ඔබේ දරුවන්ට ඔබ උගන්වන්න පටන්ගන්නේ කවදාද?
ඔබේ දරුවන්ට ඔබ උගන්වන්න පටන්ගන්නේ කවදාද?
● ඇමරිකාවේ දකුණු කැරොලිනා ප්රාන්තයේ ජීවත් වන පියෙක් ඔහුගේ දරුවාට උගන්වන්න පටන්ගත්තේ දරුවා ඉපදෙන්නත් කලිනුයි. ඔහු බයිබලයේ සඳහන් චරිත ගැන කතන්දර ඇතුළත් මගේ බයිබල් කතන්දර පොතෙන් සෑම දිනකම කුසේ සිටින දරුවාට ඇසෙන්න කතන්දරයක් කියෙව්වා. ඒ වන විට ඔහුගේ බිරිඳ ගැබ්ගෙන මාස තුනයි. ඔහු මෙසේ පවසනවා. “අපේ දුව ඉපදුණාට පස්සෙත් අපි හැමදාම රෑට එයාට ඇහෙන්න කතන්දරයක් කියෙව්වා. අපි ඒ විදිහට මුළු පොතම තුන් සැරයක් කියවලා තියෙනවා.
“අපේ දුව යාන්තම් බහ තෝරන වයසට එනකොට බයිබලයේ තියෙන හුඟක් චරිත එයාට මතක තිබුණා. ඒ වගේම ඒ චරිත සම්බන්ධ සමහර සිදුවීම්ද එයා කරලා පෙන්වනවා. දුවට කතන්දර කීපයක්ම මතකයෙන් කියන්නත් පුළුවන්.”
වර්ණවත් පින්තූර ඇතුළත් කතන්දර 116කින් යුත් මේ පොත සකස් කර තිබෙන්නේ බයිබලයේ සඳහන් චරිත ජීවත් වූ කාල වකවානුවලට අනුවයි. පිටු 256කින් යුත් මෙම පොතේ පිටපතක් ලබාගැනීමට ඔබත් කැමති නම් පහත සඳහන් කූපනය පුරවා එහි ඇති ලිපිනයට හෝ පස්වන පිටුවේ ඇති ලිපිනයකට තැපැල් කරන්න.
□මෙහි ඇති ප්රකාශනය පමණක් ලබාගන්න කැමතියි.
□ නොමිලේ පවත්වන බයිබල් පාඩමක් සඳහා මා හමු වන්න.