Skip to content

පටුනට යන්න

කාමුක දර්ශන බැලීමෙන් වළකින්නේ කෙසේද?

කාමුක දර්ශන බැලීමෙන් වළකින්නේ කෙසේද?

යෞවන අය අසති . . .

කාමුක දර්ශන බැලීමෙන් වළකින්නේ කෙසේද?

“මගේ පාසැලේ ළමයෙක් එයාගේ පොත් කබඩ් එකේ දොර පියනේ ගැහැනු ළමයෙකුගේ නිරුවත් පින්තූරයක් අලවලා තිබුණා. අපි දෙන්නාගේ පොත් කබඩ් දෙක තිබුණේ එක ළඟ.”—රොබට්. *

“මම පාසැලේ පැවරුමකට අන්තර්ජාලයෙන් තොරතුරු සොයන විට එකපාරටම කාමුක දර්ශන ඇතුළත් වෙබ් අඩවියක් දැක්කා.”—ඇනට්.

ඔබේ දෙමව්පියන්ගේ තරුණ කාලයේ නම් කාමුක දර්ශන ඇතුළත් දේවල් කෙනෙකුට බලන්න ඕනෙ වුණොත් ඔවුන්ට ඒවා සොයාගෙන යන්න සිදු වුණා. ඒත් දැන් ඒ වගේ දේවල් හැම තැනකම තියෙනවා. උදාහරණයක් ලෙස මුලින් කතා කළ රොබට් වගේ ඔබේ යහළුවෙක් ළඟ තිබෙන එවැනි පින්තූරයක් ඔබේ නෙත ගැටෙන්න පුළුවන්. එසේත් නැත්නම් ඇනට් වගේ ඔබට අහම්බෙන් අන්තර්ජාලයෙන් එවැනි දෙයක් දකින්න ලැබෙන්න පුළුවන්. වයස අවුරුදු 19ක ගැහැනු ළමයෙක් මෙසේ පවසනවා. “මම අන්තර්ජාලයෙන් වෙනත් දේවල් ගැන තොරතුරු සොයන විට එකපාරටම එවැනි දර්ශන දිස් වෙනවා.” *

කාමුක දර්ශන බැලීම අද සාමාන්‍යය දෙයක්. වයස අවුරුදු අටත් දහසයත් අතර යෞවනයන් සහභාගි කරගෙන කළ සමීක්ෂණයකින් ඔවුන්ගෙන් සියයට අනූවක්ම කියා සිටියේ මෙවැනි දෙයක්. ඒ ඔවුන්ගේ පාසැලේ පැවරුම්වලට අන්තර්ජාලයෙන් තොරතුරු සොයන විට ඔවුන් නිතරම එවැනි දර්ශනවලට නිරාවරණය වන බවයි. ඊට හේතුව මින් පෙර කවරදාකටත් වඩා කාමුක දර්ශන ඇතුළත් වෙබ් අඩවි හිසේ කෙස් ගණනට තිබීමයි. ඒ විතරක් නෙවෙයි දැන් ජංගම දුරකථනයෙන් පවා එවැනි දේවල් බලන්න පුළුවන්. දහසය-හැවිරිදි ජෙනීටා පැවසුවේ මෙසේයි. “සඳුදා පාසැලේදී වැඩියෙන්ම ළමයි කතා කරන්නේ ‘සති අන්තයේ මොන වගේ අලුත් දර්ශනද දුරකථනයට දාගත්තේ’ කියලයි. මගේ පාසැලේ ළමයින්ට නම් මේක ලොකු දෙයක්.”

අද හැමෝම වගේ කාමුක දර්ශන බලන නිසා ඔබටත් මෙහෙම හිතෙන්න පුළුවන්. ඇත්තටම ඒක ඒ තරම්ම නරකද? හේතු කිහිපයක් නිසා එය ඇත්තටම නරකයි. අපි හේතු තුනක් සලකා බලමු.

කාමුක දේවල් නිර්මාණය කරන අයගේ මෙන්ම ඒවා රස විඳින අයගේත් ගෞරවයට හානි සිදු වෙනවා.—1 තෙසලෝනික 4:3-5.

▪ කාමුක දේවල් කෙරෙහි අධික ආශාවක් දක්වනවා කියන්නේ බයිබලයේ සඳහන් නෝවාගේ කාලයේ සිටි භූතයන්ව නියෝජනය කරනවා කියන එකයි.—උත්පත්ති 6:2; යූද් 6, 7.

