සදාකාල ජීවනය පොරොන්දු වූ තැනැත්තාව ආදර්ශයට ගන්න
“ඔබ දෙවිගේ ප්‍රේමණීය දරුවන් වන නිසා දෙවිව අනුකරණය කරන්නන් වන්න.”—එෆී. 5:1.
1. යෙහෝවා දෙවිව ආදර්ශයට ගන්න අපිට උදව් වෙන්නේ මොන හැකියාවද?
හිතන්න, යම් කෙනෙක් ප්‍රශ්නෙකට මුහුණ දීලා ඉන්නවා කියලා. අපිට කවදාවත් ඒ වගේ ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වෙලා නැතත් ඒ කෙනාගේ තත්වයට බැහැලා එයාගේ හැඟීම් තේරුම්ගන්න අපිට පුළුවන්. ඒ යෙහෝවා දෙවි ඒ හැකියාව අපිට දීලා තියෙන නිසයි. (එෆීස 5:1, 2 කියවන්න.) යෙහෝවා දෙවිව ආදර්ශයට ගන්න ඒ හැකියාව අපිට උදව් වෙන්නේ කොහොමද? ඒ හැකියාව පාවිච්චි කරන විදිහ ගැන අපි පරෙස්සම් වෙන්න ඕනෙ ඇයි?
2. අපි විඳින දුක් වේදනා ගැන යෙහෝවා දෙවිට හැඟෙන්නේ කොහොමද?
2 අභිෂේක ලත් අයට ස්වර්ගයෙත් “වෙනත් බැටළුවන්ට” පොළොවෙත් සදාකල් ජීවත් වෙන්න අවස්ථාව දෙන්න යෙහෝවා දෙවි ආසාවෙන් ඉන්නවා. (යොහ. 10:16; 17:3; 1 කොරි. 15:53) ඒත් ඒ වෙන කල් අපිට දුක් වේදනා විඳින්න වෙනවා කියලා දෙවි දන්නවා. අපි විඳින වේදනාවන් ඔහු තේරුම්ගන්නවා. අතීතයේ තමන්ගේ සෙනඟ ඊජිප්තුවේ දුක් විඳිද්දී “ඔවුන් වින්ද සෑම දුකක්ම ඔහුටත් දැනුණා.” (යෙසා. 63:9) ඔවුන් දේවමාලිගාව නැවත ගොඩනඟන වෙලාවේ සතුරන් ඇවිත් තර්ජනය කරද්දී ඔවුන්ට දැනුණු බය යෙහෝවා දෙවි තේරුම්ගත්තා. “යමෙක් ඔබට හිරිහැර කළොත් මා එය සලකන්නේ මාගේ ඇසේ කලු ඉංගිරියාවට අත ගසන්නාක් මෙනි” කියලා දෙවි කිව්වේ ඒ නිසයි. (සෙක. 2:8) අම්මා කෙනෙක්ගේ හිතේ තමන්ගේ කිරිකැටි බිලිඳාට කොයි තරම් ආදරයක් තියෙනවද! යෙහෝවා දෙවිගේ හිතේ තමන්ගේ සෙනඟ ගැන තියෙන්නේ ඊටත් වඩා වැඩි ආදරයක්. (යෙසා. 49:15) දෙවි ආදරේ කරන විදිහට අනිත් අයට ආදරේ කරන්න අපිටත් පුළුවන්ද? ඔව්. තව කෙනෙක් දුකෙන් ඉද්දී අපි එයාගේ තත්වයේ හිටියා නම් අපිට කොහොම හැඟෙයිද කියලා හිතින් මවාගෙන ඒ කෙනාව තේරුම්ගන්නවා නම් අපිටත් පුළුවන් දෙවිව ආදර්ශයට ගන්න.—ගීතා. 103:13, 14.
යෙහෝවා දෙවි වගේ යේසුත් මිනිසුන්ට ආදරේ කළා
3. යේසුස් දයාන්විත කෙනෙක් කියලා පැහැදිලි වෙන්නේ කොහොමද?
