Skip to content

පටුනට යන්න

 මුල් පිටුවෙන් | අල්ලස් හා දූෂණ නැති ලොවක්!

ආණ්ඩුවල අල්ලස් හා දූෂණය මුල් බැහැලා!

ආණ්ඩුවල අල්ලස් හා දූෂණය මුල් බැහැලා!

ආණ්ඩුවල අල්ලස් හා දූෂණ සිද්ධ වෙන්නේ මහජනයාගෙන් ලැබෙන බලයෙන් අයුතු ප්‍රයෝජන ගන්න නිසයි. මේක පටන්ගත්තේ අද ඊයේ නෙවෙයි. උදාහරණයකට, මීට අවුරුදු 3,500කට කලින් නඩු විභාගවලදී අල්ලස් ගැනීම තහනම් කරලා නීතියක් පනවලා තිබුණා කියලා බයිබලයේ කියනවා. (නික්මයාම 23:8) දූෂණය කියන්නේ අල්ලස් ගැනීම විතරක්ම නෙමෙයි. භාණ්ඩ සොරකම, තමන්ට අයිති නැති සේවාවන් ලබාගැනීම, මුදල් සොරකම වගේ දේවලුත් ඒකට ඇතුළත්. ඉහළ බලධාරීනුත් ඒ වගේ දේවල් කරනවා. ඒ වගේම ඔවුන් තමන්ගේ තනතුර පාවිච්චි කරලා මිතුරන්ට හා නෑදෑයන්ට වාසි ලබා දෙන අවස්ථාත් තියෙනවා.

වංචා, දූෂණ ඕනම ආයතනයක සිද්ධ වෙන්න ඉඩ තිබුණත් ආණ්ඩුවල ඒ දේ සිද්ධ වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. අල්ලස් හා දූෂණ ගැන හොයලා බලන ආයතනයකින් සමීක්ෂණයක් කෙරුවා. ඒකෙදී හෙළි වුණේ ලොව පුරා ඉන්න ජනයාගේ අදහසට අනුව වැඩියෙන්ම අල්ලස් හා දූෂණ සිද්ධ වෙන තැන් 5ක් තියෙනවා කියලයි. ඒවා නම් දේශපාලන පක්ෂ, පොලීසිය, රජයේ බලධාරීන්, රජයේ නීති සම්පාදක ආයතනය සහ අධිකරණයයි. ඒ ගැන වාර්තා කීපයක් දැන් බලමු.—Global Corruption Barometer 2013.

  • අප්‍රිකාව: 2013දී දකුණු අප්‍රිකාවේ බලධාරීන් 22,000කට විතර දූෂණ හා වංචාවලට දඩ ගෙවන්න සිද්ධ වුණා.

  • ඇමරිකානු රටවල්: 2012දී බ්‍රසීලයේ 25දෙනෙක් බලය ලබාගන්න මහජනයාගේ මුදල් අයුතු විදිහට පාවිච්චි කරලා අහු වුණා. බ්‍රසීලයේ කලින් ජනාධිපතිගේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරියාත්, ඒ කියන්නේ ඒ රටේ දෙවෙනි බලවත්ම කෙනාත් ඒ අතරේ හිටියා.

  • ආසියාව: 1995දී දකුණු කොරියාවේ සෝල් නගරයේ වෙළඳ සංකීර්ණයක් කඩා වැටිලා 502දෙනෙක් මැරුණා. එහෙම වුණේ බලධාරීන් අල්ලස් අරන් කොන්ත්‍රාත්කරුවන්ට ඉදි කිරීමේ නීති කඩ කරලා ප්‍රමිතියෙන් බාල කොන්ක්‍රීට් දාන්න ඉඩ දුන්න නිසයි.

  • යුරෝපය: ‘යුරෝපයේ මේ ප්‍රශ්නය උග්‍ර වෙලා. සාමාන්‍යයෙන් දේශපාලනයෙන් වෙන්න ඕන දූෂණ නැති කරන එකයි. ඒත් ඒක කරන්න ඒ අයට වුවමනාවක් නැහැ’ කියලා යුරෝපා කොමිසමේ කොමසාරිස්වරියක් වන සිසිලියා මාල්ම්ස්ත්‍රොම් කිව්වා.

ආණ්ඩුවල දූෂණය මුල් බැහැලා. ඒක නැති කරන්න නම් “ආණ්ඩුවල කටයුතු සම්පූර්ණයෙන්ම වගේ වෙනස් කරන්න වෙයි” කියලා දූෂණය පිටුදැකීම ගැන හොයලා බලන මහාචාර්ය සූසන් රෝස්ඇකමන් ලිව්වා. ඒක කරන්න බැහැ වගේ පෙනුණත් අනිවාර්යයෙන්ම ලොකු වෙනස්කමක් වෙනවා කියලා බයිබලයේ කියනවා.