ගීතාවලිය 130:1-8
කන්ද නඟිද්දී ගයන ගීතයක්.
130 යෙහෝවා දෙවියනි, දුක් සාගරයක ගිලිලා ඉද්දී මම ඔබට කන්නලව් කළා.+
2 අනේ යෙහෝවා, මට ඇහුම්කන් දෙන්න.
මම උදව් ඉල්ලද්දී මට සවන් දෙන්න.
3 යාහ්* දෙවියනි, ඔබ අපේ වැරදි දිහාම බලාගෙන ඉන්නවා නම්,*ඔබ ඉස්සරහා ඉන්න පුළුවන් කාටද යෙහෝවා?+
4 ඇත්තටම සමාව දෙන්නේ ඔබයි.*+මිනිසුන්ට ඔබ ගැන ගරුබියක් ඇති වෙන්නේ ඒ නිසයි.+
5 මම බලාපොරොත්තු තියාගෙන ඉන්නේ යෙහෝවා ගැනයි.මම මුළු හදවතින්ම ඔහු ගැන බලාපොරොත්තු තියනවා.ඔහුගේ පොරොන්දු ඉටු වෙන කල් මම බලාගෙන ඉන්නවා.
6 එළිය වැටෙන කල් මුරකරුවන් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා.+යෙහෝවා මට උදව් කරන කල් මම ඊටත් වඩා ලොකු ආශාවකින් බලාගෙන ඉන්නවා.+
7 ඊශ්රායෙල් ජනයෙනි, යෙහෝවා උදව් කරන කල් බලාගෙන ඉන්න.මොකද යෙහෝවා පෙන්වන ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.+ගැලවීම ලබා දෙන්න ඔහුට මහත් බලයක් තියෙනවා.
8 ඊශ්රායෙල් සෙනඟගේ හැම වරදකින්ම දෙවියන් ඔවුන්ව මුදවගන්නවා.
පාදසටහන්
^ “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.
^ හෝ, “එකින් එක ලියාගන්නවා නම්.”
^ මූ.අ., “සැබෑ සමාව තියෙන්නේ ඔබ ළඟයි.”