Skip to content

පටුනට යන්න

“අනර්ඝ මැණික්වලින් පිරුණු”

“අනර්ඝ මැණික්වලින් පිරුණු”

“අනර්ඝ මැණික්වලින් පිරුණු”

අමෙරිකා එක්සත් ජනපදයේ ඉලිනොයි ප්‍රදේශයේ අසාධ්‍ය රෝගවලින් පෙළෙන අය සඳහා වූ සාත්තු නිවාසයක අධ්‍යක්ෂකවරයෙක් ඔබ ප්‍රේම කරන යමෙක් මිය ගිය විට යන විවරණිකාව හැඳින්වූයේ ඉහත සඳහන් ආකාරයටයි. ඔහුට එම විවරණිකාව සහ පිබිදෙව්! සඟරාව යෙහෝවාගේ සාක්ෂිකාරියක් තැපෑලෙන් යවා තිබුණා. ඇය එම පිබිදෙව්! සඟරාව යැවීමට හේතු වූයේ දිවි නසාගැනීම් මහලු අය අතර වැඩි බව ඉන් දැනගත් නිසයි. මෙම ආයතනයේ අධ්‍යක්ෂකට එම ප්‍රකාශන ලැබුණු වහාම ඔහු ඊට ප්‍රතිචාරයක් දැක්වුවා.

ඔබ ප්‍රේම කරන යමෙක් මිය ගිය විට යන විවරණිකාවේ තොරතුරු අනර්ඝ මැණික්වලින් පිරුණු එකක් බව ආයතනයේ අධ්‍යක්ෂකවරයා දුටු විට ඔහු මෙහෙම ලිව්වා. “මම කැමතියි . . . මෙහි පෙන්වා දී තිබෙන ප්‍රායෝගික ප්‍රඥාවෙන්, බයිබලයේ උපුටා දැක්වීම්වලින් හා සාකච්ඡාවලින් මහත් සහනයක් ලබාගත හැකි පවුල්වලට මෙය ලැබෙන්න සලස්වන්න.”

සාක්ෂිකරුවන් වහාම මෙම අධ්‍යක්ෂකවරයාව දුරකථනයෙන් ඇමතූ අතර ඔහුව පෞද්ගලිකවම මුණගැසීමට වේලාවක් යොදාගත්තා. අධ්‍යක්ෂකවරයා විවරණිකා 20ක් ඉල්ලා සිටි අතර, සෑම මාස දෙක තුනකටම වරක් පැමිණ තවත් විවරණිකා ලබා දී යන ලෙසත් ඉල්ලා සිටියා.

මෙම පිටු 32කින් යුත් විවරණිකාව කියවීමෙන් සමහරවිට ඔබට හෝ ඔබ හඳුනන කෙනෙකුට සැනසිල්ලක් ලබාගත හැකියි. මේ සමඟ ඇති කූපනය පුරවා එහි තිබෙන ලිපිනයට හෝ සඟරාවේ 5වන පිටුවේ ඇති සුදුසු ලිපිනයකට තැපැල් කිරීමෙන් ඔබටත් පිටපතක් ලබාගත හැකියි.

□ ඔබ ප්‍රේම කරන යමෙක් මිය ගිය විට නමැති විවරණිකාවේ පිටපතක් ලබාගැනීමට මම කැමතියි.

□ නොමිලේ පවත්වන නිවාස බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.