ගීතාවලිය 114:1-8
114 ඊශ්‍රායෙල් ඊජිප්තුවෙන් පිටත් වෙලා ගියා.+යාකොබ්ගෙන් පැවතෙන්නන් වෙනත් භාෂාවක් කතා කරන සෙනඟක් අතරින් පිට වෙලා ගියා.
2 ඊටපස්සේ යූදා දෙවියන්ගේ ශුද්ධස්ථානය වුණා.ඊශ්‍රායෙල් ඔහුගේ රාජධානිය වුණා.+
3 ඒක දැකලා මුහුද පලා ගියා.+යොර්දාන් ගඟ ආපස්සට ගියා.+
4 කඳු, බැටළුවන් වගෙත්හෙල්, බැටළු පැටවුන් වගෙත් දුව පැන ගියා.+
5 මුහුද, ඇයි ඔබ පලා ගියේ?+
යොර්දාන් ගඟ, ඇයි ඔබ ආපස්සට ගියේ?+
6 කඳු, ඔබ බැටළුවන් වගේ දුව පැන ගියේ ඇයි?හෙල්, ඔබ බැටළු පැටවුන් වගේ පැන දිව්වේ ඇයි?
7 පොළොව, අපේ ස්වාමීන් නිසා බයෙන් වෙවුලන්න.යාකොබ්ගේ දෙවියන් නිසා බයෙන් ගැහෙන්න.+
8 පර්වතය දිය පොකුණකටත්කලු ගල් පර්වතය දිය උල්පතකටත් හරවන+ දෙවියන්ට ගරුබිය දක්වන්න.