ප්‍රයෝජන අත් කර දෙන මෙනෙහි කිරීම
බයිබලයේ දෘෂ්ටිකෝණය
ප්‍රයෝජන අත් කර දෙන මෙනෙහි කිරීම
“මාගේ පර්වතයද මිදුම්කාරද වූ [යෙහෝවා], මාගේ මුඛයෙහි වචන හා සිතෙහි භාවනාද [මෙනෙහි කිරීම, NW] ඔබ ඉදිරියෙහි පිළිගැන්මට සුදුසු වේවා.”—ගීතාවලිය 19:14.
“මෙනෙහි කිරීම.” එයින් අදහස් වන්නේ කුමක්ද? පෙරදිග ලෝකයේ ආගම්වල නම් උගන්වන්නේ, එය අපේ කල්පනා ශක්තිය වැඩි දියුණු කරන, එහෙමත් නැත්නම් අපට ඥානාලෝකය සපයා දෙන යමක් බවයි. බෞද්ධයන් එය භාවනා කිරීම වශයෙන් හඳුන්වා දෙන අතර, එසේ කිරීමේදී මනසෙන් සෑම සිතුවිල්ලක්ම අයින් කර දමන්න කියා ඔවුන් දිරිගන්වනවා. තවද “ප්‍රඥාව ලබා දෙන විශ්වනීය සත්‍යයන්” මනසට ඇතුල් කරගැනීමට දිරිගන්වන භාවනා ක්‍රමද තිබෙනවා.
මෙනෙහි කිරීම පිළිබඳව බයිබලයේ පවසන දේ නම් මීට හාත්පසින්ම වෙනස්. එය වෙනස් වන්නේ කොහොමද කියා තේරුම්ගැනීමට ඊසාක්ගේ ආදර්ශය සලකා බලන්න. ඔහුට වයස අවුරුදු 40ක් වන විට මෙනෙහි කිරීමට බොහෝ දේවල් තිබුණායයි බයිබලයේ සඳහන් වෙනවා. උත්පත්ති 24:63හි අපට මෙසේ කියවීමට තිබෙනවා. “ඊසාක් සවස් වේලෙහි කෙතේ මෙනෙහිකරන පිණිස ගියේය.” එම අවස්ථාවේදී, ඊසාක් තමාගේ මනසෙන් සෑම සිතුවිල්ලක්ම අයින් කර දැම්මා කියාවත්, “ප්‍රඥාව ලබා දෙන” යම් අපැහැදිලි “විශ්වනීය සත්‍යයක්” ගැන කල්පනා කරමින් සිටියා කියාවත් නිගමනය කිරීමට කිසිම පදනමක් නැහැ. ඊසාක්ට කල්පනා කර බලන්න වැදගත් දේවල් කිහිපයක්ම තිබෙන්න ඇති කියා අපට සිතාගත හැකියි. උදාහරණයක් වශයෙන් ඔහුගේ අනාගතය, ඔහුගේ මවගේ වියෝව මෙන්ම ඔහුගේ විවාහය යන කාරණා ගැන ඔහු කල්පනා කරන්න ඇති. ඔහු සවස් වරුවේ තනිව සිටි අවස්ථාවලදී එවැනි වැදගත් කාරණා ගැන මෙනෙහි කිරීමට කාලය ගන්න ඇතැයි කියා සිතීමට අපට හොඳ හේතු තිබෙනවා. බයිබලයේ සඳහන් කරන මෙනෙහි කිරීම නිකම්ම දවල් සිහින දකිනවාට වඩා වැඩි යමක් බව මින් පැහැදිලියි.
