ගීතාවලිය 73:1-28
ආසාෆ් රචනා කරපු ගීතයක්.+
73 දෙවියන් ඊශ්‍රායෙල් සෙනඟ වෙනුවෙන් මොන තරම් යහපත් දේවල් කරලා තියෙනවාද!පවිත්‍ර හිතක් තියෙන අය වෙනුවෙන් ඔහු කරලා තියෙන දේවල් ගණන් කරන්න බැරි තරම්!+
2 ඒත් මං හරි මඟෙන් ඉවතට යන්න ඔන්න මෙන්න කියලයි හිටියේ.මගේ පය ලිස්සන්නයි ගියේ.+
3 මොකද උඩඟු* අය ගැන මට ඊර්ෂ්‍යාවක් ඇති වුණා.දුෂ්ටයන් කිසි කරදරයක් නැතුව ඉන්නවා දකිද්දී මම ඔවුන්ට ඊර්ෂ්‍යා කළා.+
4 මැරෙන මොහොතේදීවත් ඔවුන් කිසි වේදනාවක් අද්දකින්නේ නැහැ.ඔවුන්ට කිසි ලෙඩක් හැදෙන්නෙත් නැහැ.*+
5 සාමාන්‍ය මිනිසුන් අද්දකින දුක් කරදර ඔවුන්ට නැහැ.+අනිත් අය වගේ ඔවුන් දුක් ගැහැට විඳින්නෙත් නැහැ.+
6 ඒ නිසා ඔවුන් අහංකාරකම මාලයක් වගේ පැලඳගන්නවා.+මැරකම් කියන ඇඳුමෙන් ඔවුන් සැරසිලා ඉන්නවා.
7 ඔවුන් කොයි තරම් සැප සම්පත් විඳිනවාද* කිව්වොත් ඔවුන්ගේ ඇස් දෙකත් එළියට නෙරලා.ඔවුන් හිතුවාටත් වඩා ඔවුන්ගේ ජීවිත සාර්ථක වෙලා.
8 ඔවුන් අනුන්ට සමච්චල් කරකර දුෂ්ට කතා කියනවා.+
අහංකාර විදිහට තර්ජනය කරනවා.+
9 ඔවුන් කතා කරන්නේ හරියට ඔවුන් ස්වර්ගයේ ඉන්නවා කියලා හිතාගෙන.ඔවුන් පොළොව පුරාම ඇවිද ඇවිද මහ උජාරුවෙන් කතා කරනවා.
10 දෙවියන්ගේ සෙනඟත් දුෂ්ටයන්ගේ පැත්තට ඇදිලා යනවා.ඔවුන් පුරවපු භාජනවලින්* වතුර අරන් බොනවා.*
11 ඔවුන් මෙහෙම කියනවා. “අපි කරන දේවල් ගැන දෙවියන් කොහොමද දන්නේ?+
සිද්ධ වෙන හැම දෙයක්ම උසස්ම දෙවියන් දන්නවාද?”
12 කිසි කරදරයක් නැතුව ඉන්න දුෂ්ටයන් ජීවිතය ගත කරන්නේ ඒ වගේ.+
ඔවුන් ධන සම්පත් වැඩි වැඩියෙන් එකතු කරගන්නවා.+
13 ඉතින් මං හිත පවිත්‍ර කරගත්තත් ඒකෙන් වැඩක් තියෙනවාද?මගේ අත් හෝදගෙන නිදොස්ව ජීවත් වුණා කියලා ප්‍රයෝජනයක් තියෙනවාද?+
14 දවස තිස්සේම මගේ හිත වේදනාවෙන් දැවුණා.+හැම උදෑසනකම දෙවියන් මාව හික්මවලා නිවැරදි කළා.+
15 මගේ හිතේ තියෙන වේදනාව ගැන මං අනිත් අයට කිව්වා නම්,ඒක මං ඔබේ සෙනඟට* කරන ද්‍රෝහිකමක්.
16 මං ඒ හැම දෙයක්ම තේරුම්ගන්න උත්සාහ කරද්දීමගේ හිතට ලොකු කලකිරීමක් දැනුණා.
