බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
ඇයි අපි දුක් විඳින්නේ, කෙනෙක් මැරුණාම මොකද වෙන්නේ, සතුටින් පවුල් ජීවිතේ ගත කරන්නේ කොහොමද වගේ කාරණා ගැන බයිබලයේ කියන්නේ මොනවාද කියලා තේරුම්ගන්න මේ පොත උදව් වෙයි.
ඇයි මේ වගේ දේවල් වෙන්නේ?
ඇයි මේ තරම් ප්‍රශ්න කියලා ඔයා හිතනවා ඇති. දුක් වේදනා, ලෙඩ රෝග, මරණය වගේ දේවල් දෙවියන් ඉක්මනින්ම නැති කරනවා කියලා බයිබලයේ තියෙනවා.
1වෙනි පරිච්ඡේදය
සැබෑ දෙවියන් මොන වගේ කෙනෙක්ද?
දෙවියන් ඔයා ගැන සැලකිලිමත් කියලා ඔයා හිතනවාද? දෙවියන් මොන වගේ කෙනෙක්ද කියලත් ඔහුගේ යාළුවෙක් වෙන්න ඔයාට පුළුවන් කොහොමද කියලත් දැනගන්න.
2වෙනි පරිච්ඡේදය
බයිබලය දෙවියන්ගෙන් ලැබුණු පොතක්
ඔයාට තියෙන ප්‍රශ්නවලට හොඳින් මුහුණ දෙන්න බයිබලයේ උපදෙස් උදව් වෙන්නේ කොහොමද? බයිබලයේ තියෙන අනාවැකි විශ්වාස කරන්න පුළුවන් ඇයි?
4වෙනි පරිච්ඡේදය
යේසුස් ක්‍රිස්තුස් කවුද?
ගැලවුම්කරු යේසුස් කියලා කියන්නේ ඇයි කියලා දැනගන්න. ඔහු ආවේ කොහෙන්ද, ඔහුට දෙවියන්ගේ එකම පුත්‍රයා කියන්නේ ඇයි කියලත් දැනගන්න.
5වෙනි පරිච්ඡේදය
දෙවියන් මිනිසුන්ට දීපු වටිනාම තෑග්ග
යේසුස්ගේ ජීවිත පූජාව ඕන වුණේ ඇයි? ඒකෙන් ප්‍රයෝජන ගන්න නම් ඔයා කරන්න ඕනෙ මොනවාද?
6වෙනි පරිච්ඡේදය
මැරුණාට පස්සේ මොකද වෙන්නේ?
මැරුණු අය ඉන්නේ කොහෙද කියන එක ගැනත් මිනිසුන් මිය යන්නේ ඇයි කියන එක ගැනත් බයිබලයේ කියන දේ දැනගන්න.
7වෙනි පරිච්ඡේදය
මැරුණු අයට ආයෙත් ජීවිතය ලැබෙයිද?
ඔයා ආදරේ කරපු කෙනෙක් මැරිලා තියෙනවාද? එයාව ආයෙත් දකින්න පුළුවන් වෙයිද? නැවත නැඟිටීම ගැන බයිබලයේ කියන්නේ මොනවාද කියලා ඉගෙනගන්න.
8වෙනි පරිච්ඡේදය
දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?
හුඟක් අය යේසුස් උගන්වපු යාච්ඤාව දන්නවා. “ඔබගේ රාජ්‍යය පැමිණේවා” කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද?
9වෙනි පරිච්ඡේදය
ලෝක විනාශය ළං වෙලාද?
ලෝකේ සිද්ධ වෙන දේවල් වගේම මිනිසුන්ගේ ගතිපැවතුම් දිහා බලද්දී අපි ජීවත් වෙන්නේ මේ දුෂ්ට සමාජයේ අවසාන දවස්වලයි කියලා තේරුම්ගන්න බයිබලයේ තියෙන තොරතුරු උදව් වෙන්නේ කොහොමද කියලා බලන්න.