3 මිනිසුන් මුහුණ දීපු සමහර වේදනාකාරී අද්දැකීම්වලට යේසුස් මුහුණ දීලා තිබුණේ නැතත් ඔවුන්ගේ වේදනාව යේසුස්ට දැනුණා. හුඟක් මිනිසුන් අගහිඟකම්වලින් පිරුණු ජීවිත ගත කරනවා කියලා ඔහු දැනගෙන හිටියා. ඔය අතරේ ආගමික නායකයන් බොරු කියලා ඔවුන්ව මුළා කරලා තිබුණා. දෙවි දීපු නැති විවිධාකාර නීති දාලා ඔවුන්ව අසරණ කරලා තිබුණා. ඔවුන් හිටියේ ආගමික නායකයන්ට බයෙන්. (මතෙ. 23:4; මාක් 7:1-5; යොහ. 7:13) යේසුස්ගේ හිතේ කවදාවත් ඒ ආගමික නායකයන්ට බයක් ඇති වුණේ නැහැ. ඔහු ඔවුන්ගේ බොරුවලට රැවටුණෙත් නැහැ. ඒත් මිනිසුන් හිටපු තත්වය ඔහු තේරුම්ගත්තා. ඔවුන් “එඬේරෙකු නැති බැටළුවන් මෙන්” අසරණව ඉන්නවා දැක්කම යේසුස්ට ලොකු දුකක් දැනුණා. (මතෙ. 9:36) ඒ අයට ආදරේ කරන්න, ‘දයාන්විතව, කරුණාවන්තව’ සලකන්න ඔහු පෙලඹුණේ තමන්ගේ පියාව ආදර්ශයට ගත්ත නිසයි.—ගීතා. 103:8.
4. අනිත් අය දුක් විඳිනවා දකිද්දී යේසුස් පෙලඹුණේ මොනවා කරන්නද?
4 මිනිසුන් ගැන හිතේ තිබුණු ආදරේ නිසා ඔවුන් දුක් විඳිනවා දකිද්දී ඔවුන්ට උදව් කරන්න යේසුස් පෙලඹුණා. දවසක් යේසුස්ගේ නියෝජිතයන් දේශනා සේවයේ ගිහින් යේසුස් ළඟට ආවා. ඔවුන් හිටියේ හුඟක් වෙහෙස වෙලයි. ඒ වෙලාවේ යේසුස් තීරණය කළා පොඩි විවේකයක් ගන්න. ඒත් යේසුස් දැක්කා හුඟක් අය ඔහු එන කල් බලාගෙන ඉන්නවා. ඒ අයට තමන්ගේ උදව් ඕනෙ කියලා තේරුම්ගත්ත යේසුස්, “ඔවුන්ට බොහෝ දේ උගන්වන්න පටන්ගත්තා.”—මාක් 6:30, 31, 34.
යෙහෝවා දෙවි වගේ ආදරේ කරන්න
5, 6. යෙහෝවා දෙවි වගේ ආදරේ කරන්න නම් අපි කරන්න ඕනෙ මොනවද? උදාහරණයක් දෙන්න. (ලිපියේ මුල් පින්තූරය බලන්න.)
5 අනිත් අයට යෙහෝවා දෙවි වගේ ආදරේ කරන්න අපිට පුළුවන් කොහොමද? මේ සිද්ධිය ගැන හිතමු. ඇලන් තරුණ සහෝදරයෙක්. ඇවිද ගන්න අමාරු, පෙනීමත් හුඟක් දුර්වල මහලු සහෝදරයෙක් එයාගේ සභාවේ ඉන්නවා. එයාට උදව් කරන්න පුළුවන් කොහොමද කියලා කල්පනා කරද්දී ඇලන්ට යේසුස් කියපු මේ වචන මතක් වෙනවා. “අනුන් ඔබට කරනවාට ඔබ කැමති දේ එලෙසින්ම ඔවුන්ටත් කරන්න.” (ලූක් 6:31) ඊටපස්සේ ඇලන් මෙහෙම හිතනවා. ‘මං නම් කැමති අනිත් අය මාත් එක්ක ක්‍රිකට් ගහන්න එනවටයි.’ ඒත් ඒ මහලු සහෝදරයාට දුවලා පැනලා ක්‍රිකට් ගහන්න බැහැ. එහෙමනම් ඇලන් හිතන්න ඕනෙ කොහොමද? එයා හිතන්න ඕනෙ ‘මං ඒ මහලු සහෝදරයා නම් අනිත් අය මං වෙනුවෙන් මොනවා කරනවටද මං කැමති’ කියලයි.
