මට දෙවිගේ මිතුරෙක් වෙන්න පුළුවන් කොහොමද?
35වෙනි පරිච්ඡේදය
මට දෙවිගේ මිතුරෙක් වෙන්න පුළුවන් කොහොමද?
යෙහෝවා දෙවිගේ මිතුරෙක් වෙලා ඉන්න එක කොච්චර වටිනවාද කියලා ජෙරමි අද්දැකීමෙන්ම තේරුම්ගත්තා. එයා මෙහෙම කියනවා. “මට වයස අවුරුදු 12දී තාත්තා අපිව දාලා ගියා. අනේ, තාත්තව ආපහු අපි ළඟට එවන්න කියලා එක දවසක් රෑ මං දෙවිගෙන් ඉල්ලුවා.”
තාත්තා ගැන හිතහිත හරිම දුකෙන් හිටපු දවසක ජෙරමි බයිබලය කියවන්න පටන්ගත්තා. ඒක කියවගෙන යද්දී ගීතාවලිය 10:14 තිබුණු මේ දේ එයාගේ හිතට තදින් කාවැදුණා. ඒ පදේ දෙවි ගැන මෙහෙම කියලා තියෙනවා. “අසරණ තැනැත්තාද පියා නැති දරුවාද ඔබේ පිහිට පතන්නෝය. ඔවුන්ට උපකාර කරන්නේ ඔබයි.” ඒක කියෙව්වට පස්සේ ජෙරමිට හැඟුණු විදිහ එයා මෙහෙම කියනවා. “තාත්තා කෙනෙක් වගේ මගේ ළඟින් ඉන්න දෙවිම මට පොරොන්දු වුණා කියලයි මට හිතුණේ. ඇත්තටම යෙහෝවා දෙවි තරම් හොඳ තාත්තා කෙනෙක් තවත් ඉන්නවාද!”
යාකොබ් 4:8) ඒකෙන් තේරෙන්නේ යෙහෝවා දෙවිගේ කිට්ටු මිතුරෙක් වෙන්න ඔයාටත් පුළුවන් කියලයි. ඔයාට දෙවිව පේන්නේ නැති වුණත් දෙවි ඔයාට වඩා ගොඩක් උසස් කෙනෙක් වුණත් ඔයාව මිතුරෙක් කරගන්න දෙවි හුඟක් කැමතියි. ඒක කොච්චර වටින දෙයක්ද!
“දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වෙයි” කියලා බයිබලයේ කියලා තියෙනවා. (හැබැයි දෙවි එක්ක මිත්‍රත්වයක් ඇති කරගෙන ඒක දිගටම තියාගන්න ඔයාගේ පැත්තෙන් කරන්න ඕන දේවලුත් තියෙනවා. ඒක තේරුම්ගන්න මේ උදාහරණය ගැන බලන්න. පෝච්චියක හිටවපු මල් පැළයක් ඔයා ළඟ තියෙනවා. ඒක හොඳට හැදිලා මල් එන්න නම් ඒකට නිතරම වතුර දාන්න ඕනේ. අව්ව සැරට වැටෙන්නේ නැති හොඳ තැනකින් ඒක තියන්නත් ඕනේ. ඒ වගේ තමයි ඔයා දෙවි එක්ක ඇති කරගන්න මිත්‍රත්වයත්. ඒක දිගටම ශක්තිමත්ව තියාගන්න නම් ඔයා කරන්න ඕන දේවල් තියෙනවා. ඒවා මොනවාද?
බයිබලය කියවන එක හරිම වැදගත්
සාමාන්‍යයෙන් හොඳ යාළුවෙක් අනිත් යාළුවා කියන දේට හොඳට ඇහුම්කන් දෙනවා. ඒ වගේ තමයි දෙවිගේ මිතුරෙක් වෙන්න නම් දෙවි කියන දේට ඇහුම්කන් දෙන එකත් හරිම වැදගත්. බයිබලය කියවලා ගීතාවලිය 1:2, 3.