17 දෙවියන්ගේ ශුද්ධස්ථානයට යන කල්ම මට හැඟුණේ ඒ විදිහටයි.ඒත් එහෙට ගියාට පස්සේ ඉස්සරහට ඔවුන්ට වෙන්නේ මොනවාද කියලා මං තේරුම්ගත්තා.
18 ඔබ දුෂ්ටයන්ව තියලා තියෙන්නේ ලිස්සනසුලු තැන්වල.+
ඔබ ඔවුන්ට වැටෙන්න සලස්වලා ඔවුන්ව විනාශ කරනවා.+
19 ඔවුන් එක මොහොතකින් විනාශ වෙලා යනවා!+
දරුණු විපතකට මුහුණ දීලා සැණෙකින් මැරිලා යනවා!
20 යෙහෝවා දෙවියනි, ඔවුන්ගේ ජීවිත හරියටනින්දෙන් අවදි වුණ ගමන්ම අමතක වෙලා යන සිහිනයක් වගේ වෙනවා.මොකද ඔබ නැඟිට පියවර ගද්දී ඔබ ඔවුන්ව ප්‍රතික්ෂේප කරනවා.*
21 මම හිටියේ හොඳටම අධෛර්යය වෙලා.+මට දැනුණේ දරාගන්න බැරි වේදනාවක්.
22 මගේ කල්පනා ශක්තිය බොඳ වෙලයි තිබුණේ.ඒ නිසා ඒ කිසිම දෙයක් තේරුම්ගන්න මට බැරි වුණා.මම ඔබ ඉස්සරහා හැසිරුණේ සිහිකල්පනාව නැති සතෙක් වගේ.
23 ඒත් දැන් මම නිතරම ඉන්නේ ඔබ එක්කයි.ඔබ මගේ දකුණතින් අල්ලගෙන ඉන්නවා.+
24 ඔබ උපදෙස් දීලා මට මඟ පෙන්වනවා.+ඊටපස්සේ ඔබ මාව ගෞරවයට පත් කරනවා.+
25 ස්වර්ගයේ ඉන්න ඔබ හැර මට පිහිට වෙන්න වෙන කිසිම කෙනෙක් නැහැ.
මේ පොළොවේ තියෙන කිසිම දේකට වඩා මට වටින්නේ ඔබවයි.+
26 දෙවියනි, මගේ ගතයි, සිතයි දුර්වල වුණත්මගේ සිත ශක්තිමත් කරන පර්වතය ඔබයි.මට සදහටම හිමි උරුමයත් ඔබයි.+
27 ඔබෙන් ඈත් වෙලා ඉන්න හැමෝම විනාශ වෙලා යනවා.
ඔබට ද්‍රෝහි වෙලා* ඔබව අත්හැරලා යන හැමෝවම ඔබ නැති* කරලා දානවා.+
28 ඒත් දෙවියන්ට ළං වෙලා ඉන්න එකෙන් මට වෙන්නේ යහපතක්.+
ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා දෙවියන්ව මම මගේ රැකවරණය කරගත්තා.ඒ, ඔහුගේ හැම ක්‍රියාවක් ගැනම ප්‍රකාශ කරන්නයි.+
පාදසටහන්
^ හෝ, “පුරසාරම් දොඩන.”
^ හෝ, “ඔවුන්ගේ බඩ තර වෙලා.”
^ මූ.අ., “ඔවුන් කොයි තරම් තරබාරුද.”
^ හෝ, “පිරිලා ඉතිරිලා යන භාජනවලින්.”
^ පේන විදිහට දෙවියන්ගේ සෙනඟ දුෂ්ටයන් බොන්න දෙන වතුර බොනවා.
^ මූ.අ., “ඔබේ හැම පුතෙක්ටම.”
^ මූ.අ., “ඔවුන්ව හෙළා දකිනවා.”
^ හෝ, “අනාචාරයේ යෙදෙන කෙනෙක් වගේ.”
^ මූ.අ., “නිහඬ.”