6 ඇලන් තරුණ කෙනෙක් වුණත් මහලු වයසේ හිටියා නම් තමන්ට කොහොම හැඟෙයිද කියලා හිතින් මවාගන්න ඔහු උත්සාහ කළා. ඊටපස්සේ ඔහු ඒ මහලු සහෝදරයා එක්ක කාලේ ගත කළා. ඔහු කියන දේවලට සවන් දුන්නා. එතකොටයි ඇලන්ට තේරුණේ බයිබලේ කියවන්න, දේශනා සේවයේ යන්න එයාට උදව් ඕනෙ කියලා. එයාට උදව් කරන්න තමන්ට පුළුවන් හැම දේම කරන්න ඇලන් හිතාගත්තා. අනිත් අය ඉන්න තත්වය තේරුම් අරන්, ඒ අයට ඕන කරන ආදරේ පෙන්නනවා නම් යෙහෝවා දෙවි වගේ අනිත් අයට ආදරේ කරන්න අපිටත් පුළුවන්.—1 කොරි. 12:26.
7. සහෝදර සහෝදරියන් අද්දකින වේදනාකාරී තත්වයන් තේරුම්ගන්න අපිට පුළුවන් කොහොමද?
7 අනිත් අය දුකෙන්, වේදනාවෙන් ඉන්නේ ඇයි කියලා තේරුම්ගන්න එක ලේසි නැහැ. අපි ඒ අය මුහුණ දෙන තත්වය කවදාවත් අද්දැකලා නැත්නම් ඒක තවත් අමාරුයි. අපේ සහෝදර සහෝදරියෝ හුඟදෙනෙක් දුක් විඳින්නේ අසනීප, අනතුරු, මහලු වයස වගේ හේතු නිසයි. තවත් රෝම 12:15; 1 පේතෘස් 3:8 කියවන්න.
අය මානසික ප්‍රශ්න, අධික කනස්සල්ල නිසාත් අතීතයේදී අද්දැකපු අමිහිරි දේවල් නිසාත් දුක් විඳිනවා. සමහරු සැමියා, බිරිඳ නැතුව තනියෙන් දරුවෝ හදා වඩා ගන්නවා. තවත් අයගේ පවුලේ අය දෙවිට සේවය කරන්නේ නැහැ. හැමෝටම මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා. අනිත් අය මුහුණ දෙන ප්‍රශ්න අපේ ප්‍රශ්නවලට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඒ වුණත් අපිට ඕනෙ ඒ අයට උදව් කරන්නයි. ඒක කරන්නේ කොහොමද? ඉස්සෙල්ලම ඒ අයට ඇහුම්කන් දෙමු. ඒ අය ඉන්න තත්වය තේරුම්ගමු. එතකොට අපිට පුළුවන් එයාට උදව් ඕනෙ මොන පැත්තෙන්ද කියලා තේරුම්ගන්න. සමහරවිට එයාට ඕන කරන්නේ දිරිගැන්වීමක් වෙන්න පුළුවන්. නැත්නම් එයා වෙනුවෙන් යම් දෙයක් කරලා දෙන එක වෙන්න පුළුවන්. ඒ විදිහට යෙහෝවා දෙවි වගේ අනිත් අයට ආදරේ කරන්න අපි උත්සාහ කරමු.—යෙහෝවා දෙවි වගේ කරුණාව පෙන්නන්න
8. අනිත් අයට කරුණාවන්තව සලකන්න යේසුස්ට උදව් වුණේ මොකක්ද?
8 යෙහෝවා දෙවි හැම කෙනෙක්ටම කාරුණිකව සලකනවා. (ලූක් 6:35) යේසුත් ඔහුගේ පියා වගේම කරුණාවන්තයි. අනිත් අයට කරුණාවන්තව සලකන්න යේසුස්ට පුළුවන් වුණේ කොහොමද? තමන් කියන්න, කරන්න යන දේ නිසා අනිත් අයට කොහොම හැඟෙයිද කියලා යේසුස් නිතරම හිතුවා. දවසක්, හුඟක් නරක ජීවිතයක් ගත කරපු ස්ත්‍රියක් ඇවිත් යේසුස්ගේ දෙපතුල ළඟ වැටිලා අඬන්න පටන්ගත්තා. කරපු වැරදි ගැන එයා කොයි තරම් දුක් වෙනවද කියලා යේසුස් තේරුම්ගත්තා. ඒ වෙලාවේ අකාරුණික විදිහට කතා කළොත් එයාගේ දුක තවත් වැඩි වෙනවා කියලා තේරුම්ගත්ත යේසුස්, කාරුණිකව කතා කළා. එයා කරපු හොඳ දේවල් අගය කරලා සමාව දුන්නා. ඒ ස්ත්‍රියට විතරක් නෙමෙයි එයාට කාරුණිකව සලකපු එක වැරදියි කියලා හිතපු පරිසිවරයාටත් යේසුස් කාරුණිකව කතා කළා.—ලූක් 7:36-48.
