නොසන්සුන් ලොවක
3 | බැඳීම් රැකගන්න
ඒක වැදගත් වෙන්නේ ඇයි?
ලෝකෙ තත්වය එන්න එන්න දරුණු වෙද්දී ඇති වෙන කනස්සල්ල නිසා හුඟක් අය දන්නෙම නැතුව එයාලා ආදරය කරන අයගෙන් ඈත් වෙනවා.
-
සමහරු යාළුවන්ගෙන් ඈත් වෙලා තනි වෙනවා.
-
සමහරු සැමියා නැත්නම් බිරිඳ එක්ක ප්‍රශ්න ඇති කරගන්නවා.
-
ලෝකෙ ප්‍රශ්න නිසා දරුවන්ටත් පීඩනයක් දැනෙනවා කියන දේ සමහර දෙමාපියන්ට අමතක වෙනවා.
දැනගන්න ඕන දේ
-
විශේෂයෙන්ම අමාරු කාලවල හොඳ යාළුවෝ ඉන්න එක ගතටත් හිතටත් දෙකටම හොඳයි.
-
ලෝකෙ තියෙන අවුල් ජාලාව නිසා පවුලේ අය අතර තියෙන බැඳීම් නොහිතන විදිහට අවුල් වෙන්න පුළුවන්.
-
ප්‍රවෘත්තිවලින් අහන දකින දේවල් නිසා පුංචි හිත් හුඟක් කැලඹෙන්න පුළුවන්.
කරන්න පුළුවන් දේ
බයිබලයේ මෙහෙම කියනවා: “සැබෑ මිතුරෙකු සෑම වෙලේම ප්‍රේමණීයයි. ඔහු විපතකදී උපකාර කරන්න ඉපදුණු සහෝදරයෙකි.”—හිතෝපදේශ 17:17.
උදව් ඕන වෙලාවට ඔයාගේ ළඟින්ම ඉඳන් ඔයාව සනසන්න පුළුවන් යාළුවෙක්ව මතක් කරගන්න. ඒ වගේ කෙනෙක් ඉන්නවා කියලා දැනන් ඉන්න එකම ඔයාට ලොකු හයියක්.