Skip to content

පටුනට යන්න

කොරපොතු සහිත ගොළුබෙල්ලාගේ කටුව

කොරපොතු සහිත ගොළුබෙල්ලාගේ කටුව

නිර්මාණයක්ද?

කොරපොතු සහිත ගොළුබෙල්ලාගේ කටුව

● ඉන්දියානු සාගරයේ කොරපොතු සහිත ගොළුබෙල්ලන් විශේෂයක් (scaly-foot snail) සිටිනවා. ගොළුබෙල්ලන් අතරින් ශක්තිමත්ම කටුව තිබෙන්නේ උන්ටයි. උන් ජීවත් වෙන්නේ මුහුදු පතුලේ අධික උණුසුම් ජලය විහිදෙන ස්ථානවලයි. උන්ගේ ශක්තිමත් කටුව නිසා උන්ට ජලයේ අධික උෂ්ණත්වයට හා ආම්ලිකතාවට හොඳින් මුහුණ දිය හැකියි. ඒ වගේම මීටර් 2400ක් පමණ ගැඹුරේ ජීවත් වන උන්ට අධික පීඩනයටද ඔරොත්තු දිය හැකියි. ඊට අමතරව උන්ව ගොදුරු කරගන්නා සතුන්ගෙන් උන්ව ආරක්ෂා කරන්නෙත් මෙම කටුවයි.

මේ ගැන සිතන්න. මේ ගොළුබෙල්ලන්ගේ කටුව සෑදී තිබෙන්නේ ස්තර තුනකිනුයි. මතුපිට ස්තරය අයන් සල්ෆයිඩ්වලින් වන අතර මැද ස්තරය ප්‍රෝටීනවලින්ද ඇතුළත ස්තරය ඇරගනයිට්වලින් සෑදී තිබෙනවා. එමනිසා මෙම කටුව ඉතාමත් ශක්තිමත්. උන්ව ගොදුරු කරගැනීමට එන කකුළුවන් උන්ගේ අඬු මගින් මේ බෙල්ලාව තදින් අල්ලාගෙන, දවස් ගණනාවක් උන්ගේ කටුව මතට පීඩනයක් ඇති කළත් එය කඩන්න බැහැ.

පර්යේෂකයන්, විශේෂ ආයුධයක් භාවිත කරමින් මෙම බෙල්ලන්ගේ කටුව කොතරම් ශක්තිමත්ද කියා පරීක්ෂා කළා. ඔවුන් සොයාගත් දේ ගැන එක් සඟරාවක සඳහන් වුණේ මෙසේයි. “කටුවට යම් පීඩනයක් එල්ල වූ විට එහි මතුපිට ඉරි තැළී යනවා. ඒ නිසා පීඩනය එක් ස්ථානයකට බලපානවා වෙනුවට කටුවේ මතුපිට ස්තරය පුරා විහිදෙනවා. මැද ස්තරයට කිසිම හානියක් වෙන්නේ නැහැ.”—Discover.

මෙම ගොළුබෙල්ලාගේ කටුවේ සැකැස්ම අනුකරණය කරමින් තාක්ෂණයෙන් ඉහළ හිස්වැසුම් සහ වෙඩි නොවදින ආරක්ෂක ඇඳුම් නිර්මාණය කිරීමට පර්යේෂකයන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගුවන් යානා සහ නෞකා සඳහාද මේ තාක්ෂණයම යොදාගැනීමට ඔවුන් අදහස් කරනවා. ඉහත සඳහන් පොතේ මෙසේද වාර්තා වුණා. “ආක්ටික් ප්‍රදේශයේ තෙල් නළ, අයිස් කුට්ටිවල වැදීම නිසා හානි වීමෙන් ආරක්ෂා කරගැනීමට මෙම තාක්ෂණය ප්‍රයෝජනවත් විය හැකියි.”

ඔබේ නිගමනය කුමක්ද? කොරපොතු සහිත මෙම ගොළුබෙල්ලාගේ ශක්තිමත් කටුව ඇති වුණේ අහම්බෙන්ද? නැත්නම් එයට බුද්ධිමත් නිර්මාතෘවරයෙක් සිටිනවාද?

[23වන පිටුවේ රූප සටහන]

(මුද්‍රිත පිටපත බලන්න)

තියුණු ආයුධය

මතුපිට ස්තරය

මැද ස්තරය

ඇතුළත ස්තරය

[23වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Courtesy Anders Warén