9. යෙහෝවා දෙවි වගේ කාරුණික වෙන්න අපිට උදව් වෙන්නේ මොකක්ද? උදාහරණයක් දෙන්න.
9 යෙහෝවා දෙවි වගේ කාරුණික වෙන්න අපිට පුළුවන් කොහොමද? අපිත් තව කෙනෙකුට යම් දෙයක් කියන්න, කරන්න කලින් ඒ ගැන හිතන්න ඕනේ. එතකොට ඒ කෙනාගේ හිත රිද්දන්නේ නැතුව එයාට කාරුණිකව සලකන්න අපිට පුළුවන්. පාවුල් කිව්වේ දෙවිගේ සේවකයෙක්ට “දබර කිරීමට අවශ්‍යතාවක් නැත. ඒ වෙනුවට ඔහු සියලුදෙනා සමඟ කටයුතු කළ යුත්තේ මෘදුකමිනි” කියලයි. (2 තිමෝ. 2:24) මේ වගේ අවස්ථාවලදී කාරුණික වෙන්න පුළුවන් කොහොමද කියලා හිතන්න. රැකියා ස්ථානයේ ප්‍රධානියෙක් ඔහුගේ රාජකාරිය හරියට කරන්නේ නැත්නම් ඔයා මොකද කරන්නේ? සහෝදරයෙක් මාස ගාණකට පස්සේ රැස්වීම් ආවම ඔයා මොනවද එයාට කියන්නේ? දේශනා සේවයේ යද්දී ‘දැන් කතා කරන්න වෙලාවක් නැහැ’ කියලා කවුරු හරි කිව්වොත් එයාට කාරුණිකව සලකන්නේ කොහොමද? ඔයා ගත්ත යම් තීරණයක් ගැන ‘ඇයි මාත් එක්ක ඒ ගැන කලින් කතා කළේ නැත්තේ’ කියලා ඔයාගේ බිරිඳ ඇහුවොත් එයාට කාරුණිකව උත්තර දෙන්න ඔයාට පුළුවන්ද? අනිත් අය ඉන්න තත්වයට බැහැලා හිතන්න අපි පුරුදු වෙන්න ඕනේ. අපේ වචන ඒ අයට කොහොම බලපායිද කියලා කලින්ම හිතන එකත් වැදගත්. එතකොට යෙහෝවා දෙවි වගේ කාරුණිකව කතා කරන්න, වැඩ කරන්න අපිට පුළුවන්.—හිතෝපදේශ 15:28 කියවන්න.
දෙවි වගේ ප්‍රඥාවන්තව වැඩ කරන්න
10, 11. යෙහෝවා දෙවි වගේ ප්‍රඥාවන්තව වැඩ කරන්න අපිට උදව් වෙන්නේ මොකක්ද? උදාහරණයක් දෙන්න.
10 යෙහෝවා දෙවිට තියෙන්නේ මිනිසුන්ට හිතාගන්න බැරි තරම් ප්‍රඥාවක්. ඕනෙ නම් අනාගතයේ වෙන දේවල් කලින්ම දකින්න ඔහුට පුළුවන්. දෙවි වගේ අනාගතය ගැන කියන්න අපිට බැහැ. ඒත් අපි අද්දැකලා නැති තත්වයක් හිතින් මවාගන්න අපිට තියෙන හැකියාව නිසා දෙවි වගේ ප්‍රඥාවන්තව වැඩ කරන්න අපිට පුළුවන්. ඒ කියන්නේ තීරණයක් ගන්න කලින් අපි ඒ දේ කළොත් අපිටත් අනිත් අයටත් ඒක කොහොමද බලපායිද කියලා හිතින් මවාගන්න අපිට පුළුවන්. අතීතයේ හිටපු ඊශ්‍රායෙල්වරුන් නම් ඒ හැකියාව පාවිච්චි කළේ නැහැ. දෙවිට අකීකරු වුණොත් මොනවා වෙයිද කියලා හිතන්න ඔවුන්ට කිසිම වුවමනාවක් තිබුණේ නැහැ. දෙවි එක්ක තියෙන බැඳීම ගැන, දෙවි ඔවුන් වෙනුවෙන් කරපු දේවල් ද්වි. 31:29, 30; 32:28, 29.