කාමුක දර්ශන බැලීම අනිසි ලිංගික ක්‍රියාවලට මඟ පෑදීමක්.—යාකොබ් 1:14, 15.

කාමුක දේවල් බැලීමට ඇල්මක් දක්වන අයට නරක විපාකවලට මුහුණ දෙන්න සිදු වෙනවා. පහත සඳහන් උදාහරණ දෙක සලකා බලන්න.

“මම මුලින්ම කාමුක දර්ශනයක් බැලුවේ කුඩා කාලයේදීමයි. ඊටපස්සේ ඒ පුරුද්දෙන් මිදෙන එක මට එතරම්ම ලෙහෙසි වුණේ නැහැ. අවුරුදු ගාණක් ගත වෙලත් තාමත් ඒවා මගේ මතකයේ නොමැකී තියෙනවා. කවදාවත් පිරිසිදු හෘදය සාක්ෂියක් ඇතුව ඉන්න බැරි වෙනවා. එයින් ආත්ම ගෞරවයට හානි සිදු වෙනවා වගේම තමන් ගැන නොවටිනා බවේ හැඟීමකුත් ඇති වෙනවා. ඒක ජීවිතයට ලොකු බරක්.”—එරිකා.

“මම අවුරුදු දහයක් විතර මේවා බලන්න පුරුදු වෙලා හිටියා. ඒත් ඒ පුරුද්ද අත්හැරලා දැන් අවුරුදු 14ක් වෙනවා. නමුත් හැම දවසකම මේකෙන් මිදෙන්න මට ලොකු සටනක් කරන්න සිදු වෙනවා. මම ඒ ආශාව මැඩ පවත්වාගෙන හිටියත් ඒ කුතුහලයයි ආශාවයි නැත්තෙමත් නැහැ. මම මෙය මෙතරම් හානිකර දෙයක් කියලා මුලින් හිතුවේ නැහැ. නමුත් දැන් මම දන්නවා ඒකෙන් කොතරම් හානියක් සිදු වෙනවාද කියලා. කවුරු මොනවා කිව්වත් ඒක හානිකරයි. ඒ ගැන වචන දෙකක් නැහැ. මම මේ දෙයට ඇබ්බැහි නොවුණා නම් කොච්චර හොඳද කියලා දැන් මට හිතෙනවා.”—මයිකල්.

සෝදිසි කර බලන්න

අනපේක්ෂිතව වුවත් එවැනි දේවල්වලට හසු නොවීමට කළ හැක්කේ කුමක්ද? ඔබට එවැනි තත්වයන්ට මුහුණ දෙන්න සිදු වෙන අවස්ථා සලකා බලන්න.

ඔබට එවැනි දේ දකින්න ලැබෙන්නේ . . .

කවදාවත් නැහැ ඉඳ හිට

සතිපතා දිනපතා

මෙවැනි දේවලට වැඩියෙන්ම නිරාවරණය වෙන්නේ . . .

අන්තර්ජාලයෙන් පාසැලේදී

රූපවාහිනියෙන් වෙනත්

ඔබ මෙවැනි දේවල්වලට හසු වෙන්නේ . . .

උදාහරණයක් ලෙස,

ඔබගේ පාසැලේ මිතුරන් ඊ-මේල් මාර්ගයෙන් හෝ ජංගම දුරකථනය මාර්ගයෙන් එවැනි දර්ශන හෝ පණිවිඩ එවනවාද? ඔබට ලැබී ඇත්තේ එවැනි පණිවිඩයක් හෝ දර්ශනයක් කියා දැනගත් වහාම එය නොබලා මකා දමන්න.

අන්තර්ජාලය ඔස්සේ ඔබ යමක් සොයන විට ඊට ඇතුල් කරන යම් වචන නිසා ඔබට එවැනි දර්ශන දකින්න ලැබෙනවාද? එසේනම් එම වචන ගැන සැලකිලිමත් වෙන්න.

ඔබට එලෙස කාමුක දර්ශන බැලීමට මඟ පෑදූ අවස්ථා සඳහන් කරන්න.

.....

ඉහත සඳහන් කළ අවස්ථාවන් අවම කරගැනීමට ඔබ කරන්නේ කුමක්ද? (ඔබේ අදහස සඳහන් කරන්න.)

.....

