Skip to content

පටුනට යන්න

වෛරයේ ගිනිදලු නිවලා දාන්න පුළුවන් කොහොමද?

3 | වෛර කරන සිතුවිලි උගුල්ලලා දාන්න

3 | වෛර කරන සිතුවිලි උගුල්ලලා දාන්න

බයිබලයේ උගන්නන දේ:

“ඔබේ පෞද්ගලිකත්වය මුළුමනින්ම වෙනස් කරගෙන අලුත් ආකාරයකින් සිතීමට පුරුදු වන්න. එසේ කිරීමෙන් දෙවිගේ යහපත් වූ ප්‍රසන්න වූ සම්පූර්ණ කැමැත්ත කුමක්ද කියා හොඳින් වටහාගැනීමට ඔබට හැකි වනු ඇත.”රෝම 12:2.

ඒකෙන් අදහස් වෙන දේ:

අපි හිතන විදිහ ගැන දෙවියන් ගොඩක් සැලකිලිමත්. (යෙරෙමියා 17:10) ඒ නිසා අනිත් අයට හානියක් වෙන දේවල් කියන එකෙන්, කරන එකෙන් විතරක් වැළකුණාට මදි. මොකද අපි ඒ වගේ කියන්න, කරන්න පෙලඹෙන්නේ වෛර කරන සිතුවිලි අපේ හිත ඇතුළේ තියෙන නිසයි. ඒ නිසා අපේ හිතේ පුංචිම හරි වෛරයක් තියෙනවා කියලා තේරෙනවා නම් ඒක සම්පූර්ණයෙන්ම හිතින් අයින් කරගන්න ඕනේ. එහෙම කළොත් තමයි අපේ නරක ගති “මුළුමනින්ම වෙනස් කරගෙන” වෛරයේ ගින්න නිවලාම දාන්න පුළුවන් වෙන්නේ.

ඔයාට කරන්න පුළුවන් මොනවාද?

අනිත් අය ගැන විශේෂයෙන්ම වෙනත් රටකට, ජාතියකට අයිති අය ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද කියලා අවංකවම හිතලා බලන්න. මේ ගැන හිතන්න. ‘මං ඒ අය දිහා බලන්නේ කොහොමද? මං එයාලා ගැන හොඳට දැනගෙනද එයාලා දිහා ඒ විදිහට බලන්නේ? එහෙම නැත්තම් එයාලව ඒ අච්චුවට දාලා තියෙන්නේ එයාලා ගැන කිසිම දෙයක් හරියට දන්නේ නැතුවද?’ සමාජ මාධ්‍යවලින්, චිත්‍රපටවලින් නැත්නම් විනෝදයට බලන්න තියෙන දේවලින් වෛරය, පළිගැනීම වගේ සිතුවිලි ඇති කරනවා නම් ඒ වගේ දේවල් බලන්න එපා.

ගැඹුරට මුල් ඇදපු වෛරයේ සිතුවිලි අයින් කරගන්න බයිබලයේ තියෙන තොරතුරු අපිට උදව් වෙනවා

සමහර වෙලාවට අපි හිතන විදිහ හරිද වැරදිද කියලා අපිටම කිරලා මැනලා බලන්න ලේසි නැහැ. ඒත් බයිබලය අපිට උදව් වෙනවා අපේ ‘සිතුවිලි, චේතනා’ හරියටම තේරුම්ගන්න. (හෙබ්‍රෙව් 4:12) ඒ නිසා බයිබලයේ තියෙන දේවල් දිගටම හොයලා බලන්න. ඒක ඔයාට උදව් වෙයි දෙවියන් හිතන විදිහ තේරුම්ගන්න. ඒක කියවද්දී ඔයා හිතන්නෙත් දෙවියන් හිතන විදිහටමද කියලත් කල්පනා කරලා බලන්න. දෙවියන් හිතන විදිහට හිතන්න පුරුදු වෙන්න. එතකොට ඔයාගේ හිතේ ගැඹුරට මුල් බැහැපු “බලකොටු” වගේ තියෙන වෛරයේ සිතුවිලි උගුල්ලලා දාන්න ඔයාට පුළුවන්.—2 කොරින්ති 10:4, 5.