මේ ඔබේ පවුලටයි | සැමියාට සහ බිරිඳට
විවාහ බැඳීම ශක්තිමත් කරගන්නේ කොහොමද?
ප්රශ්නය
විවාහ වුණු දවසේ ඔයා දුන්න පොරොන්දුව මතකද? මොන ප්රශ්න ගැටලු ආවත් සැමියා එක්ක නැත්නම් බිරිඳ එක්ක ජීවිත කාලය පුරාම එකට ඉන්නවා කියලයි ඔයා එදා පොරොන්දු වුණේ.
ඒත් කාලයත් එක්ක මතු වුණු ප්රශ්න ගැටලු නිසා දැන් ඔය දෙන්නා අතර තියෙන බැඳීම අඩු වෙලාද? නැත්නම් අදත් එදා වගේමද?
දැනගන්න ඕන දේ
දෙන්නා අතර තියෙන බැඳීම ආරක්ෂාවක්. ගොඩක් අය විවාහ බැඳීම සලකන්නේ බරක් හැටියට. ඒත් ඒක නෙමෙයි ඇත්ත. කැලඹුණු මුහුදක තියෙන බෝට්ටුවක් ආරක්ෂා කරගන්න නැංගුරමක් උදව් වෙනවා වගේ විවාහය ආරක්ෂා කරගන්න උදව් වෙන්නේ දෙන්නා අතර තියෙන බැඳීමයි. බිරිඳක් වන මෙගන් ඒ ගැන මෙහෙම කිව්වා. “අපි දෙන්නා අතර තියෙන බැඳීම නිසා මොන දේ වුණත් අපි වෙන් වෙන්නේ නැහැ කියලා අපි දන්නවා. ප්රශ්නයක් ඇති වුණු වෙලාවක වුණත් ඒ නිසා මට බයක් දැනෙන්නේ නෑ.” * ඔබේ විවාහය තුළත් සමහර විට පොඩි පොඩි ප්රශ්න ඇති වෙන්න පුළුවන්. මොන දේ වුණත් ඔය දෙන්නා අතර තියෙන බැඳීම කැඩෙන්නේ නැහැ කියලා දැනගෙන ඉන්න එක ප්රශ්න විසඳගන්න උදව්වක්.—“ බැඳීම සහ විශ්වාසය” යන කොටුව බලන්න.
මේක මතක තියාගන්න: විවාහ ජීවිතයේ ප්රශ්න ඇති වෙනවා. ඒත් ඒක ඔය දෙන්නගේ බැඳීම ගැන වාද ඇති කරගන්න වෙලාවක් නෙමෙයි. ඒ වෙනුවට දෙන්නගේ බැඳීම ශක්තිමත් කරගන්න.
මොනවද කරන්න පුළුවන්?
විවාහ බැඳීම ගැන හිතන්න. “බැන්ද කෙනත් එක්ක ජීවත් වෙන මතෙව් 19:6 ඇති ප්රතිපත්තිය අදාළ කරගන්න.
තුරා එකට ඉන්න ඕන” කියලා කිව්වම ඔයාට සතුටක් දැනෙනවාද? නැත්නම් කොටු වෙලා කියලා හිතෙනවාද? ප්රශ්නයක් වුණාම ඒකට විසඳුම අනිත් කෙනාව අත්හරින එකයි කියලා ඔයාට හිතෙනවාද? ඔයාට ඕනෙ ඔයාගේ බැඳීම ශක්තිමත් කරගන්න නම්, විවාහය කියන්නේ තාවකාලික බැඳීමක් නෙමෙයි කියලා හිතන්න පුරුදු වෙන්න.—අතීතය ගැන බය වෙන්න එපා. එක කාන්තාවක් මෙහෙම කිව්වා. “මගේ අම්මයි තාත්තයි දික්කසාද වුණේ මං පොඩි කාලෙදි. ඒ නිසා විවාහ වුණු දෙන්නෙක් අතර තියෙන්න ඕනේ මොන වගේ බැඳීමක්ද කියලා මං හරියට දැනගෙන හිටියේ නැහැ.” ඔයාටත් තියෙන්නේ ඒ වගේ අතීතයක් නම් බය වෙන්න එපා. දෙමව්පියන් ගිය පාරේ යන්නේ නැතුව ඔයාට පුළුවන් ඔයාගේ විවාහ බැඳීම ශක්තිමත් කරගන්න.—ගලාති 6:4, 5 ඇති ප්රතිපත්තිය අදාළ කරගන්න.