මෙවැනි දර්ශනයක් දුටුවොත් ඔබ කරන්නේ මොනවාද?

දුටු විගසම ඉවත් කරනවා

කුතුහලය නිසා ටික වේලාවක් බලනවා

දිගින් දිගටම බලනවා. තව තවත් ඒ දේවල් ගැන සොයා බලනවා

ඔබේ ගැටලුව දෙවෙනි එක හෝ තුන්වෙනි එක නම් ඔබට මේ සම්බන්ධයෙන් කළ හැක්කේ කුමක්ද?

.....

වැළකිය හැකි අයුරු

නොදැනුවත්වම කාමුක දේවල්වලට නිරාවරණය වන අය තුළ කුතුහලයක් ඇතිවීම නිසා ඒවායේ දිගින් දිගටම නියැලීමට ආශාවක් ඇති වෙනවා. එවැනි පුරුද්දකින් මිදීම පහසු නැහැ. මුලින් සඳහන් කළ මයිකල් මෙසේ පවසනවා. “මම බයිබලය පාඩම් කරන්න කලින් හැම මත්ද්‍රව්‍යක් වගේම අත්හදා බලලා තියෙනවා. මම ඇබ්බැහි වෙලා තිබුණු දේවල්වලින් මට මිදෙන්න අමාරුම වුණේ කාමුක දර්ශන බැලීමෙනුයි.”

කාමුක දර්ශන බැලීමේ නරක පුරුද්ද ඔබටත් තිබෙනවා නම් දුක් වෙන්න එපා. ඔබට ඉන් මිදෙන්න පුළුවන්. ඒ කෙසේද?

කාමුක කෘති හා දර්ශන හඳුන්වා දීමට හේතුව තේරුම්ගන්න. මේ සඳහා අද මිනිසුන්ව පොලඹවන්නේ මිනිසුන්ව නොමඟ යවන්නා වන සාතන් මිස වෙන කිසිවෙක් නොවෙයි. ඔහුට අවශ්‍ය වන්නේ දෙවි ගෞරවනීය දෙයක් ලෙස සලකන දෙයක් පහත් තත්වයකට පත් කිරීමටයි. මෙය තේරුම්ගැනීම ඔබට ‘නරක දේට ද්වේෂ කිරීමට’ උපකාරවත් වෙයි.—ගීතාවලිය 97:10, නව ලොව පරිවර්තනය, NW.

ඉන් අත් වන විපාක ගැන සිතන්න. කාමුක දර්ශන බලන අයගේ විවාහයන් දෙකඩ වෙනවා. එවැනි අය කිසිම කෙනෙකුට නිසි ගෞරවයක් දක්වන්නේ නැහැ. ඒ වගේම ඔවුනුත් පහත් තත්වයකට වැටෙනවා. ඒ නිසයි බයිබලයේ මෙසේ පවසන්නේ. “නැණවත් අය අවදානම දුර තියා දැක ඉන් සැඟවෙති. නමුත් අද්දැකීම් අඩු අය විපත්තිය දැක දැකත් ඒ වෙතට ගොස් දුක් විඳිති.” (හිතෝපදේශ 22:3NW) ඔබ දිගටම කාමුක දර්ශන බලනවා නම් ඔබට අත්විය හැකි නරක විපාකයක් සඳහන් කරන්න.

.....

තමන්ටම නීතියක් පනවාගන්න. බයිබල් ලේඛකයෙක් වූ යෝබ් මෙසේ පැවසුවා. කන්‍යාවක දෙස “අනුරාගී බැල්මක් නොහෙළන්ට මම මාගේ දෙනෙත් සමඟ ගිවිසුමක් කළෙමි.” (යෝබ් 31:1, නව අනුවාදය, න.අ) ඔබ ඔබ සමඟම ඇති කරගන්නා ගිවිසුමට පහත දක්වා ඇති දේවල්ද ඇතුළත් කළ හැකියි.

මම කාමරයක තනිව සිටින විටදී අන්තර්ජාලය භාවිත කරන්නේ නැහැ.

කාමුක දර්ශන ඇතුළත් පින්තූරයක් හෝ වෙබ් අඩවියක් අහම්බෙන් හෝ දිස් වුණොත් එය වහාම ඉවත් කරනවා.

මට මේ සඳහා නැවතත් පෙලඹීමක් ඇති වෙනවා නම් මට මඟ පෙන්විය හැකි වැඩිහිටියෙකු සමඟ කතා කරනවා.

