Skip to content

Blue Planet Archive/Mark Conlin

නිර්මාණයක්ද?

ග්‍රනියන්ගේ බිත්තර දැමිල්ල

ග්‍රනියන්ගේ බිත්තර දැමිල්ල

 ඇමරිකාවේ කැලිෆෝර්නියා වෙරළ තීරයට හරි මෙක්සිකෝවේ වෙරළ තීරයට හරි ඔයාට යන්න ලැබුණොත් ඔයා දකියි වෙරළේ ඉන්න පුංචි මාළුවෙක්ව. උගේ නම කැලිෆෝර්නියා ග්‍රනියන්. ඊළඟ පරම්පරාව බිහි කරන්න බිත්තර දාන්න ඕනෙ දවස් සහ වෙලාවල් මේ පුංචි මොළකාරයා තිතටම දන්නවා.

 මේ ගැන හිතන්න: නව සඳ පායන දවස්වල හරි පුර සඳ පායන දවස්වල හරි එන ඉහළම වඩදිය නැඟීමෙන් රැයවල් තුන, හතරකට පස්සේ තමයි ග්‍රනියන් මාළුවා බිත්තර දාන්නේ. බැරි වෙලාවත් වඩදියට කලින් ඌ බිත්තර දැම්මා නම් ඉහළ වඩදිය රැල්ලට අහු වෙලා බිත්තර ඔක්කොම මුහුදට හේදිලා යනවා. ඒත් ඉහළම වඩදිය රැල්ලෙන් පස්සේ, බිත්තර තියෙන හරියට රැල්ල සැරට වදින්නේ නැති නිසාත් පොඩි පොඩි රැලිවලින් ටිකෙන් ටික වැලි ගොඩට ගහන නිසාත් බිත්තරවලට කිසිම හානියක් වෙන්නේ නැහැ. මොකද වැලි යට බිත්තර ආරක්ෂිතව තියෙනවා.

Wally Skalij/Los Angeles Times via Getty Images

 වසන්ත සහ ගිම්හාන ඍතුවලදී දවල්ට වඩා රෑට ගහන රැලි ඈතට යනවා වැඩියි. ඒ නිසා මේ මාළුවා වෙරළට එන්නේ රෑට. ඒ විදිහට ඈතට ගහන රැල්ලක් එක්ක ඌ වෙරළේ උපරිම දුරට එනවා. ඌ එහෙම කරන්නේ ඊළඟට ගහන රැලිවලින් බිත්තරවලට කිසිම හානියක් නොවෙන්නයි.

 මේ මාළුවා වෙරළේ ඈතටම යන ලොකු රැල්ලක් එන කල් බලාගෙන ඉන්නවා. ඊටපස්සේ ඒ රැල්ලත් එක්ක ඌ වෙරළට ඇවිත් එතන ඉඳලත් දඟල දඟල පුළුවන් තරම් ඈතට යනවා. ඉතින් යන්න පුළුවන් උපරිම දුරට ආවාට පස්සේ ඌ අඟල් 2ත් 3ත් (සෙ.මී. 5ත් 8ත්) අතර වළක් හාරලා උගේ වලිගය පැත්ත වළ ඇතුළට දාලා බිත්තර දානවා. ඊළඟට එක පිරිමි සතෙක් හරි පිරිමි සත්තු කීපදෙනෙක් හරි ඇවිත් මේ බිත්තර මතට ශුක්‍රාණු මුදාහරිනවා. මේ ක්‍රියාවලිය ඉවර වුණාට පස්සේ උන් ආයෙත් බඩ ගගා මුහුද පැත්තට ගිහින් ඊළඟට එන රැල්ලත් එක්ක මුහුදට යනවා.

 බිත්තර ටිකෙන් ටික වර්ධනය වෙන්න වැල්ලේ තෙතමනය තියෙන්න ඕනේ. හැබැයි බිත්තර කැඩිලා පැටව් එළියට එන්න නම් සැර රැල්ලක් ඇවිත් වැලිත් එක්ක බිත්තර කැලතෙන්න ඕනේ. ඒක වෙන්නේ ඊට සති දෙකකට විතර පස්සේ එන ඉහළම වඩදිය රැලිත් එක්ක. ඒකෙන් බිත්තර කැඩුණේ නැත්නම් ඊළඟ වඩදිය රැල්ල එන කල් බලන් ඉන්න ඕනේ. ඒකට තවත් සති දෙකක් විතර ගත වෙනවා.

 ඔයාගේ නිගමනය මොකක්ද? බිත්තර දාන්න ඕනෙ කොහොමද, කොයි කාලයේදීද කියලා දැනගන්න ග්‍රනියන් මාළුවාට හැකියාව ලැබුණේ පරිණාමයෙන්ද? නැත්නම් ඒක නිර්මාණයක්ද?