ගීතාවලිය 7:1-17
-
යෙහෝවා ධර්මිෂ්ඨ විනිශ්චයකරුවෙක්
-
“අනේ යෙහෝවා, මාව විනිශ්චය කරන්න” (8)
-
බෙන්ජමින් ගෝත්‍රයට අයිති කූෂ් කියපු දේවල් නිසා දාවිත් යෙහෝවාට ගායනා කරපු ශෝක ගීයක්.
7 යෙහෝවා, මගේ දෙවියනි, මම ආරක්ෂාව පතන්නේ ඔබගෙන්.+
මට පීඩා කරන අයගෙන් මාව ආරක්ෂා කරන්න. මාව බේරගන්න.+
2 ඔබ මගේ උදව්වට ආවේ නැත්නම්,සිංහයෙක් වගේ ඔවුන් මාව ඩැහැගෙන ගිහින් කෑලි කෑලිවලට ඉරලා දායි.+බේරගන්න කවුරුත් නැති නිසා ඔවුන් මාව පැහැරගෙන යයි.
3 යෙහෝවා මගේ දෙවියනි, මං වරදක් කරලා තියෙනවා නම්,මගේ අතින් අයුක්තියක් වෙලා තියෙනවා නම්,
4 මට හොඳක් කරපු කෙනාට මං නපුරක් කළා නම්,+කිසිම හේතුවක් නැතුව මගේ සතුරාගේ වස්තුව පැහැරගත්තා නම්,*
5 මගේ සතුරා පන්නගෙන ඇවිත් මාව අල්ලගන්න ඕනේ.මාව පාගලා මරලා දාන්න ඕනේ.මගේ ගෞරවය පයට පෑගෙන දූවිල්ලක් වගේ වෙන්න ඕනේ. (සීලාහ්)
6 අනේ යෙහෝවා, නැඟිට ඔබේ කෝපය පිට කරන්න.මාත් එක්ක වෛරයෙන් ඉන්න මගේ සතුරන්ට විරුද්ධව සටන් කරන්න.+නැඟිට මං වෙනුවෙන් යුක්තිය ඉටු කරන්න.+
7 ජාතීන්ට ඔබ වටේ එක් රොක් වෙන්න ඉඩහරින්න.ඔබේ සිංහාසනයේ ඉඳන් ඔවුන්ට විරුද්ධව පියවර ගන්න.
8 ජනයාට විරුද්ධව යෙහෝවා දෙවියන් තීන්දුවක් දෙයි.+
අනේ යෙහෝවා, මාව විනිශ්චය කරන්න.එහෙම කරද්දී මං ධර්මිෂ්ඨ, විශ්වාසවන්ත කෙනෙක් කියලා සිහි කරන්න.+
9 ධර්මිෂ්ඨ දෙවියන් ඔබයි.+මිනිසුන්ගේ හිත්,+ ඇතුළාන්ත හැඟීම්*+ සෝදිසි කරලා බලන්නේ ඔබයි.
දෙවියනි, දුෂ්ටයන් කරන නපුරුකම් අවසන් කරන්න.ඒත් හරි දේ කරන අයව තව තවත් ශක්තිමත් කරන්න.+
10 දෙවියන් මගේ පලිහයි.+ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කරන අයගේ ගැලවුම්කරු ඔහුයි.+
11 දෙවියන් ධර්මිෂ්ඨ විනිශ්චයකරුවෙක්.+ඔහු හැම දවසකම ඔහුගේ තීන්දු දැනුම් දෙයි.*
12 කෙනෙක් නපුරු මාර්ගයෙන් ඉවත් නොවුණොත්+දෙවියන් ඔහුගේ කඩුව මුවහත් කරගනියි.+
ඔහුගේ දුන්නෙන් විදින්න සූදානම් වෙයි.+
13 ඔහු තමන්ගේ මාරක අවි ලෑස්ති කරගනියි.ගිනිමය ඊතල සූදානම් කරගනියි.+
14 දුෂ්ටකම් හිතේ පෝෂණය කරන කෙනෙක් ඉන්නවා.ඔහු නපුර හිතේ පිළිසිඳගෙන බොරුව උපදවයි.+
15 ඔහු වළක් කපලා ඒක තව තවත් ගැඹුරට හාරයි.ඒත් ඔහු කපපු වළේ ඔහුම වැටෙයි.+
16 ඔහු කරපු නපුර ඔහු පිටටම එයි.+ඔහුගේ මැරවරකම්වල ප්‍රතිඵල ඔහුටම විඳින්න වෙයි.
17 යෙහෝවා යුක්තිය ඉටු කරනවා. ඒ නිසා මම ඔහුට ප්‍රශංසා කරනවා.+උසස්ම දෙවියන්+ වන යෙහෝවාගේ නමට මම ප්‍රශංසා ගී ගයනවා.*+
පාදසටහන්
^ හෝ සමහරවිට, “කිසිම හේතුවක් නැතුව මට විරුද්ධ වෙන කෙනාට යන්න දුන්නා නම්.”
^ හෝ, “වකුගඩු.”
^ හෝ, “දුෂ්ටයන්ට තරවටු කරයි.”
^ හෝ, “සංගීත භාණ්ඩ වාදනය කරකර ගායනා කරනවා.”