මෙනෙහි කිරීමට ඇතුළත් වන දේ
ගීතිකාකාර දාවිත්ගේ ආදර්ශය සලකා බලන්න. කිසිදා විසඳිය නොහැකියයි සිතූ ගැටලු රාශියකට ඔහුට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ විතරක් නෙවෙයි, දිගටම යහපත් ජීවිතයක් ගත කිරීමට නම්, අසම්පූර්ණ මනුෂ්‍යයෙක් වශයෙන් ඔහුට දෙවිගේ උපකාරය අවශ්‍යයි කියා ඔහු හොඳින් දැන සිටියා. දුක් කම්කටොලු මධ්‍යයෙහි දාවිත් ස්ථිරව සිටියේ ගීතාවලිය 19:14හි අපට මෙසේ කියවීමට තිබෙනවා. “මාගේ පර්වතයද මිදුම්කාරද වූ [යෙහෝවා], මාගේ මුඛයෙහි වචන හා සිතෙහි භාවනාද [මෙනෙහි කිරීම, NW] ඔබ ඉදිරියෙහි පිළිගැන්මට සුදුසු වේවා.” මෙහි “මෙනෙහි කිරීම” වශයෙන් පරිවර්තනය කර ඇති හෙබ්‍රෙව් වචනය, පදගතාර්ථයෙන් ගත් කල “තමා සමඟම කතා කිරීම” අදහස් කරයි. ඔව්, යෙහෝවා දෙවි ගැන සහ ඔහුගේ ධර්මිෂ්ඨකම ගැනත්, යෙහෝවාගේ නීති සහ ඔහුගේ ක්‍රියා ගැනත් ‘තමා සමඟම කතා කළ’ නිසා දාවිත්ට ස්ථිරව සිටීමට අවශ්‍ය ශක්තිය ලැබුණා.—ගීතාවලිය 143:5.
කොහොමද? ඒ සම්බන්ධයෙන් දාවිත්ගේ පිළිතුරමුල් ක්‍රිස්තියානීන්ද ආත්මික කාරණා පිළිබඳව මෙනෙහි කිරීමට කාලය වෙන් කළා. ඇත්තෙන්ම, ඔවුන් එය සැබෑ නමස්කාරයේ අනිවාර්යය අංගයක් වශයෙන් සැලකුවා. ප්‍රේරිත පාවුල් මෙසේ අවවාද කිරීමට පෙලඹුණා. “යම් පමණ දේ සැබෑද, යම් පමණ දේ ගරුකටයුතුද, යම් පමණ දේ සාධාරණද, යම් පමණ දේ පිරිසිදුද, යම් පමණ දේ ආදරණීයද, යම් පමණ දේ යහපත් කීර්තියක් ඇතිව තිබේද, යම් ගුණයක්, යම් ප්‍රශංසාවක් ඇද්ද, ඒ දේවල් මෙනෙහිකරන්න.” (පිලිප්පි 4:8) නමුත් ගොඩනංවනසුලු දේවල් ගැන කල්පනා කරන්න නම්, ඊට කලින් අපි එවැනි “දේවල්” අපේ මනසට ඇතුල් කරගන්න අවශ්‍යයි. එය කරන්නේ කොහොමද?
ගීතාවලිය 1:1, 2හි ගීතිකාකරු අපට මෙසේ පිළිතුරු සපයනවා. “දුෂ්ටයන්ගේ මන්ත්‍රණය අනුව නොයන්නාවූ, . . . [යෙහෝවාගේ] ව්‍යවස්ථාවෙහි ප්‍රීතිවන්නාවූ, [ඔහුගේ] ව්‍යවස්ථාව රෑ දාවල් මෙනෙහිකරන්නාවූ, මනුෂ්‍යයා ආශීර්වාදලද්දේය.” ඔව්, ගීතිකාකරු දෙවිගේ ව්‍යවස්ථාව නිතිපතා කියෙව්වා. එතුළින් ඔහු මැවුම්කරු ගැන බොහෝ දේවල් ඉගෙනගත් නිසා, ඔහුට මෙනෙහි කිරීමට බොහෝ යහපත් දේවල් තිබෙන්න ඇති කියා අපට සිතාගත හැකියි.
අදදින මෙනෙහි කිරීම
බයිබලය කියවීමේ ඇති වටිනාකම කියා නිම කරන්න බැහැ. ඒ වගේම අප කියවා ඇති දේ පිළිබඳව ගැඹුරට කල්පනා කර බැලීමත් වැදගත්. ඒ කියන්නේ අප කියවා ඇති දේ පිළිබඳව මෙනෙහි කරන්න අවශ්‍යයි. එහෙමත් නැත්නම්, ඒ සම්බන්ධයෙන් අප ‘අපත් සමඟම කතා කරන්න’ අවශ්‍යයි. අප ගන්නා ආහාරවලින් හොඳ පෝෂණයක් ලැබෙන්න නම්, එය හොඳින් ජීරණය විය යුතු වගේම, අප බයිබලයේ කියවන දේවල් හොඳින් ධාරණය කරගැනීමට නම් මෙනෙහි කිරීම අත්‍යවශ්‍යයි. මෙනෙහි කිරීම කියන්නේ නිකම්ම අපේ මනසේ ඇති නිෂේධාත්මක සිතුවිලි අයින් කර දැමීම පමණක් නොවෙයි. අප මුහුණපාන ගැටලුවලට බයිබලය මත පදනම් වූ විසඳුම් ගැන සිතා බැලීමත් එයට ඇතුළත් වෙනවා. අප එලෙස මෙනෙහි කරනවා නම්, අපට දෛනික ජීවිතයේ කරදර සමඟ සාර්ථකව කටයුතු කරන්න අවශ්‍ය ශක්තිය ලැබෙනවා.—මතෙව් 6:25-32.
