ඇට්ලන්ටා නගරයට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව සාදරයෙන් පිළිගනියි
“දේවරාජ්‍යය වෙනුවෙන් කැප වෙලා සේවය කරන්න ඔයාලගේ සභාවේ අයට තියෙන දැඩි ආශාව මම හුඟක් අගය කරනවා. අනික් සාක්ෂිකරුවන්ටත් සමාජයේ ඉන්න අයටත් ඔයාලා කරන සේවය අගය කරන්න වටිනවා.”
එහෙම කිව්වේ එක්සත් ජනපදයේ ඇට්ලන්ටා නගරයේ නගරාධිපති වන කසිම් රීඩ් මහතායි. ඔහු ඒක සඳහන් කළේ ඒ නගරයේ පවත්වන්න නියමිත වුණු සමුළු 3කට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව පිළිගනිමින් යවපු ලිපියකයි.
ඒ වගේම නගරයේ බලධාරීන් ලිපියක් මගින් මේ ප්‍රකාශය කළා. ‘ලෝකේ පුරාම මිලියන අටක් විතර ඉන්න සාක්ෂිකරුවන් විවිධ ජාතිවල, විවිධ පසුබිම්වල හිටියත් ඕගොල්ලන්ට තියෙන්නේ එකම අරමුණක්. ඕගොල්ලන්ට ඕනේ බයිබලයේ සඳහන් සියල්ලේ නිර්මාතෘ වන යෙහෝවා දෙවියන්ට ගෞරවය ගේන්නයි.’
ඇට්ලන්ටා නගරයේ 2014 ජූලි සහ අගෝස්තු මාසවල සමුළු තුනෙන් දෙකක් ඉංග්‍රීසි භාෂාවෙනුත් එකක් ස්පාඤ්ඤ භාෂාවෙනුත් පැවැත්තුවා. ඒ සමුළුවලට රටවල් 28කින් විතර පිරිසක් සහභාගි වුණා. ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්තුව වැඩසටහන්, සමුළුවට සහභාගි වුණ අය වෙනුවෙන් රුසියානු භාෂාවටත් ජපන් භාෂාවටත් පරිවර්තනය කළා. සමුළු තුනටම ආපු අයගේ ගණන 95,689යි.
2014 වසර තුළ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ජාත්‍යන්තර සමුළු 24ක් රටවල් 9ක පැවැත්තුවා. ඒවායින් 16ක්ම තිබුණේ එක්සත් ජනපදයේ විවිධ ප්රදේශවලයි.