ගීතාවලිය 127:1-5
සලමොන් රචනා කරපු, කන්ද නඟිද්දී ගයන ගීයක්.
127 යෙහෝවා නිවස ගොඩනඟන්නේ නැත්නම්ගොඩනඟන අය කොච්චර මහන්සි වුණත් වැඩක් නැහැ.+යෙහෝවා නුවර ආරක්ෂා කරන්නේ නැත්නම්+මුරකරු අවදි වෙලා හිටියාට කිසිම පලක් නැහැ.
2 දෙවියන්ගේ ආශීර්වාදය නැත්නම්කෑම හොයාගන්න ඔබ උදෙන්ම අවදි වෙලාරෑ වෙන කල් මහන්සි වෙලා වැඩ කළත් කිසිම වැඩක් නැහැ.ඒත් දෙවියන් ඔහුගේ ආදරය දිනාගත්ත අයටඅවශ්‍ය දේවල් වගේම සැපවත් නින්දක් ලබා දෙනවා.+
3 දරුවෝ* යෙහෝවාගෙන් ලැබෙන උරුමයක්.+දූපුතුන්* ඔහුගෙන් ලැබෙන තෑග්ගක්.+
4 තරුණ වයසේදී ලැබෙන දරුවන්බලවත් මිනිසෙක්ගේ අතේ තියෙන ඊතල වගේ.+
5 තමන්ගේ ඊකොපුව ඊතලවලින් පුරවගත්ත මිනිසා ඉන්නේ සතුටින්.+ඔවුන්* ලැජ්ජාවට පත් වෙන්නේ නැහැ.මොකද ඔවුන්* නුවරේ දොරටු ළඟදී සතුරන්ට විරුද්ධව කතා කරනවා.
පාදසටහන්
^ හෝ, “පුතුන්.”
^ මූ.අ., “කුසේ පලය.”
^ මෙතන කතා කරන්නේ පියවරුන් ගැන වෙන්න පුළුවන්.
^ මෙතන කතා කරන්නේ දරුවන් ගැන වෙන්න පුළුවන්.