ඉස්කෝලේ ළමයිව ආශ්‍රය කරද්දී පරෙස්සම් වෙන්න ඕනේ ඇයි?
17වෙනි පරිච්ඡේදය
ඉස්කෝලේ ළමයිව ආශ්‍රය කරද්දී පරෙස්සම් වෙන්න ඕනේ ඇයි?
“ළමයි කට්ටියක් එකට එකතු වෙලා ඉන්නවා දැක්කාම එයාලා කොච්චර හොඳ යාළුවෝද කියලා මට හිතෙනවා. මටත් ඒ වගේ යාළුවෝ ඉන්නවා නම් . . . ”—ජෝ.
“ඉස්කෝලේදී යාළුවෝ හොයාගන්න මට එච්චර අමාරු වුණේ නැහැ. හැබැයි ප්‍රශ්නවලට මුලත් ඒකම තමයි.”—මරියා.
යොහන් 15:15) යේසුස් මිය ගිය වෙලාවෙදීත් එයා වැඩියෙන්ම ආදරේ කරපු යොහන් කියන ගෝලයා එයා ළඟින්ම හිටියා. (යොහන් 19:25-27; 21:20) ඔයාත් කැමති අන්න ඒ වගේ යාළුවන්ට නෙමෙයිද?
අපි හැමෝටම යාළුවෝ ඕනේ. හොඳ යාළුවන් දුකේදීත් සැපේදීත් අපි ළඟින් ඉන්නවා. ඒ වගේ යාළුවෝ යේසුස්ටත් හිටියා. යේසුස් හරිම සතුටින් ඒගොල්ලෝ එක්ක කාලය ගත කළා. (සමහරවිට ඔයා හිතනවා ඇති ඔයාට ඉස්කෝලේ ඒ වගේ යාළුවෝ ඉන්නවා කියලා. ඔයාට එහෙම හිතෙන්නේ පන්තියේ ඉන්න දෙන්නෙක් තුන්දෙනෙක් එක්ක ඔයා ගොඩක් කිට්ටුවෙන් ආශ්‍රය කරන නිසා වෙන්න ඇති. සමහරවිට ඔයාලා කරන්න කැමතිත් එක වගේ දේවල් වෙන්න ඇති. ඒ නිසා ඒ වගේ අයව කිට්ටුවෙන් ආශ්‍රය කරන එකෙන් ඔයාට නරකක් වෙයි කියලා ඔයා කීයටවත් හිතන එකක් නැහැ. (1 කොරින්ති 15:33) ඈන් ඉස්කෝලේ ළමයිව කිට්ටුවෙන් ආශ්‍රය කළා. ඒ ගැන එයා මෙහෙම කියනවා. “ඉස්කෝලේ යාළුවන්ව අපිට හැමදාම හම්බ වෙනවා. ඒ නිසා සභාවේ අය එක්ක වගේ නෙමෙයි, එයාලා එක්ක ඉද්දී පුදුම නිදහසක් දැනෙනවා. කියන කරන දේවල් ගැන දෙපාරක් හිතන්න ඕනේ නැහැ.” ලොයිස්ගේ අද්දැකීමත් බලන්න. ඉස්කෝලේ ළමයිව කිට්ටුවෙන් ආශ්‍රය කරපු හේතුව ගැන එයා මෙහෙම කියනවා. “හැමෝම හිතුවට සාක්ෂිකරුවන් අනිත් අයට වඩා වෙනස් කියලා අපි එහෙම නැහැ කියලා පෙන්නන්නයි මට ඕන වුණේ.” ඉස්කෝලේ ළමයිව කිට්ටුවෙන් ආශ්‍රය කරන්න ඒ දෙන්නා කියපු දේවල් හොඳ හේතු කියලා ඔයා හිතනවාද?