ඒ ගැන කල්පනා කරද්දී ඔයා කරන්නේ දෙවිට ඇහුම්කන් දෙන එකයි.—අද ඉන්න හුඟක් යෞවනයන් පොතක් පතක් කියවලා ඒකේ තියෙන දේවල් ගැන හිතලා බලන්න කාලේ ගන්න එච්චර කැමති නැහැ. එයාලා කැමති TV බලන්න, ගේම්ස් ගහන්න නැත්නම් යාළුවොත් එක්ක එකතු වෙලා විනෝද වෙන්න. සමහරවිට ඔයාත් එහෙම වෙන්න ඇති. හැබැයි දෙවිගේ මිතුරෙක් වෙන්න ඔයා කැමති නම් ඔයා අනිවාර්යයෙන්ම බයිබලය කියවලා දෙවි කියන දේවලට ඇහුම්කන් දෙන්න ඕනේ.
බයිබලය කියවලා ඒ ගැන හිතලා බලන එක කරදරයක් කියලා හිතන්න එපා. ඒක සතුටින් කරන්න ඔයාට ඉගෙනගන්න පුළුවන්. ඔයා මුලින්ම කරන්න ඕනේ බයිබලය කියවන්න වෙලාවක් වෙන් කරගන්න එකයි. ලයිස් කියන යෞවනිය එහෙම කළා. එයා කිව්වේ, “මං හැමදාම උදේ නැඟිට්ට ගමන් බයිබලය කියවනවා” කියලයි. මරියා කියන යෞවනියත් හැමදාම නිදාගන්න කලින් බයිබලයෙන් පොඩි කොටසක් කියවන්න වෙලාවක් වෙන් කරගත්තා.
බයිබලය කියවලා ඒ ගැන හිතලා බලන එක තව සතුටින් කරන්න 292වෙනි පිටුවේ තියෙන කොටුවේ තොරතුරු ඔයාට උදව් වෙයි. හැමදාම විනාඩි 30ක් විතර අරගෙන බයිබලය කියවන්න ඔයාට පුළුවන් කොයි වෙලාවෙද?
․․․․․
බයිබලය කියවන්න පටන්ගත්තම ඔයාට තේරෙයි ඒක හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි කියලා. මොකද තේරුම්ගන්න අමාරු
දේවලුත් බයිබලයේ තියෙනවා. අවුරුදු 11ක් වයස ජෙස්රේල් මෙහෙම කියනවා. “බයිබලයේ තියෙන සමහර දේවල් කියවලා එකපාරටම තේරුම්ගන්න අමාරුයි. ඒවා කියවන්න එච්චර ආස හිතෙන්නෙත් නැහැ.” ඔයාටත් එහෙම හිතෙනවාද? ඒත් බයිබලය කියවන එක අත්හරින්න එපා. බයිබලය කියවන හැම වතාවකදීම හිතන්න යෙහෝවා දෙවි ඒ කියන්නේ ඔයාගේ කිට්ටුම මිතුරා ඔයාට කතා කරනවා කියලා. ඒ විදිහට හිතලා ඔයා දිගටම බයිබලය කියවද්දී ඒකෙන් ඔයාට ලොකු සතුටක් වගේම හුඟක් ප්‍රයෝජන ගන්නත් පුළුවන්.යාච්ඤාව අතපසු කරන්න එපා
යාච්ඤාව කියන්නේ දෙවිත් එක්ක කතා කරන එකටයි. බයිබලයේ කියන්නේ, “යාච්ඤාවෙන් හා කන්නලව්වලින් ඔබේ සියලු ඉල්ලීම් දෙවිට පවසන්න. එමෙන්ම ඔහුට ස්තුති කිරීමටද අමතක නොකරන්න” කියලයි. (ෆිලිප්පි 4:6) දවසේ ඕනම වෙලාවක ඔයාට යෙහෝවා දෙවිට කතා කරන්න පුළුවන්. ඔයාට ඇහුම්කන් දෙන්න දෙවි හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඇත්තටම යාච්ඤාව කියන්නේ මොන තරම් අගය කරන්න ඕන දෙයක්ද!
යාච්ඤාවෙන් ඔයාට දෙවිට ගොඩක් දේවල් කියන්න පුළුවන්. ඔයාගේ හිතේ තියෙන ප්‍රශ්න ගැන, ඔයා දුක් වෙන දේවල් ගැන දෙවිට කියන්න. ඒ වගේම ඔයාට සතුටු වෙන්න පුළුවන් දේවල් ගැනත් දෙවිට ස්තුති කරන්න. සාමාන්‍යයෙන් යාළුවෙක් ඔයා වෙනුවෙන් මොකක් හරි දෙයක් කළාම ඔයා එයාට ස්තුති කරන්නේ නැද්ද? එහෙමනම් යෙහෝවා දෙවි ඔයා වෙනුවෙන් කරලා තියෙන දේවල්වලටත් ස්තුති කරන්න ඕනේ නේද? ඇත්තටම වෙන කිසිම යාළුවෙක් යෙහෝවා දෙවි තරම් හොඳ දේවල් ඔයා වෙනුවෙන් කරලා නැහැ.—ගීතාවලිය 106:1.