ගැන ඔවුන් හිතුවේ නැහැ. මෝසෙස් ඒක දැනගෙන හිටපු නිසයි ඔහු මෙහෙම කිව්වේ. “ඊශ්‍රායෙල් ජාතිය උපදෙස් පිළි නොගන්නා සෙනඟකි. ඔවුන් අතරේ සිහිකල්පනාවෙන් ක්‍රියා කරන කිසිවෙක් නැත. ඔවුහු නුවණැතිව ක්‍රියා කළා නම් තමන්ට සිදු වන දේ ගැන ගැඹුරින් කල්පනා කරනු ඇත. තමන් කරන දේවල නරක ප්‍රතිඵල ගැන සලකා බලනු ඇත.”—11 ඊශ්‍රායෙල්වරුන් වගේ වෙන්නේ නැතුව ඉන්න අපිට පුළුවන් කොහොමද? මෙහෙම හිතන්න. ඔයා විවාහ වෙන අරමුණින් කාත් එක්ක හරි යාළු වෙලා ඉන්නවා නම් ඒ කෙනා ගැන හිතේ තියෙන කැමැත්ත, ආදරේ නිසා ඔයාගේ හැඟීම් පාලනය කරගන්න අමාරු වෙයි. ඔයාගේ අතින් වරදක් වුණත් වෙන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් ඔයාගේ ජීවිතේ වටිනාම දේ වන යෙහෝවා දෙවි එක්ක තියෙන බැඳීමට හානියක් වෙනවා කියලා ඔයා තේරුම්ගන්නවා. එතකොට ප්‍රඥාවන්තව වැඩ කරලා වරදකට වැටෙන්න තියෙන අවස්ථාවන් මඟහරින්න ඔයාට පුළුවන්. “බුද්ධිමත් අය අවදානම දුර තියාම හඳුනාගෙන එයින් ඉවත් වෙති. නමුත් අද්දැකීම් අඩු අය ඒ දෙසටම ගමන් කර ප්‍රතිඵල විඳිති” කියලා බයිබලේ කියනවා.—හිතෝ. 22:3.
හිතන දේවල් ගැන පරෙස්සම් වෙන්න
12. අපේ සිතුවිලි අපිට හානියක් වෙන්න පුළුවන් කොහොමද?
12 ප්‍රඥාවන්ත කෙනෙක් තමන්ගේ සිතුවිලි පාලනය කරගන්නවා. අපේ සිතුවිලිවලට පුළුවන් අපිට උදව් කරන්න වගේම අපිට හානියක් කරන්න. හරියට ගින්දර වගේ. කල්පනාකාරීව පාවිච්චි කළොත් ගින්දරවලින් හුඟක් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒත් අපි පරෙස්සම් වුණේ නැත්නම් ගින්දරවලට පුළුවන් අපේ නිවස ගිනිබත් කරලා අපිව මරලා දාන්න. අපේ සිතුවිලිත් ඒ වගේ. නිතරම යෙහෝවා දෙවි උගන්වන දේවල් ගැන හිතනවා නම් අපිට හුඟක් ප්‍රයෝජන ලැබෙනවා. ඒත් නිතරම හිතන්නේ අනාචාරයට සම්බන්ධ දේවල් ගැන නම් ඒවා ගැන ආසාවක් ඇති වෙලා ඒවා කරන්න අපි පෙලඹෙයි. එහෙම වුණොත් යෙහෝවා දෙවි එක්ක අපිට තියෙන මිත්‍රත්වය නැති වෙනවා.—යාකොබ් 1:14, 15 කියවන්න.
13. ඒව හිතින් මවාගත්තේ මොන වගේ ජීවිතයක්ද?
