Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | යක්ෂයා ඇත්තටම ඉන්නවාද?

යක්ෂයා කියලා කෙනෙක් ඉන්නවාද?

යක්ෂයා කියලා කෙනෙක් ඉන්නවාද?

යක්ෂයා බවට පත් වුණ දුෂ්ට දේවදූතයාව පෙන්වන ස්පාඤ්ඤයේ මැඩ්රිඩ්වල ප්‍රතිමාවක්

“මං පොඩි කාලේ වැරදි වැඩක් කරද්දී ‘යකා ඔයාව අල්ලගෙන යයි’ කියලා අම්මා කිව්වම ‘මං බය නෑ’ කියලා කියනවා. මම දෙවියන්ව විශ්වාස කළත් යක්ෂයෙක් ඉන්නවා කියලා විශ්වාස කළේ නැහැ.”—එල් සැල්වඩෝර්වල රොකල්යො.

ඔයා හිතන්නෙත් එහෙමද? පහළ තියෙන ඒවාවලින් ඔයා පිළිගන්නේ මොකක්ද?

  • යක්ෂයා කියලා කෙනෙක් නැහැ. මිනිස්සු යක්ෂයා කියලා කියන්නේ නපුරු සිතුවිල්ලකටයි.

  • යක්ෂයා කියලා කෙනෙක් ඉන්නවා. ඒත් ඔහු මිනිසුන්ට බලපෑම් කරන්නේ නැහැ.

  • යක්ෂයා නොපෙනෙන බලවත් කෙනෙක්. ඔහු මිනිසුන්ට බලපෑම් කරනවා.

යක්ෂයා ගැන ඒ වගේ විවිධ මත දරන හුඟදෙනෙක් ඉන්නවා. ඒත් හරි එක මොකක්ද කියලා දැනගන්න එක වැදගත්. මෙහෙම හිතන්න. ඇත්තටම යක්ෂයෙක් නැත්නම් එහෙම කෙනෙක් ඉන්නවා කියලා හිතන අය නොමඟ ගිහින්. අනිත් අතට යක්ෂයෙක් හිටියත් මිනිසුන්ට බලපෑම් කරන්නේ නැත්නම් හුඟක් අය යක්ෂයෙකුට බය වෙන්නේ නිකරුණේ. ඒත් යක්ෂයා කූට විදිහට මිනිසුන්ට බලපෑම් කරනවා නම් ඒක හරිම භයානකයි.

යක්ෂයා නපුරු සිතුවිල්ලක්ද නැත්නම් නොපෙනෙන බලවත් පුද්ගලයෙක්ද? යක්ෂයා පුද්ගලයෙක් නම් ඔබට හානි කරන්න ඔහුට පුළුවන්ද? එහෙමනම් ආරක්ෂා වෙන්නේ කොහොමද? මේ ප්‍රශ්නවලට බයිබලයෙන් උත්තර හොයලා බලමු.