Skip to content

පටුනට යන්න

ඔයා විශ්වාස කරන දේ බයිබලයට එකඟයිද කියලා බලමුද?

ඔයා විශ්වාස කරන දේ බයිබලයට එකඟයිද කියලා බලමුද?

තමන්ව ක්‍රිස්තියානීන් විදිහට හඳුන්වන අය ලෝකෙ පුරාම බිලියන දෙකකටත් වඩා ඉන්නවා. ඒ කියන්නේ හැම 3දෙනෙක්ගෙන්ම 1කෙනෙක් තමන් ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් කියලා කියාගන්නවා. විවිධ නිකායන් දහස් ගණනකට බෙදිලා ඉන්න එයාලාගේ ඉගැන්වීම් එකිනෙකට වෙනස්. ඔයා ඒ මොන නිකායකට අයිති කෙනෙක් වුණත් ඔයා විශ්වාස කරන දේ ඔයාගේ ජීවිතයට බලපානවා. මොකද, සැබෑ ක්‍රිස්තියානියෙක් වෙන්න නම් ඔයා විශ්වාස කරන දේ බයිබලයේ තියෙන දේට එකඟ වෙන්න ඕනේ.

“ක්‍රිස්තියානීන්” විදිහට මුලින්ම හැඳින්නුවේ යේසුස් ක්‍රිස්තුස්ගේ මුල් අනුගාමිකයන්ව. (ක්‍රියා 11:26) ඒ කාලේ විවිධ ක්‍රිස්තියානි නිකායන් තිබුණේ නැති නිසා එයාලාව හඳුන්වන්න වෙන නමක් ඕන වුණේ නැහැ. එකමුතු සෙනඟක් විදිහට එයාලා හැමෝම යේසුස් ක්‍රිස්තුස් උගන්වපු දේවල් පිළිපැද්දා. ඔයා යන පල්ලියේ උගන්වන්නෙත් ක්‍රිස්තුස් උගන්වපු දේවල්මද? ඒකට උත්තරේ දැනගන්න පුළුවන් වෙන්නේ බයිබලයෙන් විතරයි.

බයිබලයේ තියෙන්නේ දෙවියන්ගේ අදහස් නිසා යේසුස් ඒකට හුඟක් ගරු කළා. මිනිසුන්ගේ සම්ප්‍රදායන් නිසා බයිබලයේ තියෙන දේවල් සුළු කරපු අයව යේසුස් පිළිගත්තේ නැහැ. (මාක් 7:9-13) යේසුස්ව අනුගමනය කරන අයගේ විශ්වාසයන් පදනම් වෙන්න ඕනෙ බයිබලයේ තියෙන දේවල් මත කියලා ඒකෙන් පැහැදිලියි. ඒ නිසා ක්‍රිස්තියානියි කියන හැම කෙනෙක්ම ‘මං යන පල්ලියේ උගන්වන දේවල් බයිබලයට එකඟයිද’ කියලා තමන්ගෙන්ම අහගන්න එක හුඟක් වැදගත්. ඒ ප්‍රශ්නෙට උත්තරේ දැනගන්න නම් පල්ලියේ උගන්වන දේවලුයි බයිබලයේ තියෙන දේවලුයි සසඳලා බලන්න ඕනේ.

යේසුස් කිව්වේ අපි නමස්කාර කරන්න ඕනෙ දෙවි ලබා දෙන සැබෑ දැනුමට එකඟව කියලයි. (යොහන් 4:24; 17:17) ඒ සැබෑ දැනුම හොයාගන්න පුළුවන් වෙන්නේ බයිබලයෙන්. නියෝජිත පාවුල් කිව්වෙත් අපිට ගැලවීම ලැබෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ “සත්‍යය පිළිබඳව නිවැරදි දැනුම” ලබාගැනීම මත කියලයි. (1 තිමෝති 2:4) ඒ නිසා අපි විශ්වාස කරන දේවල් බයිබලයේ තියෙන නිවැරදි දැනුම මත පදනම් වෙන එක හරිම වැදගත්. මොකද අපිට ගැලවීම ලැබෙනවද කියන එක තීරණය වෙන්නේ ඒ දේ මතයි.

ඔයාගේ විශ්වාසයන් බයිබලයේ තියෙන දේවල් එක්ක සසඳන්න පුළුවන් කොහොමද?

පහත සඳහන් ප්‍රශ්නවලට බයිබලයෙන් උත්තර දීලා තියෙන විදිහ බලන්න. බයිබල් පද කියවලා උත්තර ගැන හොඳට හිතන්න. ‘මං යන පල්ලියේ උගන්වන දේවල් බයිබලයට එකඟද’ කියලා හිතලා බලන්න.

ඒක ඔයාගේ ජීවිතයට හුඟක් වැදගත් වෙයි. මේ ප්‍රශ්නවලට අමතරව පල්ලියේ උගන්වන තවත් දේවල් බයිබලයේ තියෙන දේවල් එක්ක සසඳලා බලන්න ඔයා ආසද? ඒකට ඔයාට උදව් කරන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට පුළුවන්. ඔයා එයාලාව හමු වුණොත් බයිබලයේ තියෙන නිවැරදි ඉගැන්වීම් එයාලා ඔයාට නොමිලේම කියලා දෙයි. එහෙම නැත්නම් jw.org/si කියන වෙබ් අඩවියෙනුත් ඔයාට තොරතුරු දැනගන්න පුළුවන්.