13 යෙහෝවා දෙවි ආදම් සහ ඒවට කිව්වේ “‘හොඳ හා නරක හඳුනාගැනීම’ යන නමින් හැඳින්වෙන ගසෙන්” ගෙඩි කන්න එපා කියලයි. (උත්. 2:16, 17) ඒත් සාතන් ඒවට මෙහෙම කිව්වා. “ඔබ කවදාවත් මිය යන්නේ නැහැ. එයින් කන දවසේම ඔබේ ඇස් ඇරෙන බවත් ඔබ හොඳ හා නරක දැනගෙන දෙවිට සමාන වන බවත් දෙවි දන්නේය.” හොඳ මොකක්ද නරක මොකක්ද කියලා තමන්ටම තීරණය කරන්න පුළුවන් නම් ජීවිතේ කොච්චර හොඳද කියලා ඒව හිතන්න පටන්ගත්තා. ඒව ඒ ගැන දිගින් දිගටම හිතපු නිසා “ඒ ගසේ පල කෑමට හොඳ බවත් ඇසට ප්‍රිය බවත් දැක ඊට ආශා වුණා” කියලා බයිබලේ කියනවා. ඊටපස්සේ මොකද වුණේ? “ඇය ගසෙන් ගෙඩි කඩා කෑවාය. පසුව ඇය තම ස්වාමිපුරුෂයාටත් එයින් කන්න දුන්නාය. ඔහුද එය කෑවේය.” (උත්. 3:1-6) අන්තිමේදී “මුළු මිනිස් වර්ගයාටම පව්කාර ස්වභාවය ඇතුල් විය. එහි ප්‍රතිඵලය මරණයයි.”—රෝම 5:12.
14. බයිබලේ අපිට දීලා තියෙන්නේ මොන අනතුරු ඇඟවීමද?
මතෙ. 5:28) පාවුල් කිව්වෙත් ‘වැරදි ආශාවන් තෘප්තිමත් කරගැනීමට කල්තියාම සැලසුම් යොදන්න එපා’ කියලයි.—රෝම 13:14.
14 ඇත්ත, ඒව කළේ අනාචාරයට සම්බන්ධ වරදක් නෙමෙයි. ඒත් බයිබලේ අපිට අනාචාරයට සම්බන්ධ දේවල් ගැන දිගින් දිගටම හිතන එක ගැනත් අනතුරු අඟවලා තියෙනවා. යේසුස් ඒ ගැන මෙහෙම කිව්වා. “කාමාශාවකින් ස්ත්‍රියක් දෙස දිගින් දිගටම බලමින් සිටින සෑම කෙනෙකුම ඒ වන විටත් සිතින් ඇය සමඟ අනාචාරයේ හැසිරී ඇත.” (15. අපි රැස් කරන්න ඕන වස්තුව මොකක්ද? ඒ ඇයි?
15 යෙහෝවා දෙවිව සතුටු කරන්නේ කොහොමද කියලා හිතනවා වෙනුවට පොහොසත් වෙන එක ගැන සිහින දකින එකත් භයානක දෙයක්. කෙනෙක්ට ධනය තිබුණා කියලා එයාගේ ජීවිතේ ආරක්ෂා වෙන්නේ නැහැ. (හිතෝ. 18:11) යේසුස් කිව්වේ කෙනෙක් යෙහෝවා දෙවිට ජීවිතේ මුල් තැන දෙන්නේ නැතුව වස්තුව රැස් කරගන්න හදනවා නම් ඔහු මෝඩ කෙනෙක් කියලයි. (ලූක් 12:16-21) ඒ වෙනුවට අපි “ස්වර්ගයෙහි වස්තු රැස් කරගන්න” උත්සාහ කරනවා නම් දෙවි කැමති විදිහට ජීවත් වෙන්න උත්සාහ කරනවා නම් යෙහෝවා දෙවි අපි ගැන සතුටු වෙනවා වගේම අපිටත් ලොකු සතුටක් දැනෙනවා. (මතෙ. 6:20; හිතෝ. 27:11) දෙවි එක්ක තියෙන මිත්‍රත්වය තරම් මේ ලෝකෙ වෙන කිසිම දෙයක් වටින්නේ නැහැ.
කනස්සල්ල ඇති කරන සිතුවිලි පාලනය කරගන්න
16. අපි අනවශ්‍ය විදිහට කනස්සලු වෙනවා නම් කරන්න පුළුවන් මොකක්ද?