මේ ගැන හිතලා බලන්න
මේ පරිච්ඡේදයේ මුලින් කතා කරපු මරියාට ඉක්මනින් හැමෝගේම හිත දිනාගන්න පුළුවන් වුණු නිසා එයාට ගොඩක් යාළුවෝ හිටියා. හැබැයි ආශ්‍රය කරන්න හොඳ කවුද, නරක කවුද කියන වෙනස තේරුම්ගන්න එයාට බැරි වුණා. එයා මෙහෙම කියනවා. “ගැහැනු ළමයි, පිරිමි ළමයි හැම කෙනෙක්ම වගේ මාත් එක්ක හරි එකතුයි කියලා හිතෙද්දී මට සතුටක් දැනුණා. ඒත් දන්නෙම නැතුව මං වැරදි පැත්තට
ඇදිලා ගියා.” ලොයිස්ගේ අද්දැකීම වුණෙත් ඒකමයි. “ඉස්කෝලේ ළමයිගේ ආකල්ප මටත් බලපෑවා. ටික දවසක් යන කොට මාත් එයාලා කරන දේවල් කරන්න පටන්ගත්තා.”ඔයා බයිබලයේ තියෙන ප්‍රතිපත්ති එච්චර අගය කරන්නේ නැති අයව කිට්ටුවෙන් ආශ්‍රය කළොත් කාලයක් යන කොට ඔයාත් ඒගොල්ලෝ වගේ හිතන්න පතන්න, දේවල් කරන්න පටන්ගන්නවා. (හිතෝපදේශ 13:20) මරියාටයි ලොයිස්ටයි වුණෙත් ඒ දේමයි. ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක්. මොකද කෙනෙක්ව දිගටම කිට්ටු යාළුවෙක් විදිහට ආශ්‍රය කරන්න නම් එයා කැමති දේවලුයි ඔයා කැමති දේවලුයි එක වගේ වෙන්න ඕනේ. එහෙමනම් ‘දෙවිට සේවය කරන්නේ නැති අය එක්ක බැඳීම් ඇති කරගන්න එපා’ කියලා බයිබලයේ තියෙන උපදෙස කොච්චර වටිනවාද!—2 කොරින්ති 6:14.
කරන්න පුළුවන් හොඳම දේ
බයිබලයේ තියෙන ඒ උපදෙසින් අදහස් කරන්නේ ඔයා ඉස්කෝලේ ළමයි එක්ක කිසි කතාබහක් නැතුව ඉන්න ඕනේ කියලාද? නැහැ. මොකද ‘හැම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න’ කියලා යේසුස් ආඥාවක් දීලා තියෙනවා. (මතෙව් 28:19) ඒක කරන්න නම් එක එක ජාතීන්වලට, ආගම්වලට, සංස්කෘතීන්වලට අයිති අයව තේරුම්ගන්න ඕනේ. එතකොට තමයි දෙවිගේ පණිවිඩය ගැන ඒගොල්ලන්ට හොඳින් කියලා දෙන්න පුළුවන් වෙන්නේ. අනිත් අයගෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙලා හිටියොත් ඒක කරන්න බැහැ.
යේසුස්ගේ නියෝජිතයෙක් වුණු පාවුල් ගැන ටිකක් හිතන්න. ක්‍රිස්තියානි ආගමේ හිටියේ නැති, වෙන වෙන ජාතිවලට අයිති අයට ඒගොල්ලන්ට ගැළපෙන විදිහට දෙවිගේ 1 කොරින්ති 9:22, 23) ඔයාටත් එහෙම කරන්න පුළුවන්. ඉස්කෝලේ ළමයි හැමෝම එක්ක සුහදව ඉන්න. හොඳට කතාබහ කරන්න. හැබැයි එයාලගේ හැසිරීම, කතාව අනුගමනය කරන්න එපා. ඔයා බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්න තීරණය කළේ ඇයි කියලා එයාලට කලින්ම කියන්න.—2 තිමෝති 2:25.
පණිවිඩය ගැන කියන්න එයාට පුළුවන් වුණේ ඒගොල්ලන්ව හොඳින් තේරුම්ගත්ත නිසයි. (බයිබලයේ තියෙන ප්‍රතිපත්ති අදාළ කරගන්න කොට ඔයා අනිත් අයට වඩා වෙනස් කියලා පැහැදිලිව පෙනෙයි. එහෙම ඉන්න එක එච්චර ලේසි නැහැ. (යොහන් 15:19) ඒත් එහෙම ඉන්න එක ඔයාටම තමයි හොඳ. මේ උදාහරණය ගැන ටිකක් හිතන්න. කීපදෙනෙක් වතුරේ ගිලෙන්න යනවා. හැබැයි ඔයා ඉන්නේ බෝට්ටුවක. ඒ අයව බේරගන්න ඔයාත් වතුරට පනිනවාද? නැහැ, ඔයා කීයටවත් එහෙම කරන්නේ නැහැ. ඔයා බෝට්ටුවෙම ඉඳලා එයාලවත් බෝට්ටුවට ගන්න පුළුවන් හැම දෙයක්ම කරනවා.
ගීතාවලිය 121:2-8) හැබැයි ඒගොල්ලන්ව හොඳ යාළුවෝ කරගන්න ඕන නිසා ඔයා බයිබල් ප්‍රතිපත්ති බාල වෙන විදිහට වැඩ කළොත් ඔයා කරන්නේ හරියට බෝට්ටුවේ ඉඳලා වතුරට පනිනවා වගේ මෝඩ වැඩක්. ඒකෙන් වෙන්නේ ඔයා දෙවිගෙන් ඈත් වෙන එකයි. (එෆීස 4:14, 15; යාකොබ් 4:4) ඔයාට කරන්න පුළුවන් හොඳම දේ තමයි දෙවි එක්ක තියෙන මිත්‍රත්වය රැකගෙන එයාලටත් දෙවිට ළං වෙන්න උදව් කරන එක. ඒක හරියට ඔයා ඉන්න බෝට්ටුවට එයාලවත් ගන්න හදනවා වගේ. ඔයාට ඇත්තටම හොඳ යාළුවෙක් වෙන්න පුළුවන් එහෙමයි.
ඉස්කෝලේ ඉන්න ඔයාගේ යාළුවනුත් හරියට අර වතුරේ ගිලෙන අය වගේ. යෙහෝවා දෙවි එක්ක කිට්ටු බැඳීමක් තියෙන අය ලබන ආරක්ෂාව එයාලට නැහැ. (බයිබල් උපදෙස
“මා මේ සියල්ල කරන්නේ ශුභාරංචිය වෙනුවෙන්ය. එසේ කිරීමෙන් මේ ශුභාරංචිය සියලුදෙනාටම ප්‍රකාශ කරන්න මට හැකියාව ලැබී තිබේ.”—1 කොරින්ති 9:23.
යෝජනාවක්
පන්තියේ ළමයෙක් බයිබලයේ තියෙන දේවල් ඉගෙනගන්න කැමති නම් එයාගේ අදහස් කියන්නත් ඉඩ දෙන්න. බයිබලයේ තියෙන දේවල් කියලා දෙද්දී ‘මෘදුකමින් වගේම ගැඹුරු ගෞරවයකින්’ ඒක කරන්න.—1 පේතෘස් 3:15.
මේක දැනගෙන හිටියාද?
දෙවිට සේවය කරන අයගෙන් වැඩිදෙනෙක් දෙවි ගැන මුලින්ම දැනගෙන තියෙන්නේ පන්තියේ හිටපු සාක්ෂිකරුවෙක්ගෙන්.
ඔයාට වැඩක්!
මං පන්තියේ ළමයෙක් එක්ක ඕනෑවට වඩා යාළුයි කියලා තේරුණොත් මං මෙහෙම කරනවා ․․․․․
මං සාක්ෂිකරුවෙක් නිසා ඉස්කෝලේ ළමයෙක් මට විහිළු කළොත් මං මෙහෙම කරනවා ․․․․․
මේ කාරණා ගැන මං දෙමාපියන්ගෙන් අහලා දැනගන්න කැමති දේ ․․․․․
ඔයා හිතන්නේ මොකද්ද?
● සභාවෙන් හොඳ යාළුවෝ හොයාගන්නවාට වඩා ඉස්කෝලෙන් හොඳ යාළුවෝ හොයාගන්න එක ලේසියි වගේ පේන්නේ ඇයි?
● ඉස්කෝලේ වෙලාවෙන් පස්සේ පන්තියේ ළමයෙක් එක්ක කාලය ගත කරන එකේ තියෙන අනතුරු මොනවාද?
● ඔයා සාක්ෂිකරුවෙක් කියලා පන්තියේ ළමයිට කියන එකේ තියෙන වාසි මොනවාද?
[143වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
‘‘මාත් හැසිරුණේ ඉස්කෝලේ අනිත් ළමයි වගේමයි. ඒ නිසා මට යාළුවෝ හොයාගන්න එච්චර අමාරු වුණේ නැහැ. හැබැයි ඒ අයව ළඟින් ආශ්‍රය කරන එක නුවණට හුරු දෙයක් නෙමෙයි කියලා අද්දැකීමෙන්ම මං ඉගෙනගත්තා. සභාවේ ඉන්න අය තමයි දැන් මගේ විශ්වාසවන්ත යාළුවෝ.’’—ඩැනියෙල්
[146වන පිටුවේ පින්තූරය]
ගිලෙන කෙනෙක්ව බේරගන්න තියෙන හොඳම විදිහ ඔයාත් වතුරට පනින එකද? නැත්නම් මොනවා හරි දෙයක් දාලා එයාව බේරගන්න එකද?