දෙවියන්ගේ ආදරය හැමදාටම ලබාගනිමු

දෙවියන්ගේ ආදරය හැමදාටම ලබාගන්න උදව් වෙන ප්‍රතිපත්ති සහ සදාචාර ප්‍රමිති බයිබලයේ සඳහන් වෙනවා.

පාලක මණ්ඩලයෙන් ලියුමක්

බයිබලයේ තියෙන සත්‍යයට එකඟව ජීවත් වෙන විදිහ ගැන ඉගෙනගන්න කියලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය හැමෝවම දිරිගන්වනවා.

1වෙනි පරිච්ඡේදය

දෙවියන්ගේ ආදරය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ

දෙවියන්ව අපේ කිට්ටු යාළුවෙක් කරගන්න අපි ලොකු වෑයමක් දරන්න ඕනේ. ඒක කරන්නේ කොහොමද?

2වෙනි පරිච්ඡේදය

නිදොස් හෘදය සාක්ෂියක වටිනාකම

හරි වැරැද්ද තීරණය කරන්න දෙවියන් අපි හැමෝටම හෘදය සාක්ෂියක් දීලා තියෙනවා.

3වෙනි පරිච්ඡේදය

දෙවියන්ට ආදරේ කරන අයව යාළුවන් කරගන්න

අපේ යාළුවන් අපේ හොඳට හරි නරකට හරි බලපානවා. හොඳ යාළුවන්ව තෝරාගන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති මොනවාද?

4වෙනි පරිච්ඡේදය

අධිකාරියක් තියෙන අයට ගරු කරන්න ඕනෙ ඇයි?

පවුලේ අයට, සභාවේ අයට වගේම අනිත් අයටත් ගරු කරන්න අපිට හොඳ හේතුවක් තියෙනවා.

5වෙනි පරිච්ඡේදය

ලෝකයේ මිනිසුන්ට සමාන නොවී ඉන්නේ කොහොමද?

‘ඔබ මේ ලෝකයේ මිනිසුන්ට සමාන නැහැ’ (යොහන් 15:19) කියලා යේසුස් ගෝලයන්ට කිව්වා. ‘ලෝකය’ කියද්දී අදහස් කරන්නේ මොකක්ද? ලෝකයේ මිනිසුන්ට සමාන නොවී ඉන්නේ කොහොමද?

6වෙනි පරිච්ඡේදය

විනෝදයට තෝරාගන්න දේවල් ගැන පරෙස්සම් වෙන්න ඕනෙ ඇයි?

ලෝකයේ විනෝද වෙන්න තෝරාගන්න තියෙන දේවල් කොටසක් කුණු වෙලා තියෙන පලතුරකට සමාන කරන්න පුළුවන්. නරක දේවල් අයින් කරලා හොඳ දේවල් විතරක් තෝරාගන්න උදව් වෙන්නේ මොනවාද?

7වෙනි පරිච්ඡේදය

ඔයා ජීවිතය වටිනා දෙයක් විදිහට සලකනවාද?

ජීවිතය සහ රුධිරය ගැන දෙවියන් හිතන විදිහට හිතන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති මොනවාද?

8වෙනි පරිච්ඡේදය

යෙහෝවා දෙවියන් තම සෙනඟගෙන් පවිත්‍රකම බලාපොරොත්තු වෙනවා

යෙහෝවා දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ ශරීරය, ඇඳුම්, නිවස පිරිසිදුව තියාගන්න එක විතරක් නෙවෙයි. අපේ නමස්කාරය, හැසිරීම, සිතුවිලි ඇතුළු ජීවිතේ හැම කාරණාවකදීම පවිත්‍රව ඉන්න එකත් ඔහු බලාපොරොත්තු වෙනවා.

9වෙනි පරිච්ඡේදය

“වේශ්‍යාකම වෙතින් පලා දුවන්න”

වේශ්‍යාකම කියන්නේ මොකක්ද? ඒකෙන් පලා දුවන්න පුළුවන් කොහොමද?

10වෙනි පරිච්ඡේදය

විවාහය දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක්

විවාහ වෙන එකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද? විවාහ වෙන්න සුදුසු කෙනෙක්ව තෝරාගන්නේ කොහොමද? පවුල් ජීවිතය හැමදාමත් සතුටින් ගත කරන්න පුළුවන් කොහොමද?

11වෙනි පරිච්ඡේදය

විවාහය රැකගන්න

ඕනම විවාහයක ප්‍රශ්න ඇති වෙනවා. හැබැයි හුඟක් බරපතළ ප්‍රශ්නවලට මුහුණ දෙන අයටත් ඒවා විසඳගෙන එයාලගේ බැඳීම ශක්තිමත් කරගන්න පුළුවන්.

12වෙනි පරිච්ඡේදය

‘ප්‍රයෝජනවත් වන දිරිගන්වනසුලු දෙයක් ගැන කතා කරන්න’

වචනවලින් කෙනෙක්ට හොඳක් කරන්නත් ලොකු හානියක් කරන්නත් පුළුවන්. අපේ වචන හරි විදිහට පාවිච්චි කරන්න යෙහෝවා දෙවියන් අපිට උගන්වනවා.

13වෙනි පරිච්ඡේදය

හැම උත්සවයක් ගැනම දෙවියන් සතුටු වෙනවාද?

ලෝකේ පුරාම විවිධ උත්සව සහ නිවාඩු දින මිනිසුන්ගේ ජීවිතවල වැදගත් දෙයක් වෙලා. දෙවියන්ට ඒ උත්සව ගැන හැඟෙන විදිහ තේරුම්ගන්න උදව් වෙන්නේ මොනවාද?

14වෙනි පරිච්ඡේදය

හැම කාරණයකදීම අවංක වෙන්න

අවංක වෙන එක අභියෝගයක් වෙන්න පුළුවන් පැති හතරක් ගැනත් දිගටම අවංකව වැඩ කරන එකෙන් ලැබෙන ප්‍රයෝජන ගැනත් දැනගන්න.

15වෙනි පරිච්ඡේදය

වැඩවලින් සතුටක් ලබන්න

අපි වැඩ කරලා සතුටක් ලබනවාටයි අපේ නිර්මාතෘ කැමති. රැකියාවෙන් සතුටක් ලබන්න උදව් වෙන්නේ මොනවාද? ක්‍රිස්තියානීන්ට සුදුසු නැත්තේ මොන වගේ රැකියාද?

16වෙනි පරිච්ඡේදය

යක්ෂයාට විරුද්ධ වෙන්න

අපි ජීවත් වෙන්නේ සාතන්ගේ පාලනය යටතේ තියෙන ලෝකයක. දෙවියන් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගෙන ඔහුගේ සතුරාගෙන් ආරක්ෂා වෙන්න අපිට පුළුවන් කොහොමද?

17වෙනි පරිච්ඡේදය

හැමදාටම දෙවියන්ගේ ආදරය ලබන කෙනෙක් වෙන්න

දෙවියන්ගේ ආදරය හැමදාටම ලබාගන්න නම් “විශ්වාසය ගොඩනඟාගන්න” කියලා බයිබලයේ කියනවා. ඒක කරන්න පුළුවන් කොහොමද?

අමතර සටහන්

‘දෙවියන්ගේ ආදරය හැමදාටම ලබාගනිමු’ කියන පොතේ සඳහන් වෙන වචනවලින් සහ යෙදුම්වලින් අදහස් වෙන්නේ මොනවාද?