Skip to content

පටුනට යන්න

ඔයා හිතන්නේ දේවරාජ්‍යය කියන්නේ මොකක් කියලාද?

ඔයා හිතන්නේ දේවරාජ්‍යය කියන්නේ මොකක් කියලාද?

දේවරාජ්‍යය පැමිණෙන්න කියලා ඉල්ලලා හුඟක් අය යාච්ඤා කරනවා. දේවරාජ්‍යය කියන්නේ මොකක්ද කියලත් ඒකෙන් ඉටු වෙන්නේ මොනවාද කියලත් ඔයා හිතලා තියෙනවාද?

බයිබලයේ කියන දේ බලන්න.

  • දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?

    දේවරාජ්‍යය කියන්නේ ස්වර්ගයේ පිහිටුවලා තියෙන ආණ්ඩුවක්. ඒකේ රජ යේසුස්.—යෙසායා 9:6, 7; මතෙව් 5:3; ලූක් 1:31-33.

  • දේවරාජ්‍යය මාර්ගයෙන් ඉටු කරන්නේ මොනවාද?

    පොළොවේ සිද්ධ වෙන හැම නරක දෙයක්ම නැති කරලා මිනිසුන්ට හැමදාටම සමාදානයෙන් ඉන්න පුළුවන් කාලයක් උදා කරලා දෙනවා.—දානියෙල් 2:44; මතෙව් 6:10.

  • දේවරාජ්‍යයට මුල් තැන දෙනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද?

    දේවරාජ්‍යයට සම්පූර්ණ සහයෝගය දෙන එකත් දෙවියන් දේවරාජ්‍යය මාර්ගයෙන් ඔහුගේ කැමැත්ත පොළොවේ ඉටු වෙන්න සලස්වනවා කියලා විශ්වාස කරන එකත් ඒකෙන් අදහස් වෙනවා.—මතෙව් 6:33; 13:44.