ඔයා දෙවිට ස්තුති කරන්න කැමති සමහර දේවල් මොනවාද?
․․․․․
සමහර වෙලාවලදී ඔයාගේ හිතට ලොකු බරක්, වේදනාවක් දැනෙනවා ඇති. ඒ වගේ වෙලාවලදී යෙහෝවා දෙවිට ඒක කියන්න. බයිබලයේ කියන මේ දේ අමතක කරන්න එපා. “ඔබේ සියලු බර යෙහෝවා දෙවිට භාර දෙන්න. එවිට ඔහු ඔබව ශක්තිමත් කරන්නේය. ඔහු කිසිදාක ධර්මිෂ්ඨයාට වැටෙන්න ඉඩ නොදෙන්නේය.”—ඔයාගේ හිතට දුකක් දෙන මොන දේවල් ගැනද ඔයා දෙවිට කියන්න කැමති?
․․․․․
දෙවි ඔයාට පෙන්නලා තියෙන ආදරේ ගැනත් හිතන්න
දෙවි ඔයාට පෙන්නලා තියෙන ආදරේ, සැලකිල්ල ගැන හිතන එකත් දෙවි එක්ක කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්න ඔයාට උදව් වෙනවා. දෙවිගේ විශ්වාසවන්ත සේවකයෙක් වුණු දාවිත් එහෙම කළා. ඊශ්‍රායෙල් දේශය පාලනය කරපු සාවුල් රජ, දාවිත්ව මරන්න හොයපු කාලේ දාවිත් ජීවත් වුණේ හරිම අමාරුවෙන්. එකපාරක් එයා, සාවුල් රජුගෙන් බේරෙන්න පිලිස්තිවරුන්ගේ දේශයට පලා ගියා. හැබැයි එහේ හිටියෙත් එයාගේ හතුරෝ. එයාලා දාවිත්ව මරන්න හදද්දී එයා පිස්සෙක් වගේ රඟපාලා ජීවිතේ බේරගත්තා. (1 සාමුවෙල් 21:10-15) ඒ වෙලාවේ එයාගේ ජීවිතේ බේරගන්න පුළුවන් වුණේ යෙහෝවා දෙවි එයාට උදව් කරපු නිසා කියලා දාවිත් හොඳටම තේරුම්ගත්තා. “මම යෙහෝවා දෙවිගෙන් උපකාර ඉල්ලුවෙමි. ඔහු මට සවන් දී මා තුළ තිබූ බිය මාගෙන් ඉවත් කළේය” කියලා දාවිත් කිව්වේ ඒ නිසයි.—ගීතාවලිය 34:4.
යෙහෝවා දෙවි එයාට පෙන්නපු ආදරේ, සැලකිල්ල ගැන දාවිත් කල්පනා කරපු නිසා දෙවි ගැන එයාට ලොකු අගයක් ඇති වුණා. දෙවිට තව ළං වෙන්න ඒක එයාට උදව් වුණා. ඒ නිසා තමයි දාවිත් ගීතාවලිය 34:8. *
කිව්වේ, “යෙහෝවා දෙවි යහපත් බව රස බලා දැනගන්න” කියලා.—යෙහෝවා දෙවිගේ ආදරේ, සැලකිල්ල ඔයාටත් දැනුණු අවස්ථා තියෙනවාද? ඒවා ලොකු දේවල් වෙන්න ඕනේ නැහැ. හැමදාම යෙහෝවා දෙවි ඔයා වෙනුවෙන් කරන පොඩි පොඩි දේවල් ගැනත් හිතලා බලන්න. දෙවිගේ ආදරේ, සැලකිල්ල ඔයා අද්දකින්නේ කොහොමද කියලා ලියන්න.
