ආදරණීය දෙවි කෙනෙක්ගෙන් හැමදාටම ආශීර්වාද ලබන්න
යුද්ධ, අපරාධ නැති කාලයක ජීවත් වෙන්න ලැබුණා නම් කියලා ඔයාට හිතිලා තියෙනවාද?
ලෙඩ රෝග, මරණය නැති වෙනවා නම් හොඳයි කියලා ඔයාට හිතිලා තියෙනවාද?
හිතේ බරක්, කනස්සල්ලක් නැතුව ජීවත් වෙන්න තිබුණා නම් කියලා ඔයාට හිතෙනවාද?
ස්වාභාවික විපත් නැති කාලයක් එනවා නම් කොච්චර හොඳද කියලා ඔයාට හිතිලා තියෙනවාද?
මේ ලස්සන පෘථිවිය නිර්මාණය කරපු අපේ ආදරණීය දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා සාමය, සතුට පිරුණු කාලයක හැමදාටම ජීවත් වෙන්න මිනිසුන්ට අවස්ථාව උදා කරලා දෙනවා කියලා. ඒක නිකම්ම නිකම් හීනයක් නෙවෙයි.
ඊළඟ ලිපිවලින් මේ ප්‍රශ්නවලට උත්තර දැනගන්න පුළුවන්.
අපේ නිර්මාතෘ ඇත්තටම අපිට ආදරෙයිද?
දෙවියන් දුන්න ලියවිල්ලේ තියෙන පණිවිඩය මොකක්ද?
දෙවියන් අපි වෙනුවෙන් කරන්න යන දේවල් ගැන ඔහුගේ අනාගතවක්තෘවරුන් කියලා තියෙන්නේ මොනවාද?
හැමදාටම දෙවියන්ගේ ආශීර්වාද ලබාගන්න අපි කරන්න ඕනෙ මොනවාද?
අපේ නිර්මාතෘ මිනිසුන් ගැන කොයි තරම් සැලකිලිමත්ද කියලා අපි මුලින්ම බලමු.