ගීතාවලිය 16:1-11
දාවිත් රචනා කරපු මික්ටැම්.*
16 අනේ දෙවියනි, මාව ආරක්ෂා කරන්න. මොකද මම රැකවරණය පතන්නේ ඔබගෙන්.+
2 මම යෙහෝවා දෙවියන්ට මෙහෙම කිව්වා.
“මගේ ජීවිතේ හැම යහපත් දෙයක්ම මට ලැබිලා තියෙන්නේ යෙහෝවා වන ඔබගෙනුයි.
3 පොළොවේ ඉන්න ශුද්ධ තැනැත්තන් නිසා මම සතුටු වෙනවා.ගෞරවය ලබන්න වටින ඒ අය නිසා මට දැනෙන්නේ කියාගන්න බැරි සතුටක්.”+
4 වෙනත් දෙවිවරු පස්සේ යන අයට නිමක් නැති වේදනා අද්දකින්න වෙනවා.+
මම කවදාවත් ඔවුන් එක්ක එකතු වෙලා පාන පූජා විදිහට ලේ ඔප්පු කරන්නේ නැහැ.ඒ දෙවිවරුන්ගේ නමක්වත් මගේ කටින් පිට වෙන්නේ නැහැ.+
5 යෙහෝවා, මගේ උරුමයත්+ සතුටින් පිරුණු මගේ කුසලානයත්+ ඔබයි.
මගේ උරුමය* ආරක්ෂා කරන්නෙත් ඔබමයි.
6 ඔබ මට මැනලා දුන්න කොටස ගැන මම සතුටු වෙනවා.
ඇත්තෙන්ම ඔබ මට දුන්න උරුමය ගැන මං තෘප්තිමත් වෙනවා.+
7 මට අවවාද ලබා දුන්න යෙහෝවා දෙවියන්ට මම ප්‍රශංසා කරනවා.+
මොකද රාත්‍රියේදීත් මගේ සිතුවිලි* මාව නිවැරදි කරනවා.+
8 මං හැම මොහොතකම හිතන්නේ යෙහෝවා මගේ ඉස්සරහා ඉන්නවා කියලයි.+
ඔහු මගේ දකුණු පැත්තේ ඉන්න නිසා මං කවදාවත් වැටෙන්නේ නැහැ.+
9 මගේ ගතත්* හිතත් සතුටින් ඉපිල යනවා.
මං ජීවත් වෙන්නේ කිසිම බයක් නැතුවයි.
10 මොකද ඔබ මාව මිනී වළේ අත්හැරලා යන්නේ නැහැ.+
ඔබට විශ්වාසවන්තව ඉන්න කෙනාට මිනී වළට යන්න ඔබ ඉඩහරින්නේ නැහැ.*+
11 ජීවනයට යන මාර්ගය ඔබ මට පෙන්වලා දෙනවා.+
ඔබ ඉස්සරහා ඉද්දී මට දැනෙන්නේ කියලා නිම කරන්න බැරි සතුටක්!+ඔබේ දකුණු පැත්තේ ඉන්න නිසා මම හැමදාටම සතුට අද්දකිනවා.
පාදසටහන්
^ “පැහැදිලි කිරීමක්” බලන්න.
^ හෝ, “මට වෙන් කරපු කොටස.”
^ හෝ, “ඇතුළාන්ත හැඟීම්.” මූ.අ., “වකුගඩු.”
^ මූ.අ., “මගේ ගෞරවයත්.”
^ හෝ සමහරවිට, “කුණු වෙන්න ඉඩහරින්නේ නැහැ.”