මෙනෙහි කිරීම දෙවිව සතුටට පත් කරන බව ගීතිකාකාර දාවිත් වටහාගත්තා. “ධර්මිෂ්ඨයාගේ මුඛය සිහින් හඬින් ප්‍රඥාවන්ත වචන පවසයි” කියා ඔහු පැවසුවා. (ගීතාවලිය 37:30, NW) ඔව්, කෙනෙක් මෙනෙහි කරනවා නම් ඔහු දෙවිගේ විශ්වාසවන්ත සේවකයෙක් බව පැවසිය හැකියි. දෙවි අපව ධර්මිෂ්ඨ කෙනෙක් වශයෙන් සලකනවා කියන්නේ මොනතරම් ලොකු ආශීර්වාදයක්ද! ඒ විතරක් නොවෙයි, එය ආත්මික ප්‍රයෝජන රැසකුත් අත් කර දෙනවා. උදාහරණයකට, “ධර්මිෂ්ඨයන්ගේ මාවත ඉර මුදුන් වේලාව දක්වා වඩ වඩා ආලෝකවේගන යන්නාවූ අලුයම් ආලෝකය මෙන්ය” කියා බයිබලයේ අපට පවසනවා. (හිතෝපදේශ 4:18) ඒ නිසා ‘සිහින් හඬින් ප්‍රඥාවන්ත වචන පවසන’ පුද්ගලයෙකුට, බයිබලය ගැන තමාට තිබෙන අවබෝධය එන්න එන්න වැඩි වෙයි කියා බලාපොරොත්තු විය හැකියි.
ක්‍රිස්තියානීන්ට තම ශුද්ධ ලියවිලිමය වගකීම් ගැන මෙනෙහි කරන්න කියාත් බයිබලයේ අවවාද කර තිබෙනවා. “මෙය සිතට ගෙන ක්‍රියා කරන්න. [එම දේවල් ගැන ගැඹුරින් කල්පනා කර බලන්න. ඒවායෙහි යෙදී සිටින්න, NW] එවිට ඔබේ දියුණුව කාටත් පෙනෙනු ඇත. ඔබ ගැනත් ඔබේ ඉගැන්වීම ගැනත් සැලකිලිමත් වන්න. මේ දේවල නිරත ව සිටින්න. ඔබ මෙසේ කිරීමෙන් ඔබ ද ඔබට සවන් දෙන්නන් ද ගළවා ගන්නෙහි ය” කියා ප්‍රේරිත පාවුල් තිමෝතිට පවසා තිබුණා. (1 තිමෝති 4:15, 16, නව අනුවාදය) ඔව්, අප කරන කියන දේවල් අන්‍යයන් මත විශාල බලපෑමක් ඇති කළ හැකියි.
වැදගත් කාරණා ගැන ගැඹුරින් කල්පනා කර බැලීමට අපට හොඳ හේතු ඇති බව පැහැදිලියි. අපේ අතීතය, වර්තමානය හා අනාගතය ගැන ගැඹුරින් සිතා බැලීම අත්‍යවශ්‍යයි. නමුත් මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ අපේ මැවුම්කරු වන යෙහෝවා දෙවිගේ ප්‍රඥාව මත අපේ සිතුවිලි කේන්ද්‍රගත කිරීමයි. අපට මෙනෙහි කිරීම තුළින් නියම ඥානාලෝකය ලැබෙන්නේ එතකොටයි.
[20වන පිටුවේ පින්තූරය]
රොඩැන් විසින් නිර්මාණය කරන ලද “සිතන්නා”