10වෙනි පරිච්ඡේදය
දේවදූතයන් සහ භූතයන් කියන්නේ කාටද?
දේවදූතයන් ගැනත් භූතයන් ගැනත් තොරතුරු බයිබලයේ සඳහන් වෙනවා. එයාලා ඇත්තටම ඉන්නවාද? අපිට උදව් කරන්නත් අපිට හානියක් කරන්නත් එයාලට පුළුවන්ද?
11වෙනි පරිච්ඡේදය
අපි දුක් විඳින්නේ ඇයි?
ලෝකේ වෙන හැම විපතකටම වග කියන්න ඕනෙ දෙවියන් කියලා හුඟක් අය කියනවා. ඔයා මොනවාද හිතන්නේ? දුක් වේදනාවලට හේතුව ගැන දෙවියන් කියන දේ දැනගන්න.
12වෙනි පරිච්ඡේදය
දෙවියන්ගේ යාළුවෙක් වෙන්න ඔයාටත් පුළුවන්
යෙහෝවා දෙවියන් සතුටු වෙන විදිහට ජීවත් වෙන්න පුළුවන්. ඔයාට පුළුවන් දෙවියන්ගේ යාළුවෙක් වෙන්න.
13වෙනි පරිච්ඡේදය
ජීවිතය වටිනා තෑග්ගක්
ගබ්සාව ගැන, ලේ ගන්න එක ගැන, සතුන්ගේ ජීවිත ගැන දෙවියන්ට හැඟෙන්නේ කොහොමද?
14වෙනි පරිච්ඡේදය
සතුට පිරුණු පවුල් ජීවිතයක් ඔයාටත්
යේසුස් පෙන්වපු ආදරය ආදර්ශයට ගන්න සැමියෙකුට, බිරිඳකට, දෙමාපියන්ට වගේම දරුවන්ට පුළුවන්. ඒ ගැන යේසුස්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?
15වෙනි පරිච්ඡේදය
දෙවියන් පිළිගන්න නමස්කාරය
සැබෑ ආගමට අයිති අයව හඳුනාගන්න උදව් වෙන දේවල් කිහිපයක් බලන්න.
16වෙනි පරිච්ඡේදය
මුළු හිතින්ම සැබෑ දෙවියන්ට නමස්කාර කරන්න
ඔයා විශ්වාස කරන දේවල් ගැන අනිත් අයට කියද්දී ඔයාට මුහුණ දෙන්න වෙන අභියෝග මොනවාද? එයාලගේ හිත රිද්දන්නේ නැතුව ඔයාට ඒක කරන්න පුළුවන් කොහොමද?
17වෙනි පරිච්ඡේදය
දෙවියන් එක්ක කතා කරන්න ඔයාටත් පුළුවන්
ඔයාගේ යාච්ඤාවලට දෙවියන් ඇහුම්කන් දෙනවාද? ඒකට උත්තර දැනගන්න නම් යාච්ඤාව ගැන බයිබලයේ කියන්නේ මොනවාද කියලා දැනගන්න ඕනේ.
18වෙනි පරිච්ඡේදය
මගේ ජීවිතය දෙවියන්ට කැප කරලා බව්තීස්ම වෙන්න ඕනෙද?
බව්තීස්මයට සුදුසුකම් බලන්න නම් ඔයා කරන්න ඕනෙ මොනවාද? බව්තීස්ම වෙන එකෙන් අදහස් කරන්නේ මොකක්ද කියලත් බව්තීස්ම කරන්නේ කොහොමද කියලත් දැනගන්න.
19වෙනි පරිච්ඡේදය
යෙහෝවා දෙවියන් එක්ක තියෙන යාළුකම දිගටම තියාගන්න
දෙවියන් අපි වෙනුවෙන් කරලා තියෙන දේවලට අගය සහ ආදරය පෙන්වන්න පුළුවන් කොහොමද?
අමතර සටහන්
‘බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු’ පොතේ තියෙන වචන සහ යෙදුම් ගැන කෙටි විස්තරයක්.