ලොව පුරා ගිය සඟරාවක්
මොංගෝලියාවේ ජීවත් වෙන ඕඩ්වාල් හරියටම දන්නේ නෑ තමන්ගේ වයස කීයද කියලා. හැබැයි ඕඩ්වාල් හිතන්නේ එයා 1921දී ඉපදුණා කියලයි. පොඩි කාලේ ඉඳලම දෙමාපියන්ට අයිති සත්තු බලාගත්ත ඕඩ්වාල්ට ඉස්කෝලේ යන්න හම්බ වුණේ අවුරුද්දක් විතරයි. කියවන්න දන්නේ නැති එයාට ලස්සන පින්තූර තියෙන සඟරාවක් හම්බ වුණා. ඒකෙන් දෙවියන් ගැනත් ඔහුට කීකරු වෙන අයට ලැබෙන ලස්සන අනාගතය ගැනත් එයා දැනගත්තා. ඒ පොතෙන් ඉගෙනගත්ත දේවල් එයාගේ හිතටම කාවැදුණා.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් 2011දී මුදාහැරිය ඒ සඟරාව දෙවිදිහකින් මුද්‍රණය කරනවා. ඒ සඟරා දෙකේම ලස්සන පින්තූර තියෙනවා. එකක අනිත් සඟරාවට වඩා අකුරු අඩුයි.
දැනටමත් භාෂා ගණනාවකින් මුද්‍රණය වෙන ‘දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න’ කියන සඟරාව ළඟදීම භාෂා 583කිනුත් ‘දෙවිට සවන් දෙන්න’ කියන අකුරු අඩුවෙන් තියෙන සඟරාව භාෂා 483කිනුත් ලබාගන්න පුළුවන්. ඒ වගේම මේ සඟරා දෙකේ පිටපත් මිලියන 80ක් විතර දැනටමත් බෙදාහැරලා තියෙනවා. හැබැයි එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශය පවා, 2013 ඔක්තෝබර් මාසය වෙද්දී පරිවර්තනය කරලා තිබුණේ භාෂා 413කට විතරයි.
බ්‍රසීලයේ ජීවත් වෙන මහලු කාන්තාවකට ‘දෙවිට සවන් දෙන්න’ කියන සඟරාව ලැබුණම ගොඩක් සතුටු වුණා. එයා කිව්වේ මෙහෙමයි. “මං වගේ අය ගැනත් සැලකිලිමත් කට්ටියක් ඉන්නවා කියන එක මට ලොකු සතුටක්. මං කියවන්න දන්නේ නැති නිසා කවදාවත් සාක්ෂිකරුවන්ගෙන් සඟරා අරන් නෑ. හැබැයි මට මේ සඟරාව නම් ඕනේ.”
ප්‍රංශයේ ජීවත් වෙන බ්රිෂේට් කවදාවත් ඉස්කෝලේ ගිහින් නැහැ. “මම හැමදාම මේ සඟරාවේ පින්තූර බලනවා” කියලා එයා කිව්වා.
දකුණු අප්‍රිකාවේ සේවය කරන සාක්ෂිකරුවෙක් මෙහෙම ලිව්වා. “මෙහේ ඉන්න චීන ජාතිකයන්ට බයිබලේ තියෙන දේවල් උගන්නන්න මීට වඩා හොඳ සඟරාවක් නං මට මීට කලින් හම්බ වෙලා නෑ. උගත් නූගත් හැමෝම එක්ක මං කතා කරලා තියෙනවා. ඒ හැම කෙනෙක්ටම බයිබලේ තියෙන මූලික සත්‍යයන් ලේසියෙන්ම උගන්නන්න මේ සඟරාව මට ගොඩක් උදව් වුණා. පොඩි වෙලාවකින් ගොඩක් දේවල් උගන්නන්න පුළුවන්.”
ජර්මනියේ ජීවත් වෙන හොඳ අධ්‍යාපනයක් ලබපු යුවළක් එක්ක සාක්ෂිකරුවන් බයිබලය ගැන සාකච්ඡා කරනවා. ඒ පවුලේ ස්වාමිපුරුෂයා මේ සඟරාවලට ගොඩක් කැමතියි. ඔහු මෙහෙම කිව්වා. “ඇයි ඔයාලා මට මේ සඟරා කලින් දුන්නේ නැත්තේ? මේ සඟරා නිසා බයිබලේ තියෙන සිද්ධීන් සහ සමහර පද ලේසියෙන්ම මට තේරුම්ගන්න පුළුවන්.”
මේ සඟරා ගැන ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන බිහිරි කාන්තාවක් කිව්වේ මෙහෙමයි. “අවුරුදු ගාණක් මම ජීවත් වුණේ කොන්වන්ට් එකක. පල්ලියේ පූජකයන්වත් ළඟින් ආශ්‍රය කළා. හැබැයි ඒ කිසිම කෙනෙක් මට දේවරාජ්‍යය ගැන ඉගැන්නුවේ නෑ. ඒත් මේ සඟරාවල තියෙන පින්තූර නිසා මතෙව් 6:10 දේවරාජ්‍යය ගැන කියන දේ දැන් මට තේරෙනවා.”
කැනඩාවේ තියෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය කියන දේ බලන්න. “මෙහේ ජීවත් වෙන සියරා ලියොන් ජාතිකයන්ට ක්‍රියෝ භාෂාවෙන් තියෙන ‘දෙවිට සවන් දෙන්න’ කියන සඟරාව ලැබුණාම එයාලට තේරුණා බයිබලේ තියෙන සත්‍යයන් හැමෝටම කියන්න අපි කොච්චර මහන්සි වෙනවද කියලා. සමහරු කිව්වා ‘ඔයාලා ඇත්තටම මිනිස්සු ගැන සැලකිලිමත් වෙනවා. හැබැයි ගොඩක් අය එහෙම නෑ’ කියලා.”