Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

එක්සත් ජනපදය

හමුදාවල සේවය කළ අයගෙන් 20දෙනෙකුට වැඩි පිරිසක් හැම දවසකම දිවි නසාගන්නවා. හමුදා පුනරුත්ථාපන දෙපාර්තුමේන්තුවේ රැකවරණයේ සිටින විශ්‍රාමික හමුදා සේවකයන්ගෙන් 950ක් පමණ හැම මාසයකම දිවි නසාගැනීමට තැත් කරනවා.

චීනය

“රැකියාවක් සොයාගෙන නගරයට එන යුවතියන්ගෙන් අඩකටත් වඩා විවාහ වෙන්න කලින් ගැබ්ගන්නවා. මෙය කලින් පරම්පරාවට වඩා අසාමාන්‍ය වැඩි වීමක්” කියා පුවත්පතක වාර්තා වුණා. එහි තවදුරටත් සඳහන් වුණේ දැන් චීනයේ “බඳින්න කලින් එකට ජීවත් වීම සාමාන්‍ය දෙයක් වෙලා” කියලයි.—China Daily.

ග්‍රීසිය

මැලේරියාව 1974 වෙනකොට මුළුමනින්ම තුරන් කරලයි තිබුණේ. ඒත් මෑතක ඉඳන් ආයෙත් හිස ඔසවලා. ඒකට හේතුව ආර්ථික පරිහානිය සහ මහජන සෞඛ්‍ය සේවාවන් වෙනුවෙන් යොදවන මුදල් කපාහැරීමයි.

ඉන්දියාව

සමීක්ෂණයකින් සොයාගත්තේ සමාජය බටහිරකරණය වෙලා තිබුණත් තවමත් සියයට 74ක්ම කැමති “ආදරය කරලා” බඳිනවට වඩා විවාහ යෝජනාවලටයි. ඒ විතරක් නෙමෙයි සියයට 89ක් කැමති විවාහ වුණාට පස්සෙ “තනිව” ජීවත් වෙනවාට වඩා දෙමාපියන් හා ඥාතින් සමඟ ජීවත් වෙන්නයි.

ඉතාලිය

“යුරෝපයේ සහ ඇමරිකාවේ [කතෝලික] පල්ලිය දැන් අභාවයට ගිහිල්ලා. අපේ සම්ප්‍රදාය යල් පැනලා. පල්ලිත් ඕනෑවට වඩා ලොකුයි. මඩම් හිස් වෙලා. ඉස්සරට වඩා නීතිත් වැඩියි. අපේ චාරිත්‍ර වාරිත්‍ර සහ පූජක ඇඳුම්වල ආටෝපෙත් වැඩියි. . . . මේ දේවල් හරි යන්නේ මීට අවුරුදු 200කට කලින් තිබුණු සමාජෙටයි.” මෙසේ පැවසුවේ කාදිනල්වරයෙක් වූ කාලෝ මරියා මාටිනි විසින් පුවත්පතකටයි.—Corriere della Sera.