․․․․․
සමහරවිට බයිබලයේ තියෙන දේවල් ඔයාට කියලා දෙන්න ඇත්තේ ඔයාගේ දෙමාපියන් වෙන්න ඇති. ඒක කොච්චර ලොකු ආශීර්වාදයක්ද! හැබැයි දෙවිත් එක්ක මිත්‍රත්වයක් ඇති කරගන්න පියවර ගන්න ඕනේ ඔයාමයි. වෙන කාටවත් ඒක ඔයා වෙනුවෙන් කරන්න බැහැ. ඔයා තාම දෙවිගේ මිතුරෙක් වෙන්න පියවර අරන් නැත්නම් ඒ පියවර ගන්න මේ පරිච්ඡේදේ තියෙන තොරතුරු ඔයාට උදව් වෙයි. ඔයා දෙවිගේ මිතුරෙක් වෙන්න උත්සාහ කරද්දී දෙවිත් අනිවාර්යයෙන්ම ඔයාට ළං වෙනවා. බයිබලයේ කියන්නෙත් “නොකඩවාම ඉල්ලන්න. එවිට ඔබට දෙනු ලැබෙයි. නොකඩවාම සොයන්න. එවිට ඔබට සම්බ වෙයි” කියලයි.—මතෙව් 7:7.
තවත් දැනගන්න 1වෙනි පොතේ 38වෙනි හා 39වෙනි පරිච්ඡේද බලන්න
බයිබලයෙන් ඔයා ඉගෙනගෙන තියෙන දේවල් අනිත් අයට කියලා දෙන්න ඔයාට අමාරුයිද? ඒ අභියෝගේ ජය ගන්නේ කොහොමද?
[පාදසටහන]
^ 24 ඡේ. එක බයිබල් පරිවර්තනයක මේ පදේ පරිවර්තනය කරලා තියෙන්නේ දෙවි “ගුණවත් බව ඔබම අත්දැකීමෙන් දැනගන්න” කියලයි.—නව අනුවාදය.
බයිබල් උපදෙස
“නිරතුරුවම දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න මහත් ආශාවකින් සිටින අය සන්තෝෂවත්.”—මතෙව් 5:3.
යෝජනාවක්
දවසකට ඔයා බයිබලයේ පිටු පහක් විතර කියෙව්වොත් ඔයාට අවුරුද්දකින් බයිබලය කියවලා ඉවර කරන්න පුළුවන්.
මේක දැනගෙන හිටියාද?
මේ පොත කියවලා බයිබලයේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගන්න ඔයාට පුළුවන් වෙලා තියෙන්නේ යෙහෝවා දෙවි ඔයා ගැන සැලකිලිමත් නිසයි.—යොහන් 6:44.
ඔයාට වැඩක්!
බයිබලය කියවලා ඒ ගැන කල්පනා කරන එක තව හොඳට කරන්න මං මෙහෙම කරනවා ․․․․․
එක දවසක්වත් යාච්ඤාව අතපසු කරන්නේ නැතුව ඉන්න මං මෙහෙම කරනවා ․․․․․
මේ කාරණා ගැන මං දෙමාපියන්ගෙන් අහලා දැනගන්න කැමති දේ ․․․․․
ඔයා හිතන්නේ මොකද්ද?
● බයිබලය කියවලා ඒ ගැන හිතලා බලන එක තව ආසාවෙන් කරන්න ඔයාට පුළුවන් කොහොමද?
● අපේ යාච්ඤාවලට ඇහුම්කන් දෙන්න දෙවි කැමති ඇයි?
● ඔයාගේ යාච්ඤා එකම විදිහේ කියලා හිතෙනවා නම් ඔයාට කරන්න පුළුවන් මොනවාද?
[291වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
‘‘පොඩි කාලේ මං යාච්ඤා කරද්දී කිව්වේ එකම දේවල් ගැනයි. හැබැයි දැන් මං උත්සාහ කරනවා හැම දවසකම වෙච්ච හොඳ දේවල් ගැනයි නරක දේවල් ගැනයි දෙවිට කියන්න. හැම දවසකම එකම විදිහේ දේවල් වෙන්නේ නැති නිසා නිතරම මට දෙවිට කියන්න අලුත් දේවල් තියෙනවා.’’—ඊවා
[292වන පිටුවේ කොටුව⁄පින්තූරය]
බයිබලය කියවලා රස විඳින්න
1. තෝරගන්න. ඔයා කියවන්න කැමති බයිබලයේ තියෙන සිද්ධියක් තෝරගන්න. ඒකේ තියෙන තොරතුරු තේරුම්ගන්න උදව් කරන්න කියලා දෙවිට යාච්ඤා කරන්න.
