Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | දෙවියන් ඔබ ගැන සැලකිල්ලක් දක්වනවාද?

දෙවියන් ඔබ ගැන සැලකිල්ලක් දක්වනවාද?

දෙවියන් ඔබ ගැන සැලකිල්ලක් දක්වනවාද?

“මම අසරණ දිලින්දෙක්ව සිටිමි. නමුත් යෙහෝවා දෙවි වන ඔබ මා ගැන සලකන්නෙහිය.” *දාවිත් රජ, ක්‍රි.පූ. 11වෙනි සියවසේදී.

ජාතීන් දිය බින්දුවක් වගෙයි.—යෙසායා 40:15

තමන් ගැන දෙවියන් සැලකිල්ල දක්වනවා කියලා දාවිත් රජ කිව්වා. දෙවියන් ඔබ ගැනත් සැලකිල්ල දක්වනවාද? බලයෙන් පූර්ණ දෙවියන් මිනිසුන් ගැන සැලකිල්ල දක්වනවා කියන එක තේරුම්ගන්න හුඟදෙනෙක්ට අසීරුයි. ඒ ඇයි?

මිනිසුන්ට වඩා දෙවියන් හුඟක් උසස් කෙනෙක් වීම එක හේතුවක්. ඔහු ඉදිරියේ ජාතීන් ‘කළයකින් වැටෙන දිය බිඳක් හා තරාදියක තිබෙන දූවිල්ලට’ සමානයි. (යෙසායා 40:15) ඒ නිසා එච්චර උසස් දෙවි කෙනෙක් “අපි ගැන සැලකිල්ල දක්වනවා කියලා හිතන එක මහ උඩඟුකමක්” කියලා දෙවි කෙනෙක් ඉන්නවා කියන එක ගැන සැක කරපු ලේඛකයෙක් කිව්වා.

තමන් අතින් වෙලා තියෙන වැරදි නිසා දෙවියන්ගේ සැලකිල්ල ලබන්න තරම් තමන් වටින්නේ නැහැ කියලා සමහරු හිතනවා. ඒක තවත් හේතුවක්. උදාහරණයකට ජිම් මෙහෙම කියනවා. “සන්සුන් කෙනෙක් වෙන්නත් මාවම පාලනය කරගන්නත් ශක්තිය ඉල්ලලා මම දිගටම යාච්ඤා කළා. ඒත් කේන්තිය පාලනය කරගන්න බැරි වුණා. මම කොච්චර නරකද කියනවා නම් මට උදව් කරන්න දෙවියන්ට බැහැ කියලයි මට හිතුණේ.”

අපි ගැන සැලකිල්ලක් දක්වන්න බැරි තරමටම දෙවියන් අපෙන් ඈත් වෙලාද? පාපය උරුම කරගෙන ඉන්න අපි ගැන ඔහුට හිතෙන්නේ කොහොමද? උත්තර දැනගන්න පුළුවන් දෙවියන්ගෙන්මයි. ඔහුගේ පණිවිඩය අඩංගු බයිබලයේ ඔහු ගැන මෙහෙම කියනවා. ‘ඔහු අපෙන් දුරස්ව සිටින කෙනෙක් නොවෙයි.’ (ක්‍රියා 17:27) දෙවියන් අපි ගැන කොයි තරම් සැලකිල්ලක් දක්වනවාද කියලත් ඔහු මිනිසුන්ට සැලකිල්ල දක්වලා තියෙන්නේ කොහොමද කියලත් ඊළඟ ලිපි හතරෙන් බලමු.

^ 3 ඡේ. ගීතාවලිය 40:17. සැබෑ දෙවියන්ගේ නම යෙහෝවා කියලා බයිබලයේ සඳහන් වෙනවා.