළුවන්. එහෙම නැත්නම් දැනටමත් ඩවුන්ලෝඩ් කරලා තියෙන වීඩියෝ බලන්නත් පුළුවන්.
ඔයාට තියෙන්නේ Apple කොම්පියුටර් එකක්, ෆෝන් එකක්, Apple TV ඩිවයිස් එකක් නම් ඔයාගේ TV එකෙන් වීඩියෝ බලන්න AirPlay පාවිච්චි කරන්න පුළුවන්. ඒ ගැන තව විස්තර දැනගන්න Apple ඔන්ලයින් උදව් පිටුවට පිවිසෙන්න.
ඔයාට ගූගල් ක්රෝම්කාස්ට් ඩිවයිස් එකක් තියෙනවා නම් ක්‍රෝම් බ්‍රව්සර් එකක් හරහා ඔයාගේ TV එකට වීඩියෝ යවන්න පුළුවන්. ඒ ගැන තව විස්තර දැනගන්න ගූගල් ඔන්ලයින් උදව් පිටුවට පිවිසෙන්න.
ඔයාගේ කොම්පියුටර් එක, ටැබ් එක, ස්මාර්ට් ෆෝන් එක HDMI, DVI, VGA නැත්නම් S-Video කේබල් එකක් පාවිච්චි කරලා TV එකට සම්බන්ධ කරන්න පුළුවන්. ඒක කරන විදිහ දැනගන්න ඔයා පාවිච්චි කරන ඩිවයිස් එකේ අත්පොත සහ ඔයාගේ TV එකේ අත්පොත බලන්න.
JW.ORG වෙබ් අඩවිය පාවිච්චි කරලා හුරුවක් තියෙන යාළුවෙක්ගෙන් උදව්වක් ඉල්ලගන්න. එහෙම නැත්නම් ළඟම ශාඛා කාර්යාලය අමතන්න.