2. කියවන්න. හදිස්සි වෙන්නේ නැතුව වෙලාව අරගෙන ඒක හොඳට කියවන්න. කියවන ගමන් ඒ සිද්ධිය හිතින් මවාගන්න. ඔයාත් දැන් ඒ සිද්ධියේ ඉන්නවා කියලා හිතන්න. එතැන වෙන දේවල් දකින්න, අහන්න. කෑමවල රස, අවටින් එන සුවඳ විඳින්න.
3. හිතන්න. කියවපු කොටස ගැන හිතන්න මේ ප්‍රශ්න ඔයාට උදව් වෙයි.
● යෙහෝවා දෙවි බයිබලයට මේ සිද්ධිය ඇතුළත් කළේ ඇයි?
● මේ සිද්ධියේ ඉන්න මොන අයවද ආදර්ශයට ගන්න හොඳ? මොන අයවද ආදර්ශයට ගන්න හොඳ නැත්තේ?
● මේ සිද්ධියෙන් මට ඉගෙනගන්න පුළුවන් පාඩම් මොනවාද?
● මේ සිද්ධියෙන් මට යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද?
4. යාච්ඤාවක් කරන්න. කියවපු කොටසෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද, ඒ දේවල් ඔයා අදාළ කරගන්න යන්නේ කොහොමද කියලා දෙවිට කියන්න. දෙවි අපිට බයිබලය දීලා තියෙන එක ගැන ස්තුති කරන්න.
[පින්තූරය]
“ඔබේ වදන් මාගේ පාදවලට පහනක්ය. මා යන මාවතට එළියක්ය.”—ගීතාවලිය 119:105.
[294වන පිටුවේ කොටුව⁄පින්තූරය]
වැදගත් දේට මුල් තැන
යාච්ඤා කරන්න, බයිබලය කියවන්න වෙලාවක් නැහැ කියලා ඔයාට හිතෙනවාද? ඒකට හේතුව ඔයා වැදගත් දේවල්වලට මුල් තැන දෙන්නේ නැති එකද?
මේක කරලා බලන්න: බාල්දියක් අරගෙන තරමක් ලොකු ගල් කීපයක් ඒකට දාන්න. ඊටපස්සේ බාල්දියේ කට ගාවට එනකම් වැලි පුරවන්න.
දැන් බාල්දිය හිස් කරන්න. කලින් දාපු වැලි ටික මේ සැරේ මුලින්ම බාල්දියට දාන්න. ඊටපස්සේ ගල් ටික දාන්න බලන්න. ගල් ඔක්කොම දාගන්න පුළුවන් වුණාද? බැහැ නේද?
ඒකෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන් මොකද්ද? බාල්දියට දාපු වැලි හරියට විනෝද වෙන්න කරන දේවල් වගෙයි. එතකොට ගල්, ජීවිතේ වැදගත් දේවල්වලට සමාන කරන්න පුළුවන්. ඒ කියන්නේ දෙවි එක්ක තියෙන මිත්‍රත්වය ශක්තිමත්ව තියාගන්න ඔයා කරන්න ඕන දේවල්. ඔයා ඒ තරම් වැදගත් නැති දේවල්වලට ජීවිතේ මුල් තැන දුන්නොත් වැදගත් දේවල් කරන්න ඔයාට වෙලාව නැති වෙනවා. ඒක හරියට බාල්දිය මුලින් වැලිවලින් පිරෙව්වා වගෙයි. හැබැයි බාල්දිය මුලින් ගල්වලින් පුරවලා ඊටපස්සේ වැලි දැම්මා වගේ ඔයාත් ‘වඩා වැදගත් දේවල් මොනවාද කියලා පැහැදිලිව අවබෝධ කරගෙන’ ඒවාට මුල් තැන දුන්නොත් විනෝද වෙන්නත් ඔයාට කාලේ හොයාගන්න පුළුවන්.—ෆිලිප්පි 1:10.
[290වන පිටුවේ පින්තූරය]
මල් පැළයක් හොඳට හැදෙන්න සාත්තු කරන්න ඕනේ වගේ දෙවි එක්ක තියෙන මිත්‍රත්වය රැකගන්නත් ඔයා කරන්න ඕනේ දේවල් තියෙනවා