මෙම නරක පුරුද්දෙන් වැළකී සිටීමට ඔබට ඔබ සමඟ ඇති කරගත හැකි ගිවිසුම් එකක් හෝ දෙකක් සඳහන් කරන්න.

.....

යාච්ඤා කරන්න. බයිබලයේ ගීතාවලිය නම් පොත ලියූ දාවිත් දෙවිට මෙසේ යාච්ඤා කළා. “නිෂ්ඵල දේ බැලීමෙන් මාගේ ඇස් හරවා ඔබගේ මාර්ගවල මා හැසිරෙව්ව මැනව.” (ගීතාවලිය 119:37) අපිට පව් කිරීමට නැඹුරුවාවක් තිබෙන නිසා අපි ආශා කරන දෙයකින් වැළකී සිටීම එතරම් පහසු නැහැ. නමුත් යෙහෝවා දෙවිට අවශ්‍ය වන්නේ ඔබ ඉන් මිදෙනවා දකින්නයි. ඒ වගේම ඔහු ඒ සඳහා ඔබට “සාමාන්‍යය ඉක්මවූ බලය” ලබා දෙනවා. ඒ තුළින් ඔබට හරි දේ කිරීමට හැකි වෙනවා.—2 කොරින්ති 4:7.

ගැටලුව ගැන කතා කරන්න. සමහරවිට ඔබට චකිතයක් ඇති වෙන්න පුළුවන්. නමුත් එසේ කිරීමෙන් ඔබට ලැබෙන සහනය ගැන සිතා බලන්න. ‘සොයුරෙක් සිටින්නේ විපතේදී අත දීමට’ කියා බයිබලයේ පවසනවා. (හිතෝපදේශ 17:17, න.අ) එමනිසා විශ්වාසය තැබිය හැකි කෙනෙකු සමඟ කතා කිරීම ඔබට සහනයක් වෙයි. එසේ කිරීමෙන් ඔබට එම පුරුද්ද සම්පූර්ණයෙන්ම නැති කරගත හැකි වේවි.

මෙම ගැටලුව ගැන ඔබට කතා කළ හැකි විශ්වාසවන්ත පුද්ගලයෙකුගේ නම සඳහන් කරන්න.

.....

කාමුක දර්ශන බැලීමේ පුරුද්දෙන් වැළකීමට ඔබ දරන වෑයම මගින් ඔබට සාර්ථක විය හැකි බවට සහතික වන්න. ඔබ එය ප්‍රතික්ෂේප කරන සෑම වාරයකම ඔබ ඒ සටනින් ජයගෙන තිබෙනවා කියා සිතන්න. ඔබ ලැබූ ඒ ජයග්‍රහණය ගැන යෙහෝවා දෙවිට කියන්න. ඒ සඳහා දෙවි දුන් ශක්තියට ඔහුට ස්තුති කරන්න. ඔබ එයින් වැළකෙන සෑම වාරයකදීම ඔබ යෙහෝවා දෙවිගේ සිත සතුටු කරන බව අමතක කරන්න එපා.—හිතෝපදේශ 27:11.

[පාදසටහන්වල]

^ 3 ඡේ. මෙම ලිපියේ නම් වෙනස් කර ඇත.

^ 5 ඡේ. මෙහි කාමුක දර්ශන කියා පොදුවේ සඳහන් කර තිබුණත් කාමුක හැඟීම් ඇවිස්සෙන ආකාරයෙන් නිර්මාණය කර තිබෙන කාමුක කෘති, දර්ශන සහ පටිගත කරන ලද දේවල්ද ඒවාට ඇතුළත්.

සිතා බලන්න

▪ කාමුක දර්ශන මගින් ගෞරවනීය දෙයක් පහත් තත්වයකට ඇද දමන්නේ කෙසේද?

▪ මෙයින් වැළකීමට ඔබට ගත හැකි පියවර මොනවාද?

▪ ඔබේ නංගි හෝ මල්ලි මෙම ගැටලු සමඟ පොරබඳිනවා නම් ඔබ ඔවුන්ට උපකාර කරන්නේ කෙසේද?

[12, 13වන පිටුවේ පින්තූරය]

ඔබේ පාසැලේ මිතුරන් කාමුක දර්ශන හා නොහොබිනා පණිවිඩ ජංගම දුරකථනය මාර්ගයෙන් ඔබට එවනවාද?