Skip to content

පටුනට යන්න

 බයිබලයෙන් පිළිතුරක්

ආගම

ආගම

ඇයි මෙච්චර ආගම්?

“ඔබත් දෙවිගේ ආඥාවන් අත්හැර මිනිසුන්ගේ සම්ප්‍රදායන්වලට ඇලී සිටිනවා.”මාක් 7:8.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

දෙවි කෙනෙක්ට නමස්කාර කරන්න මිනිසුන් තුළ සහජ ආශාවක් තියෙනවා. (මතෙව් 5:3) ඒ නිසා මිනිසුන් විවිධ ආගම් හදාගෙන තියෙනවා. ඒත් ඒ ආගම් හදාගෙන තියෙන්නේ තමන්ගේ අදහස්වලට අනුව මිසක් දෙවියන්ගේ කැමත්තට අනුව නෙමෙයි.

උදාහරණයකට පළමු සියවසේ සිටි ආගමික කණ්ඩායමක් ගැන බයිබලයේ මෙහෙම සඳහන් වෙනවා. “දෙවිට සේවය කරන්න ඔවුන්ට මහත් උද්‍යෝගයක් තිබෙන බව මට ස්ථිරව කිව හැකිය. නමුත් එම උද්‍යෝගය නිවැරදි දැනුම මත පදනම් වූ එකක් නොවේ. ඔවුන්ට දෙවිගේ ධර්මිෂ්ඨකම ගැන දැනුමක් නැත. එහෙයින් ඔවුන් උත්සාහ කරන්නේ තමන්ගේ ධර්මිෂ්ඨකම ඔප්පු කර පෙන්වීමටය. ප්‍රතිඵලයක් ලෙස ඔවුහු දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතියට එකඟව ක්‍රියා කරන්නේ නැත.” (රෝම 10:2, 3) ඒ හා සමානව අද තියෙන ගොඩක් ආගම් “උගන්වන්නේ මිනිසුන් ඇති කරගත් ආඥා පමණයි.”මාක් 7:7.

 යම් ආගමක සාමාජිකයෙක් වෙන්නම ඕනෙද?

‘අපි එකිනෙකා සඳහා උනන්දුවක් හා සැලකිල්ලක් දක්වමින් ප්‍රේමය පෙන්වීමට හා යහපත් ක්‍රියා කිරීමට එකිනෙකාව පොලඹවමු. එකට රැස්වීම සඳහා අපට තිබෙන අවස්ථාවන් අතපසු නොකරමු.’හෙබ්‍රෙව් 10:24, 25.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

“එකට රැස්වීම සඳහා අපට තිබෙන අවස්ථාවන් අතපසු නොකිරීමට අප වගබලා ගත යුතුයි” කියා හෙබ්‍රෙව් 10:25හි සඳහන් වෙනවා. එයින් පැහැදිලි වෙන්නේ මිනිසුන් කණ්ඩායමක් ලෙස එකට එකතු වී නමස්කාර කරනවාට දෙවියන් කැමති බවයි. ඒත් එකම ආගමේ සිටින සාමාජිකයන්ට දෙවියන් ගැනත් නමස්කාර කළ යුතු විදිහ ගැනත් විවිධ අදහස් තියෙන්න පුළුවන්ද? බැහැ. දෙවියන් කැමති විදිහට නමස්කාර කරන අය තුළ ‘පවසන දේවල් අතර එකඟතාවක් සහ පූර්ණ එකමුතුකමක් තිබිය යුතුයි.’ ඒ වගේම ‘එක හා සමාන ආකල්ප දැරීමත් එක හා සමාන ආකාරයකින් කල්පනා කිරීමත්’ අවශ්‍යයි. (1 කොරින්ති 1:10) ඔවුන් සභාවන් හැටියට සංවිධානය වීමටත් ‘සහෝදරයන් වන සියලුදෙනාටම ප්‍රේම කිරීමටත්’ කැමැත්තෙන් සිටිය යුතුයි. (1 පේතෘස් 2:17; 1 කොරින්ති 11:16) දෙවියන්ව සතුටු කරන්න පුළුවන් වෙන්නේ ඒ විදිහට නමස්කාර කරන අයට පමණයි.

සත්‍ය ආගම හඳුනාගන්නේ කොහොමද?

“ඔබ අතරේ ප්‍රේමය ඇත්නම් ඔබ මගේ ගෝලයන් බව සියලුදෙනාම දැනගනියි.”යොහන් 13:35.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

“ඔවුන්ගේ පලවලින් ඔබට ඔවුන්ව හඳුනාගත හැකියි. මිනිසුන් කිසි කලෙක කටු ගස්වලින් මිදිවත් ගොකටුවලින් අත්තික්කා ගෙඩිවත් නෙළාගනියිද?” (මතෙව් 7:16) අත්තික්කා ගස් සහ කටු ගස් අතර වෙනස හඳුනගන්න ඔබ උද්භිත විද්‍යාඥයෙක් වෙන්න ඕනේ නැහැ. ඒ හා සමානව සත්‍ය ආගම හඳුනගන්න හැම ආගමක් ගැනම පුළුල් අවබෝධයක් තියෙන්න ඕනේ නැහැ. එහෙමනම් සත්‍ය ආගමේ ලක්ෂණ මොනවාද?

  • සත්‍ය ආගම දර්ශනවාදී අදහස් උගන්වනවා වෙනුවට දේවවචනය වන බයිබලයේ තියෙන සත්‍යයන් උගන්වනවා.යොහන් 4:24; 17:17.

  • සත්‍ය ආගම මිනිසුන්ට දෙවියන් ගැන කියා දෙනවා. එයට යෙහෝවා යන දෙවියන්ගේ නම කියා දීමත් ඇතුළත්.යොහන් 17:3, 6.

  • සත්‍ය ආගම මනුෂ්‍ය ආණ්ඩු ගැන නෙමෙයි දේවරාජ්‍යය ගැන බලාපොරොත්තු තියාගන්න මිනිස්සුන්ව උනන්දු කරනවා.මතෙව් 10:7; 24:14.

  • සත්‍ය ආගමේ අය එකිනෙකාට සැබෑ ප්‍රේමයක් පෙන්වනවා. (යොහන් 13:35) හැම ජාතියකටම අයත් මිනිස්සුන්ට ගරු කරන්න, යුද්ධවලට හවුල් නොවී ඉන්න, අන් අය වෙනුවෙන් තම කාලය, ශ්‍රමය හා සම්පත් වැය කරන්න උනන්දු කරනවා.මීකා 4:1-4.

  • සත්‍ය ආගම කෙනෙකු ජීවත් විය යුතු විදිහ කියා දෙනවා. එය නිකම්ම වත්පිළිවෙත් ඉටු කිරීමක් නෙමෙයි. එහි සාමාජිකයන් ඔවුන් උගන්වන දේට එකඟව ජීවත් වෙනවා.රෝම 2:21; 1 යොහන් 3:18.

මේ සඟරාව ප්‍රකාශයට පත් කරන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් උත්සාහ කරන්නේ තමන්ගේ කතාවෙන් හා හැසිරීමෙන් දෙවියන්ට ගෞරවය ගෙන දෙන්නයි. ඔබටත් පුළුවන් ඔවුන්ගේ රැස්වීම් පවත්වන ස්ථානයකට ගිහින් බලන්න.