16 මේ ලෝකෙ පොහොසතෙක් වෙන්න උත්සාහ කළොත් හුඟක් හිත් වේදනාවලට මුහුණ දෙන්න වෙනවා. (මතෙ. 6:19) මුදල් ගැන හිතලා අනවශ්‍ය විදිහට කනස්සලු වෙන්න ගියොත් ජීවිතේ මුල් තැන දේවරාජ්‍යයට දෙන්න බැරි වෙනවා කියලා යේසුත් කිව්වා. (මතෙ. 13:18, 19, 22) තවත් සමහරු හැම තිස්සෙම තමන්ටත් තමන් ආදරේ කරන අයටත් වෙන්න පුළුවන් අනතුරු ගැන හිතින් මවාගෙන අනවශ්‍ය විදිහට කනස්සලු වෙනවා. ඒ දේවල් ගැන දිගින් දිගටම හිතහිත කනස්සල්ලෙන් ඉන්න ගියොත් අපි අසනීප වෙයි. දෙවි ගැන අපිට තියෙන විශ්වාසයත් නැති වෙයි. ඒකට ඉඩ දෙන්න එපා. බයිබලේ කියන්නේ “මිනිසෙකු තම සිතේ ඇති කනස්සල්ල නිසා මානසිකව වැටෙයි. නමුත් දිරිගන්වනසුලු වචනයකින් ඔහුගේ සිත ප්‍රීතිමත් වෙයි” කියලයි. (හිතෝ. 12:25) කනස්සල්ලෙන් ඉද්දී ඔයා ගැන හොඳට දන්න, යෙහෝවා දෙවිට සේවය කරන කෙනෙක් එක්ක ඒ ගැන කතා කරන්න. ඔයාගේ අම්මා, තාත්තා, සැමියා, බිරිඳ නැත්නම් හොඳ යාළුවෙක් දෙවි ගැන විශ්වාසය තියලා වැඩ කරන්න ඔයාව දිරිගන්වයි.
17. කනස්සල්ලෙන් ඉද්දී යෙහෝවා දෙවි අපිට උදව් කරන්නේ කොහොමද?
17 යෙහෝවා දෙවිට තරම් අපිව තේරුම්ගන්නත් අපිව සනසන්නත් වෙන කිසිම කෙනෙකුට බැහැ. ඒ නිසා බයිබලේ මෙහෙම කියනවා. “කිසි දෙයක් ගැන කනස්සලු නොවන්න. ඒ වෙනුවට යාච්ඤාවෙන් හා කන්නලව්වලින් ඔබේ සියලු ඉල්ලීම් දෙවිට පවසන්න. එමෙන්ම ඔහුට ස්තුති කිරීමටද අමතක නොකරන්න. එවිට ක්‍රිස්තුස් යේසුස් තුළින් දෙවි ලබා දෙන සමාදානය අද්දැකීමට ඔබට පුළුවන. එය කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි වූ සමාදානයකි. ඒ සමාදානය ඔබේ හදවතටත් මනසටත් ආරක්ෂාවක් වේ.” (ෆිලි. 4:6, 7) කනස්සල්ලක් දැනෙද්දී යෙහෝවා දෙවි එක්ක තියෙන මිත්‍රත්වය ශක්තිමත් කරගන්න දෙවි ඔයාට උදව් කරන විදි ගැන හිතන්න. සහෝදර සහෝදරියන්, වැඩිමහල්ලන්, විශ්වාසවන්ත දාසයා, දේවදූතයන් සහ යේසුස් මාර්ගයෙන් යෙහෝවා දෙවි ඔයාට මොන තරම් උදව් කරනවද කියලා හිතන්න.
18. දේවල් හිතින් මවාගන්න අපිට තියෙන හැකියාව අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?
18 අනිත් අය ඉන්න තත්වයට බැහැලා ඒ අයගේ හැඟීම් තේරුම්ගන්න අපිට තියෙන හැකියාව යොදාගන්නවා නම් දෙවිව ආදර්ශයට ගන්න අපිටත් පුළුවන් කියලා මේ ලිපියෙන් ඉගෙනගත්තා. (1 තිමෝ. 1:11; 1 යොහ. 4:8) අනිත් අයට ආදරේ, කරුණාව පෙන්නද්දී අපි කරන දේවල ප්‍රතිඵල ගැන හිතලා වැඩ කරද්දී කනස්සල්ල ඇති කරන හැඟීම් පාලනය කරගද්දී සතුටක් ලැබෙන්නේ අපිටමයි. ඒ නිසා දේවරාජ්‍යය මේ පොළොව පාලනය කරද්දී අපේ ජීවිත මොන තරම් ලස්සන වෙයිද කියලා හිතින් මවාගමු. යෙහෝවා දෙවිව ආදර්ශයට ගන්න උපරිමයෙන් උත්සාහ කරමු.—රෝම 12:12.