යොහන්ට කරපු එළිදරව්ව 5:1-14
5 සිංහාසනයේ ඉඳගෙන ඉන්න තැනැත්තාගේ+ දකුණු අතේ අකුළන ලියවිල්ලක් තියෙනවා මම දැක්කා. ඒ ලියවිල්ලේ දෙපැත්තේම* ලියලා තිබුණා. ඒක මුද්‍රා හතකින් තදින් මුද්‍රා කරලයි තිබුණේ.
2 ඒ වගේම මම දැක්කා ශක්තිමත් දේවදූතයෙක් කෑගහලා මෙහෙම අහනවා. “මේ ලියවිල්ලේ මුද්‍රා කඩන්නත් ඒක දිගහරින්නත් සුදුසු කෙනා කවුද?”
3 ඒත් ඒ ලියවිල්ල දිගහරින්නවත් ඒකේ තියෙන දේවල් බලන්නවත් පුළුවන් කිසිම කෙනෙක් ස්වර්ගයෙවත් පොළොවෙවත් පොළොව යටවත් හිටියේ නැහැ.
4 ලියවිල්ල දිගහරින්නවත් ඒකේ තියෙන දේවල් බලන්නවත් සුදුසු කිසිම කෙනෙක්ව හොයාගන්න බැරි වුණ නිසා මම හොඳටම ඇඬුවා.
5 එතකොට එක වැඩිමහල්ලෙක් මට මෙහෙම කිව්වා. “අඬන්න එපා. බලන්න! දාවිත්ගේ+ මුල+ ඒ කියන්නේ, යූදා ගෝත්‍රයෙන් ආපු සිංහයා+ ජය අරන් ඉන්නේ.+ ඒ නිසා ලියවිල්ලේ මුද්‍රා හත කඩන්නත් ඒක දිගහැරලා බලන්නත් ඔහු සුදුසුයි.”
6 සිංහාසනය ළඟත්* ජීවීන් හතරදෙනා සහ වැඩිමහල්ලන්+ අතරෙත් බැටළු පැටියෙක් හිටගෙන ඉන්නවා මං දැක්කා. ඒ බැටළු පැටියාව+ මම දැක්කේ හරියට මරලා දාලා+ වගෙයි. ඒ බැටළු පැටියාට අං හතකුයි, ඇස් හතකුයි තිබුණා. ඒ ඇස්වලින් නියෝජනය වෙන්නේ පොළොව පුරාම යවපු දෙවියන්ගේ බලයන් හතයි.+
7 බැටළු පැටියා ඉක්මනටම ගිහින් සිංහාසනයේ ඉඳගෙන ඉන්න තැනැත්තාගේ+ දකුණු අතෙන් ලියවිල්ල ගත්තා.
8 බැටළු පැටියා ලියවිල්ල ගත්තාම ජීවීන් හතරදෙනායි, වැඩිමහල්ලෝ 24දෙනායි+ බැටළු පැටියා ඉස්සරහා දණින් වැටුණා. ඒ වැඩිමහල්ලෝ හැම කෙනෙක් ගාවම වීණාවක් සහ සුවඳ ද්‍රව්‍යවලින් පිරුණු රත්තරන් බඳුන් තිබුණා. (ඒ සුවඳ ද්‍රව්‍යවලින් නියෝජනය වෙන්නේ ශුද්ධ තැනැත්තන් කරන යාච්ඤා.)+
9 එයාලා අලුත් ගීතිකාවක් ගායනා කරකර+ මෙහෙම කිව්වා. “ලියවිල්ල ගන්නත් ඒකේ මුද්‍රා කඩන්නත් සුදුසු තැනැත්තා ඔබයි. මොකද ඔබව මරලා දැම්මා. ඔබ ඔබේ ලේවලින් හැම ගෝත්‍රයකම ඉන්න, හැම භාෂාවක්ම කතා කරන, හැම ජනවර්ගයකටම සහ ජාතියකටම අයිති+ අය අතරෙන් මිනිස්සුන්ව දෙවියන් වෙනුවෙන් මිල දී ගත්තා.+
10 ඔබ එයාලව රාජ්‍යයක් වෙන්න සැලැස්සුවා.+ අපේ දෙවියන් වෙනුවෙන් සේවය කරන්න පූජකයන්+ විදිහට පත් කළා. ඉස්සරහට පොළොවේ රජකම+ එයාලට භාර දෙනවා.”
11 මම බලද්දී සිංහාසනය වටෙත් ජීවීන් සහ වැඩිමහල්ලෝ වටෙත් ඉන්න දේවදූතයන් විශාල පිරිසකගේ හඬ මට ඇහුණා. එතන දේවදූතයන් දසදහස් ගාණක්,+ මිලියන සිය ගාණක් හිටියා.*
12 එයාලා කෑගහලා මෙහෙම කිව්වා. “මරලා දාපු බැටළු පැටියා+ සියලු බලයත් වස්තුවත් ප්‍රඥාවත් ශක්තියත් ගෞරවයත් තේජසත් ආශීර්වාදත් ලබන්න වටිනවා.”+
13 එතකොට ස්වර්ගයෙත් පොළොවෙත් පොළොව යටත්+ මුහුදෙත් ඉන්න හැම ජීවියෙක්ම සහ ඒවාවල තියෙන හැම දෙයක්ම මෙහෙම කියනවා මට ඇහුණා. “සිංහාසනයේ ඉඳගෙන ඉන්න තැනැත්තාටත්+ බැටළු පැටියාටත්+ සදාකාලයෙන් සදාකාලයටම සියලු ප්‍රශංසාවත් ගෞරවයත්+ තේජසත් බලයත් ලැබේවා!”+
14 එයාලා එහෙම කියද්දී ජීවීන් හතරදෙනා “ආමෙන්”* කියලා කිව්වා. වැඩිමහල්ලෝ දණින් වැටිලා නමස්කාර කළා.
පාදසටහන්
^ මූ.අ., “ඇතුල් පැත්තේ සහ පිට පැත්තේ.”
^ හෝ, “මැදත්.”
^ හෝ, “දහසක් වර දහසක්, දසදහසක් වර දසදහසක් හිටියා.”
^ හෝ, “එසේම වේවා!”