හිතලා බලලා කතා කරන්න. ප්රශ්නයක් ඇති වුණු වෙලාවට, “ඔයාත් එක්ක ඉඳලා මට එපා වෙලා,” “මීට වඩා හොඳයි වෙන කෙනෙක්ව බැන්දා නම්” වගේ දේවල් කියන්න එපා. ඒ වගේ වචනවලින් අඟවන්නේ ඔය දෙන්නා අතර තියෙන බැඳීම ඔයා එච්චර ගණන් ගන්නේ නැහැ කියලයි. ඒ විතරක් නෙමෙයි ඒකෙන් වෙන්නේ ප්රශ්නෙට විසඳුමක් හොයනවා වෙනුවට දෙන්නට දෙන්නා බැනගන්න එකයි. ඒ නිසා හිත රිදෙන දෙයක් කියනවා වෙනුවට මේ වගේ කියන්න පුළුවන්. “අපි දෙන්න එකතු වෙලා මේ ප්රශ්නේ විසඳගමුද?”—හිතෝපදේශ 12:18 ඇති ප්රතිපත්තිය අදාළ කරගන්න.
විවාහය වටිනවා කියලා දැනෙන්න සලස්වන්න. බිරිඳගේ හරි සැමියාගේ හරි පින්තූරයක් වැඩ කරන මේසය උඩ තියාගන්න. අනිත් අයත් එක්ක විවාහය ගැන කතා කරද්දී කලකිරුණු විදිහට කතා කරන්න එපා. ඔයා ගෙදරින් පිට ගිය වෙලාවට බිරිඳට හරි සැමියාට හරි කෝල් කරන එක පුරුද්දක් කරගන්න. “මමයි මගේ මහත්තයයි,” “මමයි මගේ නෝනයි” වගේ වචන නිතරම පාවිච්චි කරන්න. එහෙම කරද්දී බිරිඳ හෝ සැමියා එක්ක ඔයාට හොඳ බැඳීමක් තියෙනවා කියලා අනිත් අය දැනගනී.
හොඳ පවුල් ජීවිතයක් ගත කරන අයව ආදර්ශයට ගන්න. සමහර අය ප්රශ්න හොඳින් විසඳගෙන අවුරුදු ගණනාවක් පුරා සාර්ථක විවාහ ජීවිතයක් ගත කරනවා. “විවාහ බැඳීම ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද? පවුල් ජීවිතය සාර්ථක කරගන්න ඒ බැඳීම උදව් වුණේ කොහොමද?” වගේ ප්රශ්න ඒ අයගෙන් අහන්න. ඔවුන්ගේ අදහස් ඔයාගේ විවාහ බැඳීම ශක්තිමත් කරගන්නත් උදව් වෙයි. බයිබලයේ කියන්නෙත් “යකඩින් යකඩ මුවහත් වෙයි. එසේම, මිනිසෙකුට දියුණු වීමට තවත් මිනිසෙකුට උපකාර කළ හැක” කියලයි.—හිතෝපදේශ 27:17.
^ 7 ඡේ. බිරිඳ හෝ සැමියා අනාචාරයේ යෙදුණොත් ඔහුව හෝ ඇයව දික්කසාද කරන්න බයිබලයේ අවසර දීලා තියෙනවා. මේ සඟරාවේ “බයිබලයෙන් පිළිතුරක් - අනාචාරය” කියන